
ජනපති අනුරගේ ජයග්‍රණයේ රහස ජාතික සංවිධාන හෙළිකරයි (වීඩියෝ)
ජනපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති පදවියට පත්කිරීම වෙනුවෙන් ජනතාව ලබාදුන් ජනවරම ආරක්ෂා කිරීමට ජාතික බලවේගව වශයෙන් වගකීමක් ඇති බවත්, එම ජනවරම ලබාදුන් ජනතාවගේ අපේක්ෂා ඉටුවනවාද නැද්ද යන්න සොයා බැලීමට අයිතියක් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවක දී ඒ මහතා පැවසුවේ කවරෙක් ජනාධිපති වූව ද අභියෝග රැසකට මුහුණ දීම අනිවාර්යෙන් සිදුවන බවත්, ආර්ථික ගැටලුවෙන් ගොඩ ඒමට නම් වෙළෙඳ හිඟය අනිවාර්යෙන් වෙනස් කිරීමට සිදුවන බවත් ය.
1977 සිට පැවතගෙන ආ ආර්ථික ක්‍රමවේදයේ ගැඹුරු වෙනස්කම් සිදු නොකර මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පහසු නැති බවද පවසන වසන්ත බණ්ඩාර මහතා, ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කරයි.
එමෙන්ම අමෙරිකාව සහ ඉන්දියාව ප්‍රමුඛ ජාත්‍යන්තර බලවේගයන් මෙරටට සිදුකරනු ලබන බලපෑමේ ස්වභාවය ජනාධිපතිවරයා ඉතා ගැඹුරින් අවබෝධ කරගත යුතු බවත්, ජාතික ජනබලවේගය ලෙස එම පක්ෂය අභ්‍යන්තරයේ සිටින ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගය ලෙස පිටින් සම්බන්ධ කරන ලද කණ්ඩායම යන කණ්ඩායම් දෙක අතර පවතින මතවාදීමය වෙනස ද ජනාධිපතිරයා අවබෝධ කරගෙන සිටීම වැදගත් බවත් වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ අතීත භාවිතාව සහ එම ප්‍රතිපත්තියට ආදරය කළ සහ එය අනුමත කළ විශාල පිරිසක් මෙහි සිටින බවද, රෝහණ විජේවීර මහතා ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරන්නේ මෙරට සභ්‍යත්වයේ මූලයන් හොඳින් හඳුනාගෙන බවද ඒ මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ අතීත භූමිකාවත් සමග ඇති වූ එම ගෞරවනීය බවට ජනතාව තුළ ප්‍රසාදයක් පවතින බවත්, මෙවර මැතිවරණයේ දී එම වාසිය ඔවුන්ට හිමි වූ බවත් වසන්ත බණ්ඩාර මහතා පැහැදිලි කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
