උතුරු කොරියාවෙනුත් AI.. අපෙන් ..?
බටහිර මාධ්‍යවලින් පතුරුවන ටොම් පච ඒ විදිහට ම ගිලින අපේ සමහරු හිතන විදිහට උතුරු කොරියාව තරම් දුප්පත්, හුදකලාවෙච්ච, අධිකාරීවාදී පාලනයකට යටවෙච්ච තවත් රටක් මේ ලෝකයේ නෑ. ඒත් ඇත්ත කතාව ඊට වඩා හුඟක් වෙනස් එකක්. පහුගිය දවස්වල (ඔක්තෝබර් 19 – 30 කාලයේ), ප්‍යුං-යං (Pyongyang) අගනුවර පවත්වපු “තොරතුරු තාක්‍ෂණ ජයග්‍රහණ ජාතික ප්‍රදර්ශනය” (National Exhibition of IT Successes) විසින් උතුරු කොරියාවේ ඇත්ත කතාව තවත් විදිහකට පෙන්නුවා. ඒ, තමන්ගේ ම AI මාදිලියක් එළිදැක්වීමෙන්.
කිම් ඉල් සුං විශ්වවිද්‍යාලය (Kim Il Sung University) විසින් “ප්‍රඥාවේ උල්පත” (Fountain of Wisdom) කියන නමින් කෘත්‍රිම බුද්ධි සංවාද රොබෝ (AI Chatbot) පද්ධතියක් නිර්මාණය කරලා. විද්‍යාව සහ තාක්‍ෂණය පිළිබඳ ප්‍රශ්නවලට උත්තර දීමේ හැකියාවක් මේ සංවාද රොබෝ පද්ධතියට තියෙනවා.
“ප්‍රඥාවේ උල්පත” ප්‍රදර්ශනය කරපු තැන එල්ලලා තිබිච්ච බැනරයේ “අපේ පන්නයේ ජනක AI මාදිලියක් හදාගැනීම” (Development of Our Style Generative AI Model) කියලා සඳහන් කරලා තිබුණා. කොරියානු භාෂාවේ “우리식” (Urisik) යෙදුමෙන් “අපේ ක්‍රමයට” එහෙමත් නැතිනම් “අපේ රටට / අපේ සංස්කෘතියට ගැළපෙන” කියන අදහස ප්‍රකාශ කෙරෙනවා. උතුරු කොරියාවේ වැඩවල දී, මේ “අපේ ආකාරයේ” කියන යෙදුම නිතර නිතර යොදාගන්නවා. දේශීයව, තමන්ගේ ම දෙයක් නිර්මාණය කරගැනීමේ වැදගත්කමයි මේ යෙදුම පාවිච්චි කිරීමෙන් උතුරු කොරියානු ආණ්ඩුව පෙන්නන්නේ.
2025 ජූලි මාසයේ දී, කිම් ඉල් සුං විශ්වවිද්‍යාලයේ තොරතුරු විද්‍යා පීඨය (Faculty of Information Science) “කෘත්‍රිම බුද්ධි තාක්‍ෂණ පර්යේෂණ ආයතනය” (Artificial Intelligence Technology Research Institute) කියලා නම් කෙරුවා. උතුරු කොරියානු ආණ්ඩුව මේ අංශයේ සංවර්ධනය සම්බන්ධයෙන් දක්වන උනන්දුව ඒ වෙනසෙනුත් පැහැදිළිවෙනවා.
උතුරු කොරියාව මීට කලින් තමන්ගේ ම ජංගම දුරකථන, ලැප්ටොප්, සහ මෙහෙයුම් පද්ධති හදලා තියෙනවා. ඒත් මේ සිරිලංකාවේ අපි කැටපෝලයක්වත් හදන්නේ නෑ.
උතුරු කොරියාවේ ජනගහනය දෙකෝටි හැට හය ලක්‍ෂයක් විතර ඇති. අපේ සිරිලංකාවේ ජනගහනයත් ඒ කිට්ටුවෙන් ම (දෙකෝටි දාහත් ලක්‍ෂයක්) දක්වලා තියෙනවා. ඇමෙරිකාව ඇතුළු බටහිර අධිරාජ්‍යවාදී රටවල් උතුරු කොරියාවට සම්බාධක මහ ගොඩක් පනවලා තියෙනවා. අපිට එහෙම බාධාවක් නෑ. අපිට ලෝකයේ හොඳ ම තාක්‍ෂණයට, විවෘත ආකෘතිවලට, සහ ඉහළ මට්ටමේ අධ්‍යාපන ආයතනවලට සම්බන්ධවෙන්න පුළුවන්. අපිට වගේ නිදහසක් නැති, සම්බාධකවලින් පීඩාවට පත් කරලා තියෙන රටක් තමන්ගේ ම AI පද්ධතියක් හදලා ලෝකයට ම පෙන්නද්දි, කිසිම බාධාවක් නැති අපි තාමත් හුදෙක් ම තාක්‍ෂණ පරිභෝජකයෝ සහ සේවා සපයන්නෝ පිරිසක් බවට පත්වෙලා ඉන්නේ ඇයි?
බටහිර අධිරාජ්‍යවාදී රටවල් අපිට වෙළෙඳ, ආර්ථික, තාක්‍ෂණික සම්බාධක පනවලා නැති බව ඇත්ත. හැබැයි යටත්විජිත වහල්කමින් මිදෙන්න බැරිවෙලා තියෙන හින්දා අපි විසින් අපිට ම මානසික (චින්තන) සම්බාධක පනවාගෙන ඉන්නවා.
අධිරාජ්‍යවාදී බලපෑම්වලට ජනතා සාමූහිකත්වයේ බලය බිඳදාන්න බෑ. චීනය, වියට්නාමය, ඉරානය, යේමනය කියන රටවල්වල වගේ ම උතුරු කොරියාවත් සාමූහික ජන බලයේ ශක්තිය පෙන්නනවා. අපි අපිට උරුමවෙච්ච සාමූහිකත්වය අත්හැරලා ලිබරල් අන්තවාදය පස්සේ බඩගානවා. අපි එකිනෙකාගෙන් වෙන්වෙලා, අසරණ වෙලා. පුද්ගලිකත්වය උස්සන ලිබරල් ගුලිය ගිලපු මිනිස්සුන්ට එකතුවෙන්න බෑ.
ඉතාමත් දක්‍ෂ මිනිස්සු පවා මේ තනි පුද්ගල අන්තවාදය ඇතුළේ අනාථවෙනවා. බෙලහීන වෙනවා. අපේ විශ්වවිද්‍යාලවල AI මාදිලි තියා ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂයක්වත් හදන්නේ නෑ. ