News Category
From Date
To Date
Maximum Number of Result

අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක රැලියට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින්ග් හිටපු ජනාධිපති ට්‍රම්ප් වෙත සිය කනගාටුව ප්‍රකාශ කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශය ඊයේ(14) ප්‍රකාශ කළේය.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ පුද්ගලයා හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ(13) අමෙරිකාවේ පෙනිසිල්වියාවේ බට්ලර් නගරයේ පැවති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු කණේ ලේ පැල්ලම් පෙන්නුම් කරන ඡායාරූප මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්‍රචාරය කරමින් පවතී. ට්‍රම්ප්ට්ගේ ආරක්ෂක නිලධාරීන් ඔහුව ඉක්මනින් වේදිකාවෙන් බිමට බස්සවා ගෙන ගොස් ඇති බවද එම වාර්තා පවසයි.

උමතු දේශපාලන විද්‍යාඥ එම්මානුවෙල් මැක්‍රොන්ගේ කුඩා අත්හදාබැලීමක් ඔහුගේ මුහුණ ඉදිරියේදීම පුපුරා ගියේය. මැක්‍රොන්ගේ රසායනාගාර සහකරු ප්‍රංශ වාමාංශික නායකයාගේ ඉල්ලීම්වලට අනුකූල වීමට මැක්‍රොන් අපොහොසත් වන්නේ නම් ඉල්ලා අස්වන ලෙස දැනටමත් දන්වා යවා ඇත. මැක්‍රොන් දැන් සිටින්නේ ඔහු විසින්ම නිර්මානය කරගත් ප්‍රාණ ඇපකරු තත්වයකය.

බුදුන් වහන්සේ ඉගැන්වූයේ සාමය මිස යුද්ධය නොවන බව, ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට ඉන්දීය ප්‍රජාව අමතමින් පැහැදිලි කරයි.

දෙදින නිල සංචාරයක් සඳහා රුසියාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උණුසුම් ලෙස පිළිගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"රුසියානු-චීන සබඳතා, අපගේ විස්තීර්ණ හවුල්කාරිත්වය සහ උපායමාර්ගික සහයෝගීතාවය ඉතිහාසයේ හොඳම කාල පරිච්ඡේදය පසුකරමින් සිටිනවා මෙන්ම අපි ශක්තිමත් පදනමක් සහිතව නැවත නැවතත් මේ බව ප්‍රකාශ කර තිබෙනවා." වැල්දිමිර් පුටින් පැවසීය. ඔවුන් "සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ එකිනෙකාගේ පරමාධිපත්‍යයට ගරු කිරීම යන මූලධර්ම මගින් මඟ පෙන්වනු ලැබේ" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

බ්‍රිතාන්‍යයේ ඊයේ (04) පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවතියි.

රුසියානු ආයුධ නිෂ්පාදනය අඩපණ කිරීමට බටහිර සම්බාධක අපොහොසත්වී ඇති බව නේටෝ සංවිධානය විසින් අනාවරණය කර තිබේ.


ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.