කටාර් රාජ්‍යයේ ඇමරිකානු හමුදා කඳවුරකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු රුසියාව අපට සහාය දක්වන බව පැවසූවා- ඉරාන ආරක්ෂක අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරාල් අසීස් නසීර්සාදී
ඉරාන ආරක්ෂක අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරාල් අසීස් නසීර්සාදී සහ ඔහුගේ රුසියානු සහචරයා ඊයේ(23) රාත්‍රියේ කරනු ලැබූ දුරකථන සාකච්ඡාවකදී "ආක්‍රමණිකයන්ට" එරෙහිව දෙරටෙහි උපායමාර්ගික පෙළගැස්ම තහවුරු කළ බවත්, ඉරානයේ ස්වෛරීභාවයට මෑත කාලීනව එල්ල කළ ප්‍රහාර සඳහා වගකිව යුතු අයට දඬුවම් කිරීමට සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට පොරොන්දු වී ඇතැයි ටෙහෙරාන් ටෛම්ස් පුවත් පත පවසයි.
ඉරාන රාජ්‍යට අයත් භූමි ප්‍රදේශයට එක්සත් ජනපද සහාය ලත් ඊශ්‍රායල "ඉරානය ඊශ්‍රායලය ප්‍රකෝප කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් තත්වයක් තුළ එල්ල කළ ප්‍රහාරයෙන්" පසුව කලාපීය ගැටුම් උත්සන්න වෙමින් තිබියදී ඉහත කී සාකච්ඡාව පැවැත්වූ බවද ටෙහෙරාන් ටෛම්ස් පුවත් පත පවසයි.
ඉරාන රජයට සහ ජනතාවට රුසියාවේ "පැහැදිලි සහයෝගය" ප්‍රකාශ කරමින්, ජ්‍යෙෂ්ඨ ඉරාන හමුදාපතිවරුන් සහ සිවිල් වැසියන් ඝාතනය කළ ඊශ්‍රායල පාලන තන්ත්‍රය එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් රුසියානු ආරක්ෂක අමාත්‍ය ඇන්ඩ්‍රි බෙලූසොව් දුරකතන සාකච්ඡාව ආරම්භ කළේය.
ඉරාන විදෙශ ඇමති නසීර්සාදී සාකච්ඡාවට ආවතීර්ණ වූවේ ඉරානයේ අධිෂ්ඨානය අවධාරණය කරමින්: "අපි සටන් කරන්නේ සියොන්වාදී තන්ත්‍රයට පමණක් එරෙහිව නොවන බව ස්ථිරයි; එක්සත් ජනපදය සහ තවත් ජාතීන් කිහිපයක් ඊශ්‍රායල පාලන තන්ත්‍රයට සහාය දක්වනවා. අපගේ තීරණය ස්ථිරයි. අපි ආක්‍රමණිකයාට අපගේ සියලු ශක්තිය යොදා දඬුවම් කරනවා.ඒ වගේම අපි යෝජනා කරන ලද ඕනෑම ඊනියා සාමයක් ප්‍රතික්ෂේප කරනවා." යනුවෙන් පැවසූ බවද ටෙහෙරාන් ටෛම්ස් පුවත් පත අවධාරණය කරයි.
"ඊනියා සාමය" ඉරාන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරමින් අදහස් දැක්වූ අතර එම අදහස් "බලහත්කාරයෙන් ඒක පාර්ශවීය එළඹි යුද්ධය" සහ "ඊනියා සාමය" යන දෙකම ප්‍රතික්ෂේප කළ ඉස්ලාමීය විප්ලවයේ නායක අයතුල්ලා සෙයිද් අලි කමේනිගේ මෑතදී නිකුත් කළ පණිවිඩයෙන් ප්‍රකාශ කළ පරිදිම, බාහිර පීඩනයට ඉරානය දක්වන අඛණ්ඩ ප්‍රතිරෝධය දක්වන බවට කළ ප්‍රකාශය සමඟ සමපාත වන බවද පුවත් පත පවසයි.
