පරීක්ෂාවකින් තොරව බහාලුම් දහස් ගාණක් වරාය නිදහස් කරලා.. වැඩේ පටන් අරන් තියෙන්නෙ 2024 මුල් කාලයේ.. ජවිපෙ වෘත්තීය සමිති පාලන අධිකාරියත් එක්ක ගැටුමක - ශමීන්ද්‍රගෙන් ප්‍රභල අනාවරණයක් (වීඩියෝ)
කිසිඳු රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් වරාය පරිශ්‍රයෙන් පිටවීම මේ වන විට රටේ ආන්දෝලනයකට ලක්ව ඇති පසුබිමක මේ සම්බන්ධයෙන් සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව ගැටලුවක් නොමැති බවෙත් එය රජය භාරගන්නා බවටත් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ එම ප්‍රකාශය නියෝජ්‍ය අමාත්‍යවරයා තොරතුරු සොයා බලා පැවසූ ප්‍රකාශයක් ද යන්න ගැටලුවක් බවයි.
මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමේ දී තමන්ද පුදුමයට පත්වූ බවත්, පරීක්ෂාවකින් තොරව මෙසේ බහාලුම් නිදහස් කිරීම ආරම්භ වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටි 2024 මුල් කාලයේ සිට බවත් එහිදී අනාවරණය වූ බව ඒ මහතා පවසයි.
මේ අයුරින් කන්ටේනර් 323ක් නොව දහස් ගණනක් පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් ඔහු පවසයි.
එම කාල සීමාවේ පටන්ම සිදුවූ මෙම සිදුවීම ජනතා විමුක්ති පෙරමුණේ වරාය තුළ ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නොදැන සිටියේ දැයි ගැටලුවක් ඇති බවත්, වෘත්තිය සමිති සහ පාලන අධිකාරිය අතර බරපතළ ගැටුමක් ඇති බව මෙයින් හෙළිවන බවත් ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසයි.
රේගු ගැටලුව පමණක් නොව ඉන්දියාව සමග ගේමක් ගැහුවේ කවුද?, ආණ්ඩුව සුමන්තිරන්ට මෙච්චර ආදරේ ඇයි?, රට්ටු හිනස්සන ආණ්ඩුවේ සංදර්ශන යන කරුණු සම්බන්ධයෙන් ද ඔහු අන්තර්ජාල නාලිකාවක සංවාදයකට එක්වෙමින් අදහස් දක්වා තිබේ.
සවිස්තරාත්මක වීඩියෝව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..