News Category
From Date
To Date
Maximum Number of Result

අභිනවයෙන් පත් වූ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පත්වීම භාරගත් පළමු දිනයේ සිටම කිසිදු හේතුවක් නොමැතිව කියුබාවට එරෙහිව චෝදනා එල්ල කරමින් සිටී.

පැරණි ජාතික හැඳුනුම් පතේ මුල් අංක 5 උපන් වසර හා තමන් උපන් දවස වන වනවිට එම අවුරුද්දේ ගෙවීගිය දින ගණන බවත්, ඒ නිසා එම දිනය මානව වර්ගයාගේ අසමසම දිනය වන හෙයින් එය වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවත් 2004 දී ජාතික හැඳුනුම්පත සහ ගමන් බලපත්‍රය උපයෝගී කරගෙන සිදුකළ බිලයන 3. 9ක වැට් වංචාව පිළිබඳව වසර 28ක් තිස්සේ අධ්‍යයනයක නිරත වූ විජය උඳුපිටිය මහතා පවසයි.

ලෝකයේ සුරක්ෂිතම ඩිජිටල්කරණ වැඩ පිළිවෙල ඉන්දියාවේ “ආධාර්“ (Aadhaar) ක්‍රමවේදය බව ජනපති පැවැසුවත් එහි තිබූ මිලියන 815ක ඉන්දියානු පුරවැසියන්ගේ දත්ත හොරකම් කර ඇති බවත් එම නිසා ලංකාවට ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීමට පෙර සිය දහස් වාරයක් කල්පනා කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් අනවසර සංක්‍රමනිකයන් ඉලක්ක කර ගෙන යෑමට නියමිත "Operation Safeguard" මෙහෙයුම ලබන සතියේ චිකාගෝ නගරය ඉලක්ක කර ගනිමින් දැවැන්ත පිටුවහල් කිරීමේ සැලැස්මක් සහිතව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එයට රේගු,ආගමන හා විගමන බලකායේ නියෝජිතයන් 150-200 ක් අතර පිරිසක් සම්බන්ධ වීමට නියමිතය.

මහා පරිමාන මෝල් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවකදී සහල් මෝල් හිමියන් තමන් රැස් කරන තොග එක් කන්නයක සිට අනෙක් කන්නය දක්වා ක්‍රමානුකූලව අඹරා වෙළඳපොළට නිකුත් කරමින් සිටින බව අනාවරණය වූ බවත් ඔවුන් සහල් හෝ වී තොග සඟවාගෙන නැති බව හෙළිදරවූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා පවසයි.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද(22) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ මන්ත්‍රීවරයෙකු සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ එකම ටෙන්ඩරය හතර වතාවක් ප්‍රතික්ෂේප වූ බවට විපක්ෂය නඟන චෝදනා අසත්‍ය බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාදීම සඳහා යම් දේශපාලන පක්ෂයක් විසින් පුද්ගලයකුගෙන් රුපියල් මිලියන 50 ක මුදලක් ලබාගෙන ඇති බවත්,

නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් මහතා විසින් LGBTQIA +++Woke න්‍යාය පත්‍රයට එරෙහිව අභීතව ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට එරෙහිව සහ ගෝලීය වශයෙන් ඊට දෙනු ලබන නායකත්වයට ස්තුතිය පළකරමින් මව්වරුන්ගේ පෙරමුණ අද (21) ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය වෙත ලිපියක් භාරදීමට කටයුතු කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශ කර තිබුණේ රාජපක්ෂට ඔහුගේ නිල නිවසෙන් ඉවත් වන ලෙස හෝ ඒ සඳහා මාසිකව රුපියල් මිලියන 4.6ක කුලියක් ගෙවීමට සිදුවන බවයි. මෙම සිද්ධියෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිනපතා ඉංග්‍රීසි පුවත්පතකට අදහස් දක්වා තිබේ.


දේශීය පුවත්

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

22 සංශෝධනය ගැන ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවත් කියන්න දන්නේ නැහැ.. - නාමල්

"22 වෙනි සංශෝධනය ගැන ඔබ අවංකව ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවත් කියන්න දන්නේ නැහැ. මොකද ගරු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස දික් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි හේතුවක් ආණ්ඩුවට දෙන්න විදියකුත් නැහැ, ​දැන් අධිකරණයේ පවතින නඩු වල විභාග කිරීම කඩිනම් කරන්න ඕනේ නම්, ගරු විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීම තුළ ඒක වෙන්නේ නැහැ කියලා ඕන කෙනෙක් දන්නවනේ. එහෙමනම් දැනට තියෙන පුරප්පාඩු පුරවන්න ඕනේ. තව පැත්තකින් අලුතෙන් අධිකරණ පිහිටුවන්න ඕනේ. ඉතින් ඒ දෙක නොකර කාලය දික් කරා කියලා ඒකට විසඳුමක් ලැබෙනවා කියන එක නම් ඉතින් කිසිම කෙනෙක්ට විශ්වාස කරන්න බැහැ. ඉතින් මං හිතන්නේ ඒ සංශෝධනය ගේන්නේ ඇයි කියලා ආණ්ඩුව දන්නෙත් නැහැ. ජනාධිපතිවරයා දන්නවද කියන්න මං දන්නේ නැහැ" යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය

මහනාහිමිවරු ජනපතිට යොමුකළ ලිපිය ලැබුණා.. - ඇමති නලින්ද

අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බවට දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලැබුණු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (11) පැවසීය.

දූෂණ චෝදනාවකට රාජිතට අධි චෝදනා..

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබේ.

22 සංශෝධනයට එරෙහිව නඩු දමන්න යයි..

අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය විසින් ගෙන ඒමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

අරුණාචල් ප්‍රදේශ් හි ස්ථාන 27ක් සඳහා ඉන්දියාව නිකුත් කර ඇති නාමකරණ ක්‍රියාවලියට චීනයේ විරෝධය..

මතභේදයට තුඩු දී තිබෙන දේශ සීමා ප්‍රදේශයක පිහිටි අරුණාචල් ප්‍රදේශ් හි ස්ථාන 27ක් සඳහා ඉන්දියාව නිකුත් කර ඇති ඊනියා “සම්මත නාමකරණය” නීතිවිරෝධී හා වලංගු නොවන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

විනිසුරු වයස ගැන මහනායක හිමිවරු ජනපතිට යැවූ ලිපිය නිකායක හිමි නමක් මැදිහත් වී නතර කරලා.. - පූජ්‍ය අක්මීමන දයාරතන හිමිගෙන් අනාවරණයක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියට සිදුවූයේ කුමක්දැයි පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ප්‍රශ්න කර සිටියි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.