News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවේ කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා එළදෙනුන් ලබා දීමට ඉන්දියාව හා පකිස්ථානය යන දෙරටම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟත්වය පළ කර තිබේ.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 මැයි මාසයේදී 0.9% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූනි මාසය සඳහා 1.7%ක් දක්වා වැඩි වී තිබේ.

ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් රාජ්‍ය වියදම් පියවා ගැනීමට මුදල් ණයට ගැනීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රජය ලබා ගත් විදේශ ණය මුදලක් ගෙවීම සඳහා 2023 වසරේදී ඩොලර් එකක් ලබා ගෙන ඇත්තේ රුපියල් 524.6050ක විදේශ විනිමය අනුපාතකියකට බව විගණකාධිපතිවරයා හෙළිකර ඇති බව වාර්තා වේ.

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වෙයි.

දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල, කරාපිටියේ ඉදිකළ ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ.

එක්සත් ජනපද McDonald’s සමාගම ශ්‍රී ලංකාවේ හවුල්කරු සමඟ ගිවිසුම අවසන් කර ඇති බව හා රට තුළ ඇති සියලුම අලෙවිසැල් 12 වසා දමා ඇති බව එම සමාගමේ නීතීඥයෝ රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබේ.‍

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත් වූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකි. ඔහුට බලය ලැබුණේ ජනවරම හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරය අතහැරීමෙන් පසු, පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි. මේ නිසා මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට මේ කරමින් සිටින සහ කිරීමට සැලසුම් කර ඇති බොහෝ දේවල් කිරීමට, මේ රටේ ජනයාගේ සැබෑ ජනවරමක් නැත. ඇත්තවශයෙන්ම මේ තවමත් පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු 69 ලක්ෂයේ ජනවරම මිස අන් කිසිවක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.


ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.