පණිවුඩකරුවන්ට වෙඩි තබන්න එපා‼️
මේ සටහන බුද්ධියේ විමසුමටයි
ඊයේ මම දැක්කා කාදිනල්තුමා කියනවා උදය ගම්මන්පිළ පෙන්නපු වාර්ථාව එයා පිළිගන්නේ නෑ, එයා පිළිගන්නේ සිරිසේන පත්කරපු ගෝඨාභය අවසන් කරපු ජනාධිපති කොමිසමේ නිර්දේශ විතරයි කියලා.
හරි ‼️
අපි කාදිනල් තුමාට කියනවා ජයකි අල්විස් හැදුව, උදය ගම්මන්පිළ රටට ඉදිරිපත් කරපු රනිල් මාළිමාවෙන් සහ රවී සෙනවිරත්නගෙන් පළිගන්න හැදුවා කියන වාර්ථාව පිළි ගන්න එපා. ‼️
හැබැයි ඒකේ මතුකරන ප්‍රබලම කාරණය ගැන අපට සහ රටට ඔබ ඇත්තද බොරුවක්ද කියලා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මාධ්‍ය සාකජ්චාවකට ගෙනැත් සනාථ කරවන්න.
ඒ තමයි,
🔴 විදේශීය බුද්ධි අංශයක් විසින් කතෝලික පල්ලි වලට ප්‍රහාරයක් එල්ලකරන බව සහ එයට සම්ඉන්ධ අයගේ පුර්ණ විස්තර සහිතව එවකට CID යට ලැබුන ලිපිය රවී සෙනවිරත්නගෙ, මේසය උඩ සතියක් තිබුනේ නැති බව.
🔴 ඒ එක්කම ඔහු අති රහසිගතයි ලෙස ලැබෙන ලිපි ඔහු නැතුව විවෘත නොකරන්න වාචික අණක් දී තිබුනේ නැති බව.
ඔය මේසය උඩ ලිපිය තිබුනා කියන සතියේ තමයි ප්‍රහාරයට යන අය මරාගෙන මැරෙන බව වීඩියෝ පටිගත කලේ කාන්තකුඩි ඉදන් කොළඔට බෝම්බ ගෙනාවේ.
ඒ ලිපිය සතියක් මේසය උඩ පරීක්ෂා නොකර නොතිබ්බා නම්
කාදිනල්ට මහා මොළකාරයෙක් අද හොයන්න ඕන නෑ ‼️
කතෝලිකයන් 270 ගණනක් මැරෙන්නෙත් නෑ.‼️
මේ වාර්ථාවේ විදේශීය බුද්ධි අංශයකින් ලැබුන රහසිගත ඔත්තුවට අදාල ලේඛණ මේසයක් උඩ සතියක් පැල වෙලාද නැද්ද රවී සෙනවිරත්න ලවා රටට කියවන්න. ඒ ඇති.📍
එහෙම නම් එදාට මේ රටෙි මිනිස්සු බොරු ලේඛණ හදලා ඉදිරිපත් කලාට ජයකි අලිවිස් මහත්මියට එරෙහිව අධිකරණයට යයි.
උදය ගම්මන්පිළ ඒවා රටට පෙන්නලා මහජන කැළඹීමක් කරන්න හැදුවාට එරෙහිව අධිකරණයට යයි .
ඒ වගේම මේ කාරණා ඇත්ත නම් කතෝළික ජනතාවට, කාදිනල් තුමාට, රනිල් වික්‍රමසිංහ, ජයකි අලිවිස්, උදය ගම්මන්පිළ කරලා තියෙන්නේ උපකාරයක් බව පිළිගන්නත් ඕන.
රටේ ජනතාවට ඕන මේ ගම්මන්පිළ සමාජගත කළ වාර්තාව එක්ක වීරයෝ හැදෙනවාද බලන්න නෙවෙයි.
මේ මතු කරපු කාරණය ඇත්තද නැද්ද යන්න දැනගැනීමයි. ‼️
මේ කාරණය ඇත්ත නම් පාස්කු ප්‍රහාරයට වගකීම් පැහැර ඇරිය කෙනෙක් මුලිකයා කරගෙන පාස්කු ප්‍රහාරය ගැන කරන අළුත් විමර්ශණයකින් ඇත්ත වැහිලා සැබෑ අපරාධකාරයා වැහිලා වෙනත් කෙනෙකු හෝ කණ්ඩායමක් හිරේ යන්න සමාජ අපවාදයට ලක්වෙන්න පුළුවන්.
මොකද ඒ තරම් ලොකු වගකීමක් පැහැර ඇරිය අයෙක් නිදොසේ වෙලා. මේකේ සාධාරණය ගන්න බෑ.
අපි කාදිනල්ට බලකර කියා සිටිනවා,
ඔබ රවී සෙනවිරත්න අතින් මේ වගකීම පැහැර හැරුනා කියන කාරණය රටට ඔහු ලවාම ඇත්තද නැද්ද ප්‍රකාශ කරවන්න කියන එක.
ඒ සරළ කාරණය ඇත්තද නැද්ද වග රටට කියන්න කියන එක කතෝලික ජනතාවට කියන එකට ජනාධිපති අනුර යොමු කිරීම කාදිනල්ගේ වගකීම.
ඒ නැතුව
පණිවුඩකරුවන්ට වෙඩි තබන්න එපා ‼️
එය ඔබතුමාගේ නිළයට ශීලයට ගැලපෙන්නේ නෑ.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..