News Category
From Date
To Date
Maximum Number of Result

යුක්‍රේනය කෘත්‍රිමව නිර්මානය කළ රටක්!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් එස් දගාරියන්

Feb 13, 2025 at 02:12 PM
|

යුක්රේනය කෘත්‍රිමව නිර්මානය කළ රටක් බවත් යුක්රේනය සෝවියට් සංගමයේ නිර්මාතෘ ව්ලැදිමිර් ලෙනින්ගේ නමින් නම් කිරීමට යෝජනා වූ රටක් බවද ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් එස් දගාරියන් මහතා පවසයි.

යුක්රේනයේ රුසියානු සන්නද්ධ හමුදා විශේෂ හමුදා මෙහෙයුමේ 3 වන සංවත්සරය සහ එහි වත්මන් තත්වය සම්බන්ධයෙන් කරුණු එළිදරව් කිරීම වෙනුවෙන් අද(13) රුසියානු තානාපති කාර්යාලයේදී පැවැති  මාධ්‍ය හමුවකට එක් වෙමින් තානාපතිවරයා එලෙස පැවැසීය. ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

"යුක්රේනය කෘත්‍රිමව නිර්මාණය කරන ලද රාජ්‍යයක්. අපගේ ජනාධිපති ව්ලැදිමිර් පුටින් පැවසූ පරිදි, යුක්‍රේනය යනු සෝවියට් සංගමයේ නිර්මාතෘ ව්ලැදිමිර් ලෙනින්ගේ නමින් නම් කරන ලද රටක්. යුක්‍රේනය මූලික වශයෙන් පිහිටුවන විට, රුසියානු ඉඩම්, එනම් නොවෝරෝසියාද ඇතුළත් වූවා.

1954 දී, එවකට සෝවියට් සංගමයේ නායකයා වූ යුක්රේනියානු ජනවර්ගයට අයත්  නිකිතා කෘෂ්චෙව්, ක්‍රිමියානු වැසියන්ගේ මතය විමසීමකින් තොරව, ක්‍රිමියානු  අර්ධද්වීපය යුක්රේනයට ඈඳුණු ලැබුවා. 1991 දී නිදහස ලැබීමෙන් පසු, යුක්‍රේන ජාතිකවාදී මනසක් සහිත යුක්‍රේන නායකයින් ජනවාර්ගික රුසියානුවන්ගේ අයිතිවාසිකම්   හැකි සෑම ආකාරයකින්ම බලහත්කාරයෙන් උල්ලංඝනය  සිදු කරනු ලැබුවා. මෙම සියලු ක්‍රියාමාර්ග එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින් දිරිමත් කරනු ලැබුවා.

පසුව එම තත්වය නරක අතට හැරුණා. 2008 අප්‍රේල් මාසයේදී බුකාරෙස්ට් හි පැවති නේටෝ සමුළුවේදී, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජික රටවල් යුක්රේනය පිළිගන්නා බවට පොරොන්දු වූ අතර එය රුසියානුවන් වන අපට කිසිසේත්ම පිළිගත නොහැකියි. මම එම අකමැත්හ්ට පැහැදිලි කරන්නම්. ඇමරිකානුවන් එක්සත් ජනපදයේ දේශසීමා අසල රුසියානු මිසයිල දැකීමට අකමැති වනවා සේම, අපගේ දේශසීමා අසල නේටෝ මිසයිල සහ නේටෝ හමුදා ව්‍යුහයන් දැකීමට අපට අවශ්‍ය නැහැ.

2014 දී ඊනියා මයිඩාන් අරගලයෙන් මතුවූ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයෙන් පසුව, ජාතිකවාදී නායකයින් එවකට යුක්රේනය ලෙස හැඳින්වූ ඩොන්බාස්හි සහ ක්‍රිමියාවේ රුසියානු බස කතා කරන අපගේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා බලය යොදා ගැනීම පිණිස පියවර ගැනීමට මෙය අපට බල කරණු ලැබුවා.

