News Category
From Date
To Date
Maximum Number of Result

සර්වඥ ධාතු ප්‍රදර්ශනය මෝදි-අනුර සාකච්චා නිසයි ලැබුනේ..- නි. ඇමති

Jan 29, 2026 at 05:46 AM
|

එළඹෙන පෙබරවාරි 04 වැනිදා ඇරඹෙන ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය සඳහා රජයක් ලෙස ලබා දිය හැකි සියලුම පහසුකම් සැලසීමට කටයුතු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසීය.

ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව සම්බන්ධයෙන් (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශාරීරික ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට හිමිව ඇති බවත්, එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන්ට පහසු ලෙස දුම්රිය සහ අනෙකුත් පොදු ප්‍රවාහන සේවා යෙදවීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් අදාළ ආයතන සම්බන්ධ කරගනිමින් සාකච්ඡාවට කිහිපයක් පවත්වා ඇති බවද කීය.

ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව ආරම්භ වන පෙබරවාරි 04 වැනිදා සිට අවසන් වන පෙබරවාරි 11 වැනිදා දක්වා ධාතු වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මෙම සියලු පහසුකම් ලබා දීමට කටයුතු යොදා තිබේ.

දඹදිව සිට මෙරටට වැඩම කරවන ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවක් මෙරට පවත්වන්නේ දිගු කාලයකට පසුව බවත්, පසුගිය වසරේ සිරි දළදා වන්දනාව පැවැත්වීමෙන් ලැබුණු අත්දැකීම් පදනම් කරගෙන මෙවර ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය කිසිදු ගැටලුවකින් තොරව සාර්ථකව පවත්වා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව සඳහා විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා අනුව බැතිමතුන්ගේ භක්තිමත්භාවය වැඩිදියුණු වන ආකාරයට පරිශ්‍රය සූදානම් කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

එමෙන්ම ධාතු වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් ඉතා සංවරව, විනීතව හා පාරිසරිකයට කිසිදු හානියක් සිදු නොවන ආකාරයට එම පරිශ්‍රයේ රැඳී සිටින ලෙසද නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ඉල්ලා සිටියේය.

සම්බන්ධිත පුවත් | Related News

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක සඳහන් කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.
සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි කිං ඛාලිද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉලක්ක කරගනිමින් යළිත් වරක් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.
බුදු දහමට මේතරම් ගරුකරන, සුරක්ෂිත කරන ආණ්ඩුවක් තවත් නැති බවත්, කළින් තිබුනේ හාමුදුරුවන්ගේ ගරුවය නැතිකර කඩේ යවපු ආණ්ඩු බවත් පූජ්‍ය තිස්සව සුමනානන්ද හිමි පවසති.
ජනාධිපතිවරයා මහ නායක ස්වාමීන් වහන්සේලාගේ නියෝජිත ස්වාමීන් වහන්සේලා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා "මගේ කැමැත්ත නීතිය නොවේ" යැයි පවසන බවත්, සුරේෂ් සලේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටින්නේ එසේනම් කාගේ කැමැත්තට දැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරයි.
කළුතර නාගොඩ පිහිටි හෝටලයකට කඩාවැදී එහි හිමිකරු වූ ඩ්‍රැගන් සම්පත් සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කර පලාගිය කුලී ඝාතකයා ඇතුළු තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මඩකළපුව නාවල්අඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කුලී ඝාතකයා කොටි සංවිධානයට සම්බන්ධවී සිටි අයකු බවට සැකයක් මතුවී තිබේ.

ප්‍රධාන පුවත්

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.