News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උතුරට ගොස් පැවසූ කතාවෙන් නොකියා කියන්නේ උතුරු පළාත එක් ජන කොටසකට පමණක් අයිති බව හා උතුරේ වැඩ උතුරෙන් බලාගත්තුදෙන් දකුණේ වැඩ අපි බලාගම්මු යැයි හැඟවෙන කතාවක් බවත්, මෙවැනි ප්‍රකාශ නිසා සිදුවන්නේ දකුණෙන් උතුරට යන ජනතාව කෙරෙහි වෛරී සහගත හැගීමක් දෙමළ ජනතාව තුළ ඇති වීම බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ජනාධිපතිවරයා උතුරට ගිය විට උතුරේ ජනයාගේ සහ ඩයස්පෝරාවේ ආකර්ශනය දිනාගන්න උත්සාහ දරන බවත්, ඒ නිසා මෙරට සිටින අනෙක් ජන කොටස්වල අයිතිවාසිකම් ඔහුට අමතක වන බවත් ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපැයුම් අංශය වෙත ඉන්දියාවේ මෑන් ෆාර්මසිඕටිකල් සමාගම (MAAN PHARMACEOTICAL LTD) විසින් සපයන ලද ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත් (ONDANSETRON INJECTION) භාවිත කිරීමෙන් හා ඉන්දියාවේ ඉකෝර් බයෝලොජික්ස් පුද්ගලික සමාගම (ICHOR BIALOGICS PVT-LTD) විසින් සපයන ලද හියුමන් ඉමියුනොග්ලෝබියුලින්, (HUMAN IMMUNOGLOBULIN) එන්නත් භාවිතයෙන් සිදුවූ මරණ පහ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කර වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා හේවගේ සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වෙත ලිඛිතව පැමිණිලි කර ඇත.

ජයවර්ධනපුර රෝහලේ දී නන්දන ගුණතිලක මහතා මට මුල් වතාවට හමුවන්නේ ජනවාරි 8 ඒ මහුගේ වකුගඩු තත්ත්වය පිළිබඳ බලා ගැනීමට මට පැවරෙන නිසාවෙන්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නන්න්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මුලින්ම පාසල් පැමිණි දිනය ඔබට මතකදැයි මොඩියල් 1 සහ 2 හයවෙනි ශ්‍රේණියේ ඉතිහාස පොතේ ප්‍රශ්නයක් අසා ඇති බවත් ඉතිහාසය ලෙස උගන්වන්නේ මේවාදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා රූපවාහිනී සංවාදයක දී ප්‍රශ්න කරයි.

රජය සතු වාහන විවිධ අමාත්‍යාංශ සහ රායතන වෙත ලබාදීමේදී එම වාහනවල ලියාපදිංචි අංක ඇතුළු තොරතුරු ප්‍රසිද්ධ කිරීම මගින් පුද්ගලිකත්වයට හානියක් නොවන බවත්, එවැනි තොරතුරු දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇති බවත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව තීරණය කර ඇත.

ජනාධිපතිවරයා යාපනයේ සිදුකරන ප්‍රකාශ හරහා උතුරේ ජනතාවගේ සහ ඩයස්පෝරාවේ ආකර්ෂණය දිනා ගැනීමට උත්සාහ කරමින් සිටින බවත්, එමඟින් අනෙකුත් ජන කොටස්වලට ඇති අයිතිවාසිකම් පිළිබඳව ඔහුට අමතක වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

2025 වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ මාස නමයක කාලය තුළ දී මෙරට සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 56,992 දක්වා පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.


ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.