ගැටුම විසඳීමට ඇති අභිලාශය මත පදනම්ව, යුක්රේනය, ජර්මනිය සහ ප්‍රංශයේ සහභාගීත්වයෙන් නෝමන්ඩි ආකෘතිය සහිත මින්ස්ක් ගිවිසුම අත්සන් කිරීම මගින් ගැටුම අවසන් කිරීමට රුසියාව එකඟ වූවා. පසුව පෙනී ගිය පරිදි, ෆ්‍රැන්කොයිස් හොලන්ඩ් සහ ඇන්ජෙලා මර්කල්ට ආරම්භයේ සිටම විධිවිධාන ක්‍රියාත්මක කිරීමට කිසිදු අදහසක් නොතිබූ අතර යුක්රේනය මිලිටරිමය වශයෙන් ශක්තිමත් කිරීමට කාලය ලබා ගැනීමට පමණක් ගිවිසුඅම අවශ්‍ය වූවා. විශේෂ හමුදා මෙහෙයුම ආරම්භ වීමට පෙර, ඩොන්බාස් හි රුසියානු භාෂාව  කතා කරන ජනගහනයේ අවශ්‍යතා සහ රුසියානු ආරක්ෂක ගැටළු වලට ගරු කරමින් මෙම ගැටළුව විසඳා ගන්නා ලෙස අපි අපගේ හවුල්කරුවන්ගෙන්, ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදයෙන් නැවත නැවතත් ඉල්ලා සිටියා. කෙසේ වෙතත්, මෙම සියලු උත්සාහයන් අහංකාර ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

2022 පෙබරවාරි 24 වන දින විශේෂ හමුදා මෙහෙයුම දියත් කිරීම හැර වෙනත් විකල්පයක් අපට තිබුණේ නැහැ. ඉන් ටික කලකට පසු, සාකච්ඡා ක්‍රියාවලිය ඉස්තාන්බුල්හිදි  ආරම්භ වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගිවිසුමක් සකස් කිරීම ආරම්භ කරනු ලැබුවා. ගිවිසුමේ අඩංගු ප්‍රතිපාදන යුක්රේනයේ ප්‍රීතියට හේතු වූවා. කෙසේ වෙතත්, එවකට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කියෙව් වෙත පැමිණ ගිවිසුම් වලට එළඹෙන්නේ නොමැතිව අවසාන යුක්රේනියානු ජාතිකයා දක්වා යුද්ධ කරන ලෙස ඉල්ලා සිටියේය.

ඊට අමතරව, 2022 සැප්තැම්බර් අවසානයේ, වොලොදිමියර් සෙලෙන්ස්කි රුසියානු සමූහාණ්ඩුව සමඟ සාකච්ඡා තහනම් කරන ලද නියෝගයකට අත්සන් තබනු ලැබුවා. යුක්රේනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, 2024 මැයි මාසයේදී ඔහුට යුක්‍රේනයේ ජනාධ්පතිවරයා ලෙස කටයුතු කිරීමේ නීත්‍යානුකූලභාවය අහිමි වූ බැවින්, සෙලෙන්ස්කි "කල් ඉකුත් වූ" ජනාධිපතිවරයෙකු බව ද මම අවධාරණය කරනවා.

කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැමිණීමත් සමඟ, නව කවුළුවක් විවෘත වී තිබෙනවා. කෙසේ වෙතත්, එක්සත් ජනපදයෙන් අපට තවමත් කිසිදු බැරෑරුම් යෝජනාවක් අසන්නට ලැබී නැහැ. පළමු පියවර ඇමරිකානු පාර්ශවය විසින් ගත යුතු බවත්, සාකච්ඡා පැවැත්විය යුත්තේ සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ගෞරවය සහ යුද පෙරමුණේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් බවත් යන කාරණ සමඟ අපි ඉදිරියට යනවා.

2024 ජුනි මාසයේදී, විශේෂ හමුදා මෙහෙයුම අවසන් කළ හැකි කොන්දේසි 4ක් ව්ලැදිමිර් පුටින් ගෙනහැර දැක්වූවා. මම ඒවා නැවත වරක් ඔබට මතක් කර දෙන්නම්:

1. යුක්රේනය හමුදාකරණයෙන් ඉවත් කිරීම, යුක්රේනය නිර්නාසිකරණය කිරීම;

2. යුක්රේනයේ මධ්‍යස්ථ, නොබැඳි, න්‍යෂ්ටික බලය නොමැති රාජ්‍යක තත්ත්වය රැක ගැනීම;

3. ක්‍රිමියාව, සෙවාස්ටොපෝල්, ඩොනෙට්ස්ක් ජනරජය (DPR), ලුගාන්ස්ක් ජනරජය (LPR), කෙර්සන් සහ සපොරිෂියා කලාප රුසියාවේ අනිවාර්ය කොටසක් ලෙස පිළිගැනීම;

4. රුසියාවට එරෙහි සියලුම බටහිර සම්බාධක ඉවත් කිරීම.

