ඉන්දීය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ යයි.. රජය ඉන්දියාව සමඟ හදිසි සාකච්ඡා ඉල්ලයි..
ඉන්දීය රජයේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් වී ඇති ලංසු මිල ගණන්, ඉන්දියාව පොරොන්දු වූ ආධාර මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
මේ හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් ඉන්දීය නියෝජිතයන් සමඟ විශේෂ හමුවක් ඉල්ලා තිබේ.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පද්ධති ඒකාබද්ධ කරන්නා (Master System Integrator - MSI) ලෙස කටයුතු කිරීම සඳහා ඉන්දීය සමාගම් පහක් තාක්ෂණික වශයෙන් සුදුසුකම් ලබා ඇත. Infosys Ltd, Tata Consultancy Services Ltd, Protean e-Gov Technologies Ltd, RailTel Corporation of India Ltd සහ Bharat Electronics Ltd යන එම සමාගම් අතරින්, ඉහළම තාක්ෂණික සහ මූල්‍ය ලකුණු ලබා ගත් සමාගමේ ලංසුව ඉන්දීය රුපියල් බිලියන 7ක් (රුපියල් බිලියන 24.6ක්) පමණ වේ.
එහෙත් ඉන්දීය රජය මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දීමට එකඟ වී ඇත්තේ ඉන්දීය රුපියල් බිලියන 3ක (රුපියල් බිලියන 10.5ක) ආධාර මුදලක් පමණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඩිජිටල් තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා තහවුරු කළේ, ඉදිරිපත් වී ඇති ලංසු මිල ගණන් අපේක්ෂිත මට්ටමට වඩා බෙහෙවින් ඉහළ බවයි.
ඉදිරි පියවර පිළිබඳව තීරණය කිරීම සඳහා ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇති බවත්, තේරීම් සිදු කරනු ලබන්නේ අඩුම මිල මත පමණක් නොව තාක්ෂණික හා වාණිජමය අංශයන්හි ඉහළම ගුණාත්මකභාවය සලකා බලා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ජනාධිපති ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශක හාන්ස් විජයසූරිය මහතා ප්‍රකාශ කළේ, ලංසු මිල ආධාර මුදල ඉක්මවා ගියහොත් දෙපාර්ශවය සාකච්ඡා කර තීරණයකට එළඹිය යුතු බවට දෙරට අතර ඇති අවබෝධතා ගිවිසුමේ ප්‍රතිපාදන පවතින බවයි.
මේ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඇගයීම් කටයුතු තවමත් සිදුවෙමින් පවතින බැවින් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
මෙම ව්‍යාපෘතිය යටතේ දැවැන්ත දත්ත මධ්‍යස්ථාන දෙකක් සඳහා අවශ්‍ය දෘඩාංග සැපයීම, මෘදුකාංග පද්ධති සකස් කිරීම සහ ඇඟිලි සලකුණු හා ඇස්වල තාරකා මණ්ඩල (Iris) පරිලෝකනය කළ හැකි ජෛවමිතික ලියාපදිංචි කට්ටල 900ක් දිවයින පුරා ස්ථාපිත කිරීම සිදු කෙරේ. වසරක කාලයකින් පසු මෙම පද්ධතියේ මෙහෙයුම් කටයුතු දේශීය තොරතුරු තාක්ෂණ සමාගමක් වෙත පැවරීමට නියමිත අතර, ඒ සඳහා වන ටෙන්ඩර් කැඳවීම් ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවත් වාර්තාවේ සදහන්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..