News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ‍්‍රායල-ඉරාන ගැටුම නැවැත්වීමට මැදිහත්වන ලෙස ඉල්ලමින් ජාතික සංවිධාන එකමුතුවෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාට ලිපියක්..

Jun 23, 2025 at 02:40 PM
|

ඊශ‍්‍රායලය විසින් ඉරානයට පහර දීමෙන් ආරම්භ කළ යුද්ධය මානව ඛේදවාචකයක් වීමට පෙර මැදිහත් වන ලෙස ඉල්ලමින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත ජාතික සංවිධාන එකමුතුව විසින් ලිපියක් යොමුකර තිබේ.

මෙම ලිපිය මගින් ජාතික සංවිධාන එකමුතුව පෙන්වා දී ඇත්තේ ඊශ‍්‍රායල-ඉරාන ගැටුම නැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සතු බලතල නිෂ්චිත ක්ෂණික වැඩපිළිවෙලක් මත ක‍්‍රියාත්මක නොකළහොත් මේ සියවසයේ දරුණුතම මානව ඛේදවාචකය වලක්වා ගැනීමට ශක්තියක් නොමැති වූ මහලේකම් වරයා ලෙස  ඉතිහාසගත වෙනු ඇති බවයි.

අදාළ ලිපියේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් පහළින්..

ගරු නේවාසික නිත්‍ය නියෝජිත,

එක්සත් ජාතින්ගේ කොළඹ කාර්යාලය,

මගින්

ගරු මහලේකම් තුමා,

එක්සත් ජාතින්ගේ සංවිධානය,

එක්සත් ජාතින්ගේ මහලේකම් කාර්යාලය,

නිව්යෝක්,

අමෙරිකා.

ගරු මහලේකම් තුමනි,

ඊශ‍්‍රායල පාර්ශවය විසින් ඉරානයට පහර දීමෙන් ආරම්භ කළ යුද්ධය මානව ඛේදවාචකයක් වීමට පෙර මැදිහත් වන ලෙස කරණු ලබන ඉල්ලීමයි

ඉරානය විසින් යුරේනියම් මූල ද්‍රව්‍ය බල ගන්වමින් න්‍යෂ්ඨික අවි තැනීමට ආසන්නව සිටිතැයි පවසමින් ඊශ‍්‍රායලය පසුගිය ජූනි 6 වෙනිදා ඉරානයට අයත් භූමියට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කරමින් ඉරානයේ ඉහළ පෙළේ හමුදා නිලධාරින් ඇතුළුව ඉරාන න්‍යෂ්ඨික විද්‍යාඥයන් කිහිප දෙනෙකුද මරා දමමින් අනවශ්‍ය යුද්ධයක් ආරම්භ කරනු ලැබීය. මැද පෙරදිග කලාපයේ ස්ථාවරභාවයට ප‍්‍රභල තර්ජනයක් එල්ල කරමින් ඇරඹි මේ යුද්ධය වහම නතර නොකළොත් සියවසයේ  දැවැන්තම මානව ඛේදවාචකය වීම වළැක්විය නොහැකි බව අපගේ දැඩි විශ්වාසය වන්නේය.

වසර 2003 දී ඉරාකයේ එවකට ජනාධිපති සදාම් හුසේන් විසින් මානව විනාශකාරී රසායනික ආයුධ අත්පත් කර ගෙන සිටින්නේ යැයි පවසමින් ඉරාකයට ඇතුළු වූ අමෙරිකානු හමුදා ඉන් පිට වූයේ ”අපි ඉරාකය ගල් යුගයට ගෙන ගියා” යන මානව ශිෂ්ඨාචරයට කළ හැකි දැවැන්තම අවමානය කරමින් බව ඔබ තුමා වෙත සිහිපත් කරමු.