ඉරාන ආරක්ෂක අමාත්‍යවරයා කලාපීය අස්ථාවරත්වයේ ප්‍රධාන මූලාශ්‍රය ලෙස එක්සත් ජනපදය හඳුනා ගත් අතර, "අප රාජ්‍යන් දෙකට එකට එක්වී කලාපය සහ ලෝකය පුරා සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා උත්සාහ කළ හැකිය" යනුවෙන් ප්‍රකාශ කර බවද පුවත් පත අවධාරණය කරයි.
පිළිතුරු වශයෙන්, බෙලූසොව් වොෂින්ටනය ඉරානයට එල්ල කළ ප්‍රහාර සඳහා යොදාගත් න්‍යෂ්ටික අවි කඩතුරාව ප්‍රතික්ෂේප කරමින් අනතුරු ඇඟවූ බව වාර්තා කරන පුවත් පත, "ඔවුන්ගේ සැබෑ අරමුණ ඉස්ලාමීය ජනරජය දුර්වල කිරීම සහ කලාපය පුරා අවුල් සහගත තත්ත්වය පැතිරවීමයි. රුසියාව සියලු වර්ධනයන් නිරීක්ෂණය කරමින් ඉරානයට සහාය වනවා." යනුවෙන් ප්‍රකාශ බෙලූසොව් කළ බවද අවධාරණය කරයි
ජූනි 21 වන දින GBU-57 බංකර්-බස්ටර් බෝම්බ භාවිතා කරමින් එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිහිටි ෆෝර්ඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් වෙත ප්‍රහාර එල්ල කළේය.
ස්ථාවරත්වය සඳහා වන අන්‍යෝන්‍ය කැපවීම අවධාරණය කරමින් සාකච්ඡාව අවසන් වූ බව පවසන ටෙහෙරාන් ටෛම්ස් පුවත් පත එක්සත් ජනපදයේ ක්‍රියාමාර්ග ලෝකය "ඉතා භයානක ඉමකට" තල්ලු කරන බවට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෑතකදී කළ ප්‍රකාශය මගින් ශක්තිමත් වූ බවද පවසයි.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඊයේ(23) මොස්කව් වෙත කළ සංචාරයෙන් පසුව ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සම්බන්ධීකරණය ඇති වූ අතර සංචාරයේදී ඉරාන විදේශ අමාත්‍යවරයා රුසියානු ජනාධිපති පුටින්ද හමුවිය.
ඔවුන් දෙපල ක්‍රෙම්ලිනයේදි කළ සාකච්ඡාවේදී , පුටින් ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ එක්සත් ජනපද ප්‍රහාර " ඉරානය විසින් කිසිදු ප්‍රකෝප කිරීමකින් තොරව සිටියදී කළ ආක්‍රමණයක්" ලෙස හෙළා දුටුවේය. එලෙසම රුසියාව "ඉරාන ජනතාවට සහාය වීමට උත්සාහ කරන" බවටද පොරොන්දු විය.
"අද රුසියාව ඉතිහාසයේ සහ ජාත්‍යන්තර නීතියේ නිවැරදි පැත්තේ සිටිනවා" යනුවෙන් ප්‍රකාශ කරමින්, අයතුල්ලා කමේනි සහ ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්ගේ සහයෝගීතාවයේ පණිවිඩ රුසියානු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්කරමින් ඉරාන විදෙශ අමාත්‍ය අරග්චි රුසියාව ගත් ස්ථාවරයට ප්‍රශංසා කළේය.
මෙම රාජ්‍ය තාන්ත්‍රික හුවමාරුව පසුගිය ජනවාරි මාසයේදී අත්සන් කරන ලද වසර 20 ක පුළුල් සහයෝගීතා ගිවිසුම තුළ විශේෂ අන්‍යෝන්‍ය ආරක්ෂක විධිවිධාන නොමැති වුවද ආරක්ෂාව, බලශක්තිය සහ මූල්‍ය හරහා ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කළේය .
Defence Minister says Russia supports Iran after airstrikes on US base in Qatar
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා