News Category
From Date
To Date
Maximum Number of Result

පාසල් ගුරුවරුන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ පදික වේදිකාවේ රැඳී සිටිමින් රැය පහන් කරමින් සිට තිබේ.

2025 ජූලි 1 වන දිනය යනු චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) පිහිටුවීමේ 104 වන සංවත්සරය සමරණ දිනයයි. සංවර්ධනය සඳහා සියවසකට වැඩි කාලයක් වෙහෙසෙන ආකාරය ආපසු හැරී බලන විට, චීන ජනතාව අඛණ්ඩව "කළ නොහැකි දේ" "කළ හැකි දේ බවට " බවට පත් කර ඇත්තේ පක්ෂයේ ශක්තිමත් නායකත්වය යටතේ ය.

මේ වසරේ සැප්තැම්බර් මස 08 වැනිදා ආරම්භවීමට නියමිතව ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන අභියෝගය ඉදිරියේ ආණ්ඩුව කටයුතු කරමින් සිටන දුර්වල ආකාරය සහ ආණ්ඩුව තුළ ඇති යටත් වීමේ ප්‍රවනතාව පිළිබඳව අනතුරු අඟවමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මානව හිමිකම් කොමසාරිස්වරයා සමුළුවේදී සිදුකිරීමට නියමිත කතාව සංස්කරණය නොකළ පිටපතක් ලෙස එළියට දමා ඇති බවය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇති බව පොලිසිය පවසයි.

වියට්නාමයේ, අගෝස්තු විප්ලව සැමරුම් දිනය අගෝස්තු 19 වන දින සමරනු ලබන අතර, එය වියට්නාමයේ ජපන් ආධිපත්‍යය අවසන් කළ හෝ චි මිං විසින් මෙහෙයවන ලද 1945 විප්ලවය සිහිපත් කිරීම වෙනුවෙන් වන සැමරුමක් බව වියට්නාම රජය පවසයි.

යෝජිත සහස්දනවි බලාගාරයට අදාළ කැබිනට් පත්‍රිකාවේ ගණනය කිරීම් නොමඟ යවනසුළු සහ සාවද්‍ය බවට ආයතන තුනක් තහවුරු කර ඇතැයි විදුලි පාරිභෝගික සංගමය චෝදනා කරයි.

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම යුරෝපා නායකයින් එක්වන විශේෂ හමුවක් මෙරට වේලාවෙන් අද රාත්‍රියේ ධවල මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

ජනතාවාදී ලෙස කටයුතු කරනවා යැයි කී ආණ්ඩුව රනිල් රාජපක්ෂ පාරේ යමින් සිටින බවත්, සමූපකාරිකයන්ට තමන්ට එපා වූ විට නිලධාරීන් ඉවත් කිරීමේ බලය පනතින් හිමිව ඇති මුත් වත්මාන් ආණ්ඩුව විසින් එම පනතත් වෙනස් කිරීමට උත්සාහ දරණ බවත් සමූපකාර රැකගැනීමේ එකමුතුව පවසයි.

ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතාවගේ යුද්ධයේ ජයග්‍රහණය සමඟ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සමරන දිනයේදී ජපාන පාලකයන්ගේ ෆැසිස්ට් මනස ලෝකයට පෙන්වීම හෙළා දකින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.


ප්‍රධාන පුවත්

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.