සෙලෙන්ස්කිට ධූර දැරීමට ඇති නීති විරෝධීභාවය තිබියදීත්, එවැනි ගිවිසුම් ඇති වුවහොත් සහ කවදාහෝ දිනක ඔහුගේ අත්සන පිළිබඳ ප්‍රශ්නය පැන නගින නමුත්, අපි ඔහු සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව මම මේ අවස්ථාවේදී අවධරණය කරනවා.

යුක්රේන අර්බුදය සාමකාමීව විසඳා ගැනීම සඳහා යුරෝපා සංගමයේ සැලසුම්වල එක්සත්කමක් නොමැති බව සැලකිය යුතු කරුණක්. සාකච්ඡා ක්‍රියාවලියට පක්ෂව සිටින ස්ලෝවැකියාව වැනි රටවල් යුරෝපා සංගමයේ තිබෙනවා. නමුත් මෙයට බාධා කරන "උකුස්සන්" ද සිටිනවා: මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, පෝලන්තය, බෝල්ටික් රාජ්‍යයන්, නේටෝ මහලේකම් වැන්නවුන් එම ගනයට වැටෙනවා. යුක්රේනයට අවශ්‍ය තරම් උදව් කිරීමට ඔවුන් සූදානම් බව අපි නිතර නිතර අසා තිබෙන්වා. බටහිර නායකයින් අෂ්රෆ් ඝානි පාලනයට අවශ්‍ය තරම් ආධාර සැපයීමට ඔවුන්ගේ සූදානම නැවත නැවතත් ප්‍රකාශ කළ ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් මම ඔවුන්ගේ හැසිරීම පෞද්ගලිකව අත් විඳ තිබෙනවා. එම පොරොන්දු අවසන් වූයේ කෙසේදැයි අපි දන්නවා. 2021 අගෝස්තු මාසයේදී, තලේබාන් ව්‍යාපාරයේ ප්‍රහාර වලින් නින්දිත පරාජය ලැබීමෙන් පසු ඇමරිකානුවන් සහ ඔවුන්ගේ සහචරයින් රටින් පලා ගියා.

මෙහිදී විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. මින්ස්ක් සහ ඉස්තාන්බුල් ගිවිසුම් සමඟ අප බොහෝ වාරයක් රැවටී තිබෙනවා. එබැවින් සටන් විරාමයක් හෝ ගැටුම අවසන් කිරීම සම්බන්ධයෙන් කතා කළ නොහැකියි. රුසියාවේ සහ යුක්රේනයේ ආරක්ෂාව සහතික කරන කල් පවතින සාමයක් අපට අවශ්‍යයි. එලෙසම වඩාත්ම වැදගත් දෙය නම්: රුසියාව අවසන් නිවේදනය ලෙස පණිවිඩ එවන කිසිදු භාෂාවක් ඉවසන්නේ නැත."

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළ දෙකක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විවේචනවලට චීනයෙන් දැඩි ප්‍රතිචාරයක් – චීනය පිළිබඳ “බොරු නිර්මාණය කර ප්‍රචාරය කිරීම” නවත්වන ලෙස ඉල්ලයි.
යේමනයේ හූති ව්‍යාපාරය හෙවත් අන්සාර් අල්ලාහ් (Ansar Allah) සංවිධානය, සෞදි අරාබියේ ප්‍රධානතම ගුවන් තොටුපොළක් වන රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සෘජු හා නිවැරදි මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කර තිබේ.
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.
පළමු වරට පර්සියානු බොක්ක, හෝමුස් සමුද්‍ර සන්ධිය, ඕමාන් මුහුද හෝ උතුරු ඉන්දියානු සාගරය තුළ කිසිදු ඇමරිකානු නෞකාවක් නොමැති බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ප්‍රකාශ කර තිබේ.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.