News Category
From Date
To Date
Maximum Number of Result

"The Island" පුවත් පතේ ලින් ඔකර්ස් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නන් විසින් මෙහෙයවනු ලබන්නෙක්දැයි සැකයි - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය

Oct 31, 2024 at 03:12 PM
|

අද (31)  "The Island" පුවත් පතේ පලවූ "Economic stress set to heighten globally as conflicts rage (ගැටුම් උග්‍ර වන විට ගෝලීය වශයෙන් ආර්ථික පීඩනය ඉහළ යයි)" ලිපියේ සඳහන් සාවද්‍ය කරුණු සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය සිය නොසතුටට පළ කර සිටියි. 

එලෙසම එම ලිපියේ සාවද්‍ය නිගමන රාශියක් තිබෙන බවද පවසයි. 

අද (31) ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා සිටියි. 

නිවේදනය මගින් ලිපිය ලියන ලද ලින් ඔකර්ස් මහතා පළ කර ඇති සාවද්‍ය කරුණු නිවැරදි නොකරන්නේ නම්  ඔහු කුමන හෝ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නන් විසින් මෙහෙයවනු ලබන බව ඔප්පු වනු ඇතැයි පවසයි.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සිංහල පරිවර්තනය පහළින්...

"The Island" පුවත් පතේ පලවූ "Economic stress set to heighten globally as conflicts rage (ගැටුම් උග්‍ර වන විට ගෝලීය වශයෙන් ආර්ථික පීඩනය ඉහළ යයි)" ලිපිය සම්බන්ධවයි

අද (31) "The Island" පුවත් පතේ පලවූ ලින් ඔකර්ස් මහතා රචනා කරන ලද Economic stress set to heighten globally as conflicts rage (ගැටුම් උග්‍ර වන විට ගෝලීය වශයෙන් ආර්ථික පීඩනය ඉහළ යයි) නමින් පළවූ  සම්ප්‍රදායිකව තරමක් ආන්දෝලනාත්මක නවතම ලිපියක් කෙරෙහි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අවධානය යොමු කරන ලද්දේය. ගෝලීය වශයෙන් අත්‍යාවශ්‍ය ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන ඔහු ගැඹුරු විග්‍රහයක් කිරීමට සහ සම්පූර්ණ සත්‍ය කතා කිරීමට අවධානය යොමු නොකිරීම තරමක් බලාපොරොත්තු සුන් කරවන්නකි.

ලින් ඔකර්ස් මහතාගේ බොහෝ විග්‍රහයන් සහ තක්සේරු කිරීම් පාඨකයාගේ ඇහිබැම ඉහළ නැංවිමට හේතුවේ. විශේෂයෙන්ම, "අද ලෝකයේ සිදුවෙමින් පවතින බොහෝ ප්‍රධාන යුද්ධ සහ ගැටුම්වල කොටස්කරුවන් වන්නේ රුසියාව සහ චීනය" බව ඔහුගේ ප්‍රකාශය ප්‍රශ්නකාරි ප්‍රකාශයක් වන්නේය. මෙම ප්‍රකාශය නිවැරදි නොවනවා පමණක් නොව සියළු ව්‍යසනයන්ගේ සැබෑ මහ මොළකරු අපේ ලෝකයේ බොහෝ කලාපවල සිදුවන යුද ගැටුම්වල ප්‍රතිලාභියා වන ඇමරිකා එක්සත් ජනපදය පිළිබඳව සඳහන් කිරීමට ද ඔහුට මග හැරෙයි.

 මේ සම්බන්ධයෙන් ඔකර්ස් මහතාට ඔහුගේ වෘත්තීය රාජකාරි නිසි ලෙස ඉටු කිරීමට උපකාර විය හැකි රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකාරෝවා මහත්මිය විසින්  මෑත කාලීනව කළ ප්‍රකාශය පිළිබඳව සන්ඳහන් කිරීමට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මෙහිලා සූදානම් බව ප්‍රකාශ කරමු.

“ඊශ්‍රායලය ඉරාන භූමියට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා (ඔක්තෝබර් 25-26) ඊශ්‍රායලය විසින් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සම්බන්ධීකරණය කළ බව අපට පැහැදිලියි. වොෂින්ටනය සහ එහි සහචරයින් ගනනාවක් මෙම භයානක කටයුත්තෙන් ඊශ්‍රායලය වැළක්වීමට උත්සාහ කිරීම හෝ ඊශ්‍රායලය නැවැත්වීමට කිසිවක් කිරීම හෝ නොකර සිටියා  පමණක් නොව, ඊට පටහැනිව යමින් ඊශ්‍රායලයට එවැනි පියවරක් ගැනීමට අයිතියක් ඇතැයි තහවුරු කිරීමට විවිධ ආකාරවලින් ප්‍රකාශ කළහ. වොෂින්ටනය නිතිපතා ඊශ්‍රායෙල්වරුන්ට ආයුධ සපයනු ලබන්නේය. ඇත්ත වශයෙන්ම, බටහිරයන් හිතාමතාම මැද පෙරදිග නව වටයක ගැටුම් උත්සන්න කිරීමක් අවුලුවා ඇත. ඊට අමතරව, අපට ලැබුණු සාක්ෂි අනුව, ඇමරිකානුවන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා අවශ්‍ය බුද්ධි තොරතුරු ඊශ්‍රායලයට ලබා දුන්හ.

එවැනි ක්‍රියා කලාපය තුළ යුද ආතතිය  තුරන් කිරීමට තුඩු නොදෙනවා පමණක් නොව යුද ආතතිය වැඩි කිරීමටද හේතු වන එවැනි ක්‍රියා හෙළා දැකීමට භාජනය වන සෘණාත්මක තක්සේරුවක් ලැබිය යුතු වන්නේය."

දැනටමත් පලස්තීනුවන් 40,000 කට වැඩි පිරිසකගේ ජීවිත බිලිගෙන ඇති ගාසා තීරයේ ගැටුම පිළිබඳව ද ඔකර්ස් මහතා අදහස් දක්වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එසේ නොවුවහොත්, ඔහු කුමන හෝ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නන් විසින් මෙහෙයවනු ලබන බව ඔප්පු වනු ඇත.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය

31.10.2024



සම්බන්ධිත පුවත් | Related News

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.
ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.
මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත් කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්වරයා තීරණය කර තිබේ.
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ප්‍රධාන පුවත්

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.