
ආරුගම්බේ ප්‍රහාර සැලසුම ත්‍රස්ත ප්‍රහාරයක් බව නිරීක්ෂණය වී නැහැ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
ආරුගම්බේ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට සැලසුමක් ඇති බවට වාර්තා වූ තොරතුරු, හුදෙක් ඊශ්‍රායල ජාතිකයක් ඉලක්ක කර සැලසුම්කළ ප්‍රහාරයක් බව දැනට සිදුකෙරෙමින් පවතින විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
දෙරණ රූපවාහිනියේ වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.
කෙසේ නමුත් මෙම ප්‍රහාර සැලසුමේ ඉලක්කය ඊශ්‍රායල නොවන විදෙස් ජාතිකයන්, ශ්‍රී ලාංකිකයන් හෝ වෙනත් කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවට තොරතුරු හෙළිවී ඇති බව හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.
මේ වනවිට එම ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
"විටින් විට ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ. ඒ අත්අඩංගුවට පත්වීම හරහා තමයි අපට මේ පිළිබදව තවදුරටත් ආරක්ෂාවක් යොදවන්න ඕන කියන එක අනාවරණය වුණේ. පෙරේදා දිනයේදී අමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනය නිකුත් කරන්න කලින් දවසේ රාත්‍රියේ සිට පොතුවිල් පොලිස් බලප්‍රදේශය තුළ අපි ආරක්ෂාව යොදවලා තිබුණේ. පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලීසිය, බුද්ධි අංශ, හමුදාව මෙන්ම නාවික හමුදාව පවා මුහුදේ සංචාරවලට යොදවලා තිබුණේ".
"අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරලා තියෙන්නේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කරන්න එපා කියලා. ඒ හැරෙන්න ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න එපා කියලා අනතුරු ඇඟවීමක් කරලා නැහැ".
"ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි ප්‍රහාරයේ ස්වභාවය අනුව එය ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා මෙතෙක් අපට නිරීක්ෂණය වෙලා නෑ. මැදපෙරදිග කලාපයේ තිබෙන යුදමය තත්ත්වය නිසා ඊශ්‍රායල ජාතිකයන්ට ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකේ කොතැනක වුවත් අනතුරුදායක ස්වභාවයක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් ඉලක්ක කරගත් ප්‍රහාරයක් කියල තමයි ආවේ. ඒ හැරෙන්න වෙනත් රටක විදෙස් ජාතිකයෙක් ඉලක්ක කරගෙන හෝ ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගෙ හෝ වෙතක් කඩාකප්පල්කාරී සිද්ධියක් නෙමෙයි".
"කෙසේ නමුත් මෙම ප්‍රහාරය කුමන ආකාරයයෙන් වෙනවද කියන එක ගැන තහවුරුවීමක් නැහැ. ප්‍රහාරය ගැන මුල සිට පරීක්ෂණ සිදුකරලා යම්කිසි තහවුරු කිරීමක් කරගත්තා. ඒ නිසා අවසන් දිනවන විට පිරිමි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පුළුවන් වුණා. මේ සියලුදෙනා ශ්‍රී ලාංකිකයෝ. රඳවාගෙන ප්‍රශ්න කරලා නිවැරදි තොරතුරු අනාවරණය වූ පසු ඒ පිළිබඳ අවස්ථාවක මාධ්‍යයට ලබාදීමේ හැකියාව තියෙනවා. නමුත් සමහර මාධ්‍යවල ව්‍යාජ තොරතුරු සඳහන් වුණා. ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තේ".
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
