
පණිවුඩකරුවන්ට වෙඩි තබන්න එපා‼️
මේ සටහන බුද්ධියේ විමසුමටයි
ඊයේ මම දැක්කා කාදිනල්තුමා කියනවා උදය ගම්මන්පිළ පෙන්නපු වාර්ථාව එයා පිළිගන්නේ නෑ, එයා පිළිගන්නේ සිරිසේන පත්කරපු ගෝඨාභය අවසන් කරපු ජනාධිපති කොමිසමේ නිර්දේශ විතරයි කියලා.
හරි ‼️
අපි කාදිනල් තුමාට කියනවා ජයකි අල්විස් හැදුව, උදය ගම්මන්පිළ රටට ඉදිරිපත් කරපු රනිල් මාළිමාවෙන් සහ රවී සෙනවිරත්නගෙන් පළිගන්න හැදුවා කියන වාර්ථාව පිළි ගන්න එපා. ‼️
හැබැයි ඒකේ මතුකරන ප්‍රබලම කාරණය ගැන අපට සහ රටට ඔබ ඇත්තද බොරුවක්ද කියලා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මාධ්‍ය සාකජ්චාවකට ගෙනැත් සනාථ කරවන්න.
ඒ තමයි,
🔴 විදේශීය බුද්ධි අංශයක් විසින් කතෝලික පල්ලි වලට ප්‍රහාරයක් එල්ලකරන බව සහ එයට සම්ඉන්ධ අයගේ පුර්ණ විස්තර සහිතව එවකට CID යට ලැබුන ලිපිය රවී සෙනවිරත්නගෙ, මේසය උඩ සතියක් තිබුනේ නැති බව.
🔴 ඒ එක්කම ඔහු අති රහසිගතයි ලෙස ලැබෙන ලිපි ඔහු නැතුව විවෘත නොකරන්න වාචික අණක් දී තිබුනේ නැති බව.
ඔය මේසය උඩ ලිපිය තිබුනා කියන සතියේ තමයි ප්‍රහාරයට යන අය මරාගෙන මැරෙන බව වීඩියෝ පටිගත කලේ කාන්තකුඩි ඉදන් කොළඔට බෝම්බ ගෙනාවේ.
ඒ ලිපිය සතියක් මේසය උඩ පරීක්ෂා නොකර නොතිබ්බා නම්
කාදිනල්ට මහා මොළකාරයෙක් අද හොයන්න ඕන නෑ ‼️
කතෝලිකයන් 270 ගණනක් මැරෙන්නෙත් නෑ.‼️
මේ වාර්ථාවේ විදේශීය බුද්ධි අංශයකින් ලැබුන රහසිගත ඔත්තුවට අදාල ලේඛණ මේසයක් උඩ සතියක් පැල වෙලාද නැද්ද රවී සෙනවිරත්න ලවා රටට කියවන්න. ඒ ඇති.📍
එහෙම නම් එදාට මේ රටෙි මිනිස්සු බොරු ලේඛණ හදලා ඉදිරිපත් කලාට ජයකි අලිවිස් මහත්මියට එරෙහිව අධිකරණයට යයි.
උදය ගම්මන්පිළ ඒවා රටට පෙන්නලා මහජන කැළඹීමක් කරන්න හැදුවාට එරෙහිව අධිකරණයට යයි .
ඒ වගේම මේ කාරණා ඇත්ත නම් කතෝළික ජනතාවට, කාදිනල් තුමාට, රනිල් වික්‍රමසිංහ, ජයකි අලිවිස්, උදය ගම්මන්පිළ කරලා තියෙන්නේ උපකාරයක් බව පිළිගන්නත් ඕන.
රටේ ජනතාවට ඕන මේ ගම්මන්පිළ සමාජගත කළ වාර්තාව එක්ක වීරයෝ හැදෙනවාද බලන්න නෙවෙයි.
මේ මතු කරපු කාරණය ඇත්තද නැද්ද යන්න දැනගැනීමයි. ‼️
මේ කාරණය ඇත්ත නම් පාස්කු ප්‍රහාරයට වගකීම් පැහැර ඇරිය කෙනෙක් මුලිකයා කරගෙන පාස්කු ප්‍රහාරය ගැන කරන අළුත් විමර්ශණයකින් ඇත්ත වැහිලා සැබෑ අපරාධකාරයා වැහිලා වෙනත් කෙනෙකු හෝ කණ්ඩායමක් හිරේ යන්න සමාජ අපවාදයට ලක්වෙන්න පුළුවන්.
මොකද ඒ තරම් ලොකු වගකීමක් පැහැර ඇරිය අයෙක් නිදොසේ වෙලා. මේකේ සාධාරණය ගන්න බෑ.
අපි කාදිනල්ට බලකර කියා සිටිනවා,
ඔබ රවී සෙනවිරත්න අතින් මේ වගකීම පැහැර හැරුනා කියන කාරණය රටට ඔහු ලවාම ඇත්තද නැද්ද ප්‍රකාශ කරවන්න කියන එක.
ඒ සරළ කාරණය ඇත්තද නැද්ද වග රටට කියන්න කියන එක කතෝලික ජනතාවට කියන එකට ජනාධිපති අනුර යොමු කිරීම කාදිනල්ගේ වගකීම.
ඒ නැතුව
පණිවුඩකරුවන්ට වෙඩි තබන්න එපා ‼️
එය ඔබතුමාගේ නිළයට ශීලයට ගැලපෙන්නේ නෑ.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
