කියුබාවට අත නොතබනු!එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ලෝක ජනයා ඇමරිකාවට තදින් කියයි

දශක හයකට වැඩි කාලයක් කියුබාවට එරෙහිව වොෂින්ටනය පනවා ඇති සම්බාධකවලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව නැවත වරක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඊයේ(30) ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කළේය. ඒ සමඟම අමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී, සිය ලෝක ජනමතයට හිස නොනමන බවට වන ඔවුන්ටම ආවේනික සටහනද තබනු ලැබීය.
එම සැසියේදී ජෝ බයිඩන් පරිපාලනයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා උත්පත්තියෙන්ම බිහිරි පුද්ගලයෙකු බව ලොවට පෙන්නුම් කිරීමද විශේෂිත සිද්ධියකි. කියුබාවට එරෙහිව එක්සත් ජනපදයේ ආර්ථික, වාණිජ සහ මූල්‍ය අවහිර කිරීම අවසන් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ යෝජනාවට පක්ෂව රටවල් 187 ක් අනුමත කිරීම පවා නොසලකා හැරීමට අමෙරිකාව කටයුතු කළේය.
යුක්ති සහගත කළ නොහැකි දේ යුක්ති සහගත කිරීම වෙනුවෙන්, අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයා වොෂින්ටනය බලාත්මක කරන ඒකපාර්ශ්වික වැටලීම පවත්වා ගැනීම සඳහා මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ පුහු තර්කය පුනරුච්චාරණය කිරීමටද ඔහු වග බලා ගත්තේය.
මේ වන විට තිස් දෙවන වරටත් පුනරාවර්තනය වෙමින් පවතින මෙම අභ්‍යාසයේ දී අමෙරිකා එක්සත් ජනපදය තමාගේ අතිජාත මිතුරා වන ඊශ්‍රායලය සමඟ හුදකලා විය. අමෙරිකා එක්සත් ජනපදයේ අනෙක් මිතුරා වන මෝල්දාව ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

එලෙසම ඊයේ(30) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසිවාරය අතරතුර, බොහෝ රටවල කථිකයන් කියුබාවේ කීර්තිය උද්දීපනය කළ අතර, කියුබාව එහි භූගෝලීය ප්‍රමානයෙන් ඔබ්බට ගොස් සදාචාරත්මක වශයෙන් ලෝකය ඉදිරියේ යෝධයෙකු වී ඇති බව අවධාරණය කළහ.
ලංකා ලීඩ් වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බොලිවේර්යානු සහයෝගිතාවයේ සම්බන්ධීකරණ ලේකම් ජීවන්ත මහතාගෙන් විමසනු ලැබීය .
පහත පළ වන්නේ ඔහුගේ අදහස්ය,
"අමෙරිකා එක්සත් ජනපදය කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාර තිස් දෙකකදී ලෝක ප්‍රජාව යෝජනා සම්මත කරනු ලැබ තිබෙනවා. නමුත් ඒ එක වාරයකදීවත් අමෙරිකාව ලෝක ජනමතයට හිස නැමීමට කටයුතු කළේ නැහැ.මෙවර අමෙරිකාව සමඟ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ඊශ්‍රායලය පමණයි. ඊශ්‍රායලය යනු අප මේ සාකච්ඡා කරන මොහොතේදීත් පලස්තීන දරුවන්ගේ හිසට බෝම්බ දමන රටක්. අමෙරිකාව ඒ සඳහා ඊශ්‍රායලයට අපූරු සහයෝගයක් ලබා දෙනවා. කියුබාව සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ අමෙරිකානු නායකයන්ගේ හැසිරීම අන්ත මානව විරෝධියි. කියුබාව සම්පත් බහුල රටක් නොවෙයි. ඔවුන්ට ඇත්තේ සදාචාරත්මක බලය පමණයි. තම රටේ පුරවැසියා තුල වන එකමුතුකමේ ශක්තිය පමණයි. ජාතිය මුහුණ දෙන ඕනෑම අභියෝගයකදී එකාවන්ව නැගී සිටීමේ ගුණය පමණයි. කියුබානු ජනයා සතු මේ සියලු ගුණයන් අමෙරිකාව සතු දැවැන්ත අවි බලයෙන් අළු දූලී කළ හැකි යයි අමෙරිකාව සිතනවා. නමුත් සිදුවී තිබෙන්නේ එහි අනික් පැත්තයි. අමෙරිකාවේ දැවැන්ත අවි බලය කියුබානුව සතු මානව ගුණය විසින් පරාජය කර තිබෙනවා. නමුත් අමෙරිකාවට පරාජය භාර ගැනීමට තරම් නිහත්මානි බවක් නැහැ. භූමියේ වර්ග ප්‍රමානයෙන් කුඩා මානව ගුණයෙන් ඉතාම පොහොසත් සමාජවාදි කියුබානු රාජ්‍යයේ ආරක්ෂාව සහ එහි යහ පැවැත්ම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය ලෝක ජනයා සමඟ අත් වැල් බැඳ ගන්නවා. එලෙසම එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය අනුමත කළ යෝජනාවට හිස් නමන ලෙස මහත් ඕනෑකමින් අමෙරිකානු එක්සත් ජනපද ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.එලෙසම එළඹෙන ජනාධිපතිවරනයේදී අමෙරිකානු ජනාධිපති තනතුර අපේක්ෂා කරන අපේක්ෂකයන්ට කියුබාවට පනවා ඇති සම්බාධක ඉවත් කරගන්නා බවට ප්‍රකාශ කරන ලෙසට බල කරන ලෙස අමෙරිකානු පුරවැසියාගෙන් ඉල්ලා සිටිනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්