අමෙරිකාව ඉරානය සහ ඊශ‍්‍රායලය අතර ඉරාන න්‍යෂ්ඨික අවි හරනය සම්බන්ධයෙන් මාස දෙකක(දින 60ක * කාල රාමුවකට යටත්ව සිදු කළ සාකච්ඡුා අවසන් වී දිනක් ඇතුළත ඊශ‍්‍රායලය විසින් මෙම ප‍්‍රහාරය එල්ල කිරීම මගින් ඊශ‍්‍රායල මෙවැනි ප‍්‍රහාරයකට කල්තබා සූදානම්ව සිටි බව තහවුරු වන බව ඔබ තුමාටද පැහැදිලි වනු ඇති බව අපගේ විශ්වාසයයි.

පසුගිය මාර්තු මාසයේදී, අමෙරිකා එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂිකා තුල්සි ගැබාර්ඞ් අමෙරිකානු සෙනෙට් බුද්ධි කමිටුවක් ඉදිරියේ සාක්ෂි දෙමින් කියා සිටියේ ඉරානය න්‍යෂ්ටික අවියක් ගොඩනඟන්නේ නැති බවත්, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි 2003 දී ඔහු විසින් අත්හිටුවන ලද න්‍යෂ්ටික අවි වැඩසටහනට අවසර දී නොමැති බවත් අමෙරිකානු බුද්ධි ප‍්‍රජාව විසින් තහවුරු කරන බවයි.

ඊට අමතරව ඉරානය විසින් අන්තර්ජාතික අවිහරණ ගිවිසුමට අත්සන් තබා ඇති අතර ඊශ‍්‍රායලය එයට අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කර තිබේ. එලෙසම ඉරානය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට තම රට තුළ න්‍යෂ්ඨික අවි සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට ඉඩ දී ඇති අතර ඊශ‍්‍රායලය එය ප‍්‍රතිෂේප කර ඇත. ඒ අනුව ඉරානය සතුව න්‍යෂ්ඨික අවි නොමැති අතර ඊශ‍්‍රායලය සතුව න්‍යෂ්ඨික අවි 75ත් 400ත් අතර ප‍්‍රමානයක් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. මේ අනුව ඉරාන-ඊශ‍්‍රායල ගැටුම තුළ පවතින අගතිගාමී මානව විරෝධී වුවමනාව හොඳින්ම පැහැදිළි වන බව අපි ඔබ තුමා වෙත අවධාරණය කරමු.

තත්වය මෙලෙස පවතිද්දී ඔබ තුමා ඔබ තුමාගේ සමාජ මාධ්‍ය ගිණුමෙහි මෙසේ ලියා තිබේ: ”ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ‍්‍රායල බෝම්බ හෙලීම, ටෙල් අවිව්හි වෙත එල්ල කෙරෙන ඉරාන මිසයිල ප‍්‍රහාර වල ප‍්‍රමාණවත් උත්සන්න වීම නැවැත්වීමට කාලයයි. සාමය සහ රාජ්‍ය තාන්ත‍්‍රිකභාවය පැවතිය යුතුය.”

ඒ අනුව ඔබ තුමා මෙම ගැටුම දිගටම පැවතියහොත් සිදුවන මානව බෙදවාචකයේ තරම අවබෝධ කරගෙන ඇති බව අපගේ දැඩි පිළිගැනීම වන්නේය.

එහෙත් සමාජ ජාලා ගිනුමෙහි පණිවිඩ තැබීමෙන් ඔබ්බට ගොස් ඊශ‍්‍රායල-ඉරාන ගැටුම නැවැත්වීමට ඔබ තුමා සතු බලතල නිෂ්චිත ක්ෂණික වැඩපිළිවෙලක් මත ක‍්‍රියාත්මක නොකළහොත් මේ සියවසයේ දරුණුතම මානව ඛේදවාචකය වලක්වා ගැනීමට ශක්තියක් නොමැති වූ මහලේකම් වරයා ලෙස ඔබ තුමා ඉතිහාසගත වෙනු ඇති බවද කණගාටුවෙන් වුවද ප‍්‍රකාශ කරමු.

මෙයට විශ්වාසී,

ආචාර්ය ගුණදාස අමරසේකර,

කැඳවුම්කරු,

ජාතික සංවිධාන එකමුතුව

සම්බන්ධිත පුවත් | Related News

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.
කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ප්‍රධාන පුවත්

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.