News Category
From Date
To Date
Maximum Number of Result

යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ සාම්ප්‍රදායික ලෙස පෙර වසරවල මෙන්ම මේ වසරේ දී හෙට (19) පැවැත්වීමට නියමිතව තිබේ.

වසර 30කට අධික කාලයක් මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර අදට (18) වසර 17ක් සපිරේ.

ශ්‍රී ලංකාව ආර්ථික, දේශපාලනික හා භෞමික වශයෙන් යටත් කර ගැනීම සඳහා මාලිමා ආණ්ඩුවේ එකඟත්වය ඇති ව ඉන්දියාව ක්‍රියා කරමින් ඉන්නා ආකාරය පිළිබඳ ව නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක සාධක සහිතව පැහැදිලි කරයි.

ඩීසල් ලීටරයක් රු.720 බැගින් මිලට ගෙන ජනතාවට අඩු මුදලකට අලෙවි කරන බව ජනාධිපති අනුර දිසානායක ප්‍රකාශ කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර සිටියි.

වර්තමාන රජයේ පාලන කාලය තුළ මෙරට ආර්ථිකය දැඩි අගාධයකට ඇද දමා ඇති බවත්, මාස 16ක් වැනි කෙටි කාලයක් තුළ රටේ සමස්ත ණය බර රුපියල් ට්‍රිලියන පහකින් ඉහළ ගොස් ඇති බවත් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මහතා ගමන්ගත් කැබ් රථය ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ආණ්ඩුවට හිතවත් ප්‍රබල ව්‍යාපාරිකයකුට අයත් මහා සමාගමක් විසින් ආණ්ඩුව විසින් වාහන ආනයනය අධෛර්යමත් කිරීම සඳහා 50%ක අධිභාරය පැනවීමට පෙර වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 20ක ණයවර ලිපි බැංකු මගින් ලබාගෙන ඇති බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.