ආරුගම්බේ ප්‍රහාර සැලසුම ත්‍රස්ත ප්‍රහාරයක් බව නිරීක්ෂණය වී නැහැ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
ආරුගම්බේ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට සැලසුමක් ඇති බවට වාර්තා වූ තොරතුරු, හුදෙක් ඊශ්‍රායල ජාතිකයක් ඉලක්ක කර සැලසුම්කළ ප්‍රහාරයක් බව දැනට සිදුකෙරෙමින් පවතින විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
දෙරණ රූපවාහිනියේ වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.
කෙසේ නමුත් මෙම ප්‍රහාර සැලසුමේ ඉලක්කය ඊශ්‍රායල නොවන විදෙස් ජාතිකයන්, ශ්‍රී ලාංකිකයන් හෝ වෙනත් කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවට තොරතුරු හෙළිවී ඇති බව හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.
මේ වනවිට එම ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
"විටින් විට ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ. ඒ අත්අඩංගුවට පත්වීම හරහා තමයි අපට මේ පිළිබදව තවදුරටත් ආරක්ෂාවක් යොදවන්න ඕන කියන එක අනාවරණය වුණේ. පෙරේදා දිනයේදී අමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනය නිකුත් කරන්න කලින් දවසේ රාත්‍රියේ සිට පොතුවිල් පොලිස් බලප්‍රදේශය තුළ අපි ආරක්ෂාව යොදවලා තිබුණේ. පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලීසිය, බුද්ධි අංශ, හමුදාව මෙන්ම නාවික හමුදාව පවා මුහුදේ සංචාරවලට යොදවලා තිබුණේ".
"අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරලා තියෙන්නේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කරන්න එපා කියලා. ඒ හැරෙන්න ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න එපා කියලා අනතුරු ඇඟවීමක් කරලා නැහැ".
"ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි ප්‍රහාරයේ ස්වභාවය අනුව එය ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා මෙතෙක් අපට නිරීක්ෂණය වෙලා නෑ. මැදපෙරදිග කලාපයේ තිබෙන යුදමය තත්ත්වය නිසා ඊශ්‍රායල ජාතිකයන්ට ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකේ කොතැනක වුවත් අනතුරුදායක ස්වභාවයක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් ඉලක්ක කරගත් ප්‍රහාරයක් කියල තමයි ආවේ. ඒ හැරෙන්න වෙනත් රටක විදෙස් ජාතිකයෙක් ඉලක්ක කරගෙන හෝ ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගෙ හෝ වෙතක් කඩාකප්පල්කාරී සිද්ධියක් නෙමෙයි".
"කෙසේ නමුත් මෙම ප්‍රහාරය කුමන ආකාරයයෙන් වෙනවද කියන එක ගැන තහවුරුවීමක් නැහැ. ප්‍රහාරය ගැන මුල සිට පරීක්ෂණ සිදුකරලා යම්කිසි තහවුරු කිරීමක් කරගත්තා. ඒ නිසා අවසන් දිනවන විට පිරිමි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පුළුවන් වුණා. මේ සියලුදෙනා ශ්‍රී ලාංකිකයෝ. රඳවාගෙන ප්‍රශ්න කරලා නිවැරදි තොරතුරු අනාවරණය වූ පසු ඒ පිළිබඳ අවස්ථාවක මාධ්‍යයට ලබාදීමේ හැකියාව තියෙනවා. නමුත් සමහර මාධ්‍යවල ව්‍යාජ තොරතුරු සඳහන් වුණා. ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තේ".
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්