ෂෙයික් හසීනා යළි බංග්ලාදේශයට පැමිණියහොත් අත්අඩංගුවට ගැනීමට තීරණයක්..
හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා යළි බංග්ලාදේශයට පැමිණියහොත් ඇය අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන බව එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ෂාමා ඔබේද් ඉස්ලාම් පවසයි.
ලබන දෙසැම්බර් මාසයේදී යළි සිය මව්රටට පැමිණීමට ෂෙයික් හසීනා සැලසුම් කර ඇති පසුබිමක බංග්ලාදේශයේ දේශපාලන උණුසුම සහ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
2024 වසරේදී බංග්ලාදේශයෙන් පලාගිය ෂෙයික් හසීනා මේ වනවිට ඉන්දියාවේ රැඳී සිටින අතර, දෙරට අතර පවතින උදර්පණ ගිවිසුමට අනුව ඇය යළි බංග්ලාදේශයට භාරදෙන ලෙස එරට රජය ඉන්දියාවෙන් ඉල්ලා තිබේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව සඳහන්.
2024 වසරේ පැවති මහජන විරෝධතා හමුවේ බලයෙන් පහ වූ ෂෙයික් හසීනාට බංග්ලාදේශයේදී මරණ දඬුවම නියම කර ඇති අතර, ඇයගේ අවාමි ලීග් පක්ෂය ද තහනම් කර තිබේ.
එම විරෝධතා අතරතුර පුද්ගලයින් 1,400ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර ඇත්තේ.
යළි බංග්ලාදේශයට පැමිණීම සඳහා නව විදේශ ගමන් බලපත්‍රයක් සහ හැඳුනුම්පතක් ලබාගැනීමට ෂෙයික් හසීනා කළ ඉල්ලීම් ද එරට රජය ප්‍රතික්ෂේප කර ඇත.
මේ අතර, ඇයගේ නැවත පැමිණීමට සහාය පළ කරමින් අවාමි ලීග් පක්ෂයේ ආධාරකරුවන් විරෝධතා මාලාවක් ආරම්භ කර තිබුණි.
පසුගිය දින 10 තුළ බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක 28ක පමණ බෝම්බ පිපිරීම් සහ රථවාහනවලට ගිනි තැබීමේ සිද්ධීන් රැසක් වාර්තා වී ඇති අතර, ඉන් පොලිස් නිලධාරීන් සහ සිවිල් වැසියන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බංග්ලාදේශ රජය සහ අවාමි ලීග් පක්ෂය එකිනෙකාට චෝදනා එල්ල කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..