News Category
From Date
To Date
Maximum Number of Result

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා ගේ පාර්ලිමේන්තු ආසනය වෙනස් කර දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කථානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ඉතිහාසයේ පළමු වරට බන්ධනාගාරයක් තුළ සිදුවූ ගැටුමකදී බන්ධනාගාර නිලධාරීන් මිය ගොස් ඇති බවත්, මෙම සිදුවීම පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ හෝ සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිනොවුනු කරුණු රැසක් ඇති බවත් අන්තර්ජාල වැඩසටහනක දී ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.

බූස්සට රැගෙන යයිමීගමුව බන්ධනාගාරය එකම යුද පිටියක් බවට පත්කළ ගැටුම ආරම්භයට හේතු වූ එහි රැඳවියන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කටුවැල්ලේගම සුරේෂ් නමැත්තා විසින් බව විමර්ශනවලින් හෙළි වී ඇති බව දිවයින පුවත් පත වාර්තා කර තිබේ.

පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නම බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කර තිබේ.

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ බිහිසුණු ලේ වැගිරීම වත්මන් සමාජයේ පවතින සැබෑ ඛේදජනක යථාර්ථය සහ රට තුළ නිර්මාණය වෙමින් පවතින මහා අරාජිකත්වයක ආරම්භක ලකුණක් බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ සැකකරුවකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මේවනවිට අසනීප තත්ත්වයෙන් යුතුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රීට් පෙත්සම් (Writ Application) විභාගය ජූලි 10 වැනිදාට නියමිතව තිබියදී, නඩුවට අදාළව පිටු 600කට අධික අතිශය තීරණාත්මක අතිරේක ලේඛන සහ සාක්ෂි තොගයක් ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

දෙමළ ඩයස්පොරාවෙන් තහනම් කර ඇති පුද්ගලයකුව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ගොස් හමුවී ඇති බවත්, එම හමුවේ ඡායාරූප පවා තමාට ඉදිරිපත් කළ හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පවසයි.

මීගමුව බන්ධනාගාරයේ ගැටුම ආරම්භ වූ ඉරිදා දිනයේ රැඳවියන් දෙදෙනෙකු මියයාම සිදුවූ විට බන්ධනාගාරයේ රඳවා සිටි විදේශීය සිරකරුවන් පිරිසක් හදිසියේම එතැනින් මාරු කර යවා ඇති බවත්, එදිනම මෙම ගැටුමට මූලික වූ පුද්ගලයන් හඳුනාගෙන එම ස්ථානයෙන් ඉවත්කිරීම සිදු නොකළේ මංදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රශ්න කරයි.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ගැටුම පාලනය කිරීම සඳහා පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගැනීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇත්තේ ගැටුම ආරම්භ වී දිනකට පසුව බව අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා අනාවරණය කරයි.


ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.