News Category
From Date
To Date
Maximum Number of Result

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසන්නේ වර්තමානය වනවිට ස්ථාවර තැන්පතු සඳහා බැංකු පොලී අනුපාතිකය 7% හෝ 8% දක්වා පහළ යෑම හේතුවෙන් මෙරට වැඩිහිටි ප්‍රජාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි සාලි මහතා ද වග උත්තරකරුවෙකු බව පැවසේ.

රංවලගේ ඉල්ලා අස්වීම සිදු වූයේ විරුද්ධ පක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට හදිස්සි වූ නිසා බව පැහැදිලිය. 17 වැනිදා ප්‍රකාශයක් කරන බවට කියා තිබියදී අද(14) හදිසියේ ඉල්ලා අස්වීම අස්වාභාවිකය. නමුත් මෙම සිදුවීමෙන් අපට ඉතා වැදගත් කරුණු කිහිපයක් කියවා ගත හැකිය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ අශෝක රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වුනත් ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් දින කිහිපයක් ඇතුළත ඉදිරිපත් කරනු ඇති බවයි.

දැනට මෙරටට ආනයනය කර ඇති මෙට්‍රික් ටොන් 2400ක් පමණ වන සහල් ප්‍රමානයෙන් කිලෝ ග්‍රෑම් 75,000ක් පමණ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් යැයිසෞඛ්‍ය අංශ විසින් හෙලි කරගෙන ඇතැයි පුවත් වාර්තා පවසයි.

වසර කිහිපයක් තිස්සේ පැවැති අවිනිශ්චිතභාවයෙන් පිරුණු කාලපරිච්ඡේදයකින් පසුව, නේපාලය සහ චීනය, බීජිං ඉදිරිපත් කරන අනෙකුත් ලෝකය සමඟ සම්බන්ධ කරන නව වෙළඳ මාර්ග සංවර්ධනය කිරීමේ මහා සැලැස්ම වන තීරය සහ මාර්ග මුලපිරීම (BRI) ව්‍යාපෘතිය යටතේ සහයෝගීතාව පිළිබඳ "රාමු සැකිල්ල" පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කර ඇත. නේපාල අගමැති කේපී ෂර්මා ඔලි මේ මස මුලදී කළ බීජිං සංචාරය අතරතුරදී මෙලෙස අත්සන් තැබීමේ කටයුතු සම්පූර්ණ කර ඇත.

හෙට(15) සිට ලබන 17 දක්වා ජනාධිපති කුමාර දිසානායක මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ඉන්දීය ජනාධිපතිවරයාගේ ආරාධනයක් මත මෙම සංචාරය සැලසුම් කර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

පසුගිය 12 වනදා රුසියානු රජයේ ප්‍රදානයක් ලෙස ලැබෙන පොටෑසියම් ක්ලෝරයිඩ් මෙට්‍රික් ටොන් 55,000 ක් භාරදීමේ උත්සවය කොළඹ වරාය භූමියේදී පැවැත්විණි. මෙම පොහොර තොගය 2022 වසරේ මුල් භාගයේ දි ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබුණද බටහිර රටවල් වෙතින් රුසියාවට පැනවූ නීතිවිරෝධී සහ අනවශ්‍ය සම්බාධක හේතුවෙන් ලැට්වියාවේ රීගා වරායේ සිරවී තිබුණි. ශ්‍රී ලංකාව්ට ප්‍රදානය කිරීමට නියමිතව තිබූ පොහොර තොගයට අමතරව වෙනත් පොහොර අව්ශ්‍යතාවය තිබෙන දිළිඳු රටවලට යැවීමට තිබූ පොහොර මෙට්‍රික් ටොන් 260,000කට අධික ප්‍රමාණයක් ද ලැටිවියාවේ රිගා වරායේ සිරවී තිබුණි.

දෙසැම්බර් මාසයේ 19 සහ 20 වැනිදා පැවැත්වෙන වැඩමුළුවක් මගින් දෙමළ ඩයස්පොරාව විසින් සකස්කළ හිමාලයා ප්‍රකාශනය නැතහොත් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ප්‍රමාණයක් රැගත් ලියැවිල්ල භික්ෂූන් වහන්සේලා හත් නමක් යොදා ගනිමින් ජනාධිපතිවරයාට භාරදීමේ සූදානමක් ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.


දේශීය පුවත්

බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි

මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.