News Category
From Date
To Date
Maximum Number of Result

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වත්මන් පුනරුද රජය නීතිය ක්‍රියාත්මක කිරීමේදී රටේ සෙසු පොදු ජනතාවට එක එක විදියකුත් ගජමිතුරු කූඨ ව්‍යාපාරික පැළාන්තියට තව විදියකුත් වශයෙන් දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරන බවත්, මෙරට දැවැන්ත ව්‍යාපාරික ප්‍රභූ පැලැන්තිය සමඟ එක්ව ව්‍යාජ “නව වාම ප්‍රභූ පන්තියක්” නිර්මාණය කරමින් රටේ ධනය සූරාකෑමේ නිරත වන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා දැඩි ලෙස විවේචනය කරමින් අවධාරණය කරයි. බත්තරමුල්ලේ පිහිටි ඒ මහතාගේ පක්ෂ කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේය.

වෙසක් උත්සව සමයේ එළවලු මිල ඉහළ යැම හේතුවෙන් පාරිභෝගිකයන් මෙන්ම වෙසක් උත්සව සමයේ දන්සල් පවත්වන සංවිධාන හිමියන්ද දැඩි ලෙස අසීරුතාවයට පත් වී ඇත.

එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ වත්මන් ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට රජයට නිල වශයෙන් දැනුම් දී තිබේ.

පසුගිය මාස 18 ක කාලය තුළ උතුරු පළාතේ ස්ථාපිත කර තිබූ හමුදා කඳවුරු ගණනාවක් ඉවත් කර ජනතාවට අයත් විශාල ඉඩම් ප්‍රමාණයක් යළි නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

අමෙරිකාවේ ධවල මන්දිරය අසළ වෙඩි තැබීමක් සිදු කළ සැකකරුවෙකුට එරට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.

මාලිමාවේ වේදිකාවේ සිට ගනිමින් මාලිමාවට ඡන්දය දෙන්න යැයි කියූ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලොක්කා කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මාලිමාව පැත්තට ගෙන ඇති බවත්, රාජපක්ෂලාගේ කාලයේ එසේ කළානම් මාලිමාවේ අය කෑගසිමින් දඟලනු ඇති බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

පූජක වරයකු ලෙස පෙනීසිටින ජීවන්ත පීරිස් නම් පූජකවරයා, ප්‍රැන්සිස් ජෝෂප් නම් පූජකවරයාගේ වාර්තා පදනම්කරගනිමින් සිදුකළ ප්‍රකාශය රටේ සංහිදියාට බාධා පමුණුවන බවත්, කතෝලික පල්ලියට පවා ඔහු විසින් චෝදනාකර ඇති බවත් නීතිඥ ප්‍රියංකර මහගම්මුල්ලගේ මහතා පවසයි.

රට තුළ දැනට පවතින්නේ සැබෑ ඩොලර් අර්බුදයක් නොව, දේශපාලන වාසි තකා ඇතැම් කණ්ඩායම් විසින් මවා පෑ කෘතිම හිඟයක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට සහායවීම සඳහා ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) කණ්ඩායමක් මෙරටට පැමිණ ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.


ප්‍රධාන පුවත්

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.