මෙක්සිකෝ සිටි (ස්පුට්නික්) - කියුබානු රජය BRICS සමූහයේ හවුල් රටක් ලෙස සම්බන්ධ කරගන්නා ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ලිපියක් යවමින් නිල ඉල්ලීමක් කර ඇතැයි වාරතා වේ. මොස්කව් දැනට සංගමයේ සභාපතිත්වය දරන බැවින් ඔවුන් මගින් මෙම ඉල්ලීම කළ බව කියුබානු විදේශ අමාත්‍යාංශයේ ද්විපාර්ශ්වික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාලෝස් පෙරේරා පවසයි.
තාක්‍ෂණය, ආරක්‍ෂක උපකරණ නිෂ්පාදනය සහ යටිතල පහසුකම් අතින් චීනය ඉන්දියාව අභිබවා යන බව පසුගිය 01 දා එනම් ඉන්දීය ගුවන් හමුදා දිනය සැමරුමට පෙර ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ප්‍රකාශ කළේය. එයට ප්‍රතිචාර වශයෙන් අදහස් දක්වමින් ඉන්දියාව සිය හමුදා සංවර්ධනය කටයුතු වලදී චීනය ප්‍රතිවාදියෙකු ලෙස නොසැලකිය යුතු බව චීන විශේෂඥයෝ ඊයේ(07) ප්‍රකාශ කළහ.
සීමාසහිතPort Qasim Electric Power Company (Private) Limited ආයතනයට අනුයුක්තව සේවය කරන චීන කාර්ය මණ්ඩලය රැගත් රථ පෙළකට ඊයේ(06) රාත්‍රී 11 ට පමණ කරච්චි හි ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසලදී එල්ල වූ ප්‍රහාරයකින් චීන ජාතිකයන් දෙදෙනෙකු මිය ගොස් එක් අයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ප්‍රහාරයෙන් පකිස්තාන ජාතිකයන් කිහිප දෙනෙකුද තුවාල ලබා ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව එළඹ ඇති ගිවිසුමේ අහිතකර බව ගැන දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ජන අරගල සන්ධානය විසින් ඊයේ (06) දින නුගේගොඩ දී පවත්වනු ලැබුවේය. එහිදී අදහස් දක්වමින් ජන පෙරටුගාමී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පුබුදු ජයගොඩ මහතා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මේවනවිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපතියටත් එහාට ගොස් ඇතැයි පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ,
මොස්කව් පරිපාලනය,තලේබාන් සංවිධානය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරන බව ඇෆ්ගනිස්ථානයේ රුසියානු ජනාධිපති නියෝජිත Zamir Kabulov ඊයේ(04) මාධ්‍යවේදීන් අමතමින් පැවසීය. ත්‍රස්තවාදී තර්ජනවලට එරෙහිව සටන් කිරීමේ වගකීම දරන Federal Security Service (FSB) හි ප්‍රධානියා වන Aleksandr Bortnikov විසින් ද මෙම ප්‍රවෘත්තිය තහවුරු කරන ලද බව රුසියානු පුවත් සේවා පවසයි. 2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසු තලේබාන් රජය සමඟ සම්බන්ධතා ඇති කර ගත් පළමු ජාතීන් අතර මොස්කව් ද වන බව එම ප්‍රවෘත්ට්ති වාර්තා වැඩිදුරටත් පවසයි. කෙසේ වෙතත් රුසියාව එම කණ්ඩායම රටෙහි පාලන බලවේගය ලෙස නිල වශයෙන් මෙතෙක් පිළිගෙන නොමැත.
යුරෝපා සංගමයේ රටවල් අද දින චීන විද්‍යුත් වාහන සඳහා අමතර තීරුබදු පැනවිය යුතුද යන්න පිළිබඳව ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් වන අද(04) දිනය විට ඊට විරෝධය නැගෙන්නට පටන් ගෙන තිබේ. අද(04) ඡන්දයේදී ජර්මනිය චීන විද්‍යුත් වාහන සඳහා තීරුබදු පැනවීමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කරන බව රොයිටර් පුවත් සේවය ඊයේ(03) වාර්තා කළේ, මේ සම්බන්ධයෙන් දැනුම්වත් පුද්ගලයින් උපුටා දක්වමිනි. ජර්මානු රජයේ ප්‍රකාශකයෙකු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ බව ද රොයිටර් වාර්තා කළේය.
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි