ජනාධිපතිගේ ඉන්දීය සංචාරයේදී ඉන්දියාව සමඟ එකඟ වී ඇත්තේ සාම්පූර් ප‍්‍රදේශයේ සුර්ය විදුලි ව්‍යාපෘතියක් ඇතුළු කාරණාවලට බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසයි. ඒ අනුව ජනාධිපති අනුර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී ගිවිසුම් ගණනකට එකඟ වූ බවට විපක්ෂය විසින් නගන චෝදනා අසත්‍ය බව ඇය අවධාරණය කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව සමග රටට අහිතකර ගිවිසුම්වලට එළඹීමේ දී එයට එරෙහිව වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හඬ නැගූ බවත්, 2023 දී ප්‍රකාශකළ කතාවකින් ඔහු චෝදනා කර තිබුනේ ඉන්දියාව නොමැතිව මෙරට කිසිඳු ආර්ථිකමය, දේශපාලනික හා සංස්කෘතිමය තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයකට රනිල් වික්‍රමසිංහ රට පත්කිරීමට කටයුතු කරන බවත් යැයි මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
බෙදුම්වාදීන්ගේ මාර්ග සිතියම අභියස නව විධායක ජනපතිඳුන්ගේ අභියෝගය හෙවත් මහජන සංදේශය විවිධ ජාතික සංවිධාන 55කට ආසන්න නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අද(17) පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙනේදී මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන, මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර, ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් විශ්‍රාමික කර්නල් අනිල් අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් අත්සන් කරනු ලැබීය.
10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත්විය. ඒ අද (17) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුවය. නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ගෙන ආ අතර සභා නායක බිමල් රත්නායක විසින් විසින් එය ස්ථීර කරනු ලැබීය. 10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත්වූ අශෝක රංවල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කථානායක ධුරය පුරප්පාඩුව තිබුණි. මේ අතර සමගි ජන බලවේගයෙන්ද කථානායකවරයෙකු ඉදිරිපත් කරන බවට එම පක්ෂය ප්‍රකාශ කර තිබුණි. නමුත් අද පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී කථානායකවරයෙකු සඳහා නමක් යෝජනා නොකිරීමට ඔවුන් පියවර ගත්තේය.
දේශීය පුවත්
බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
ඉන්දියාවේ කැරපොතු පක්ෂයේ ලොක්කා අත්අඩංගුවට..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..
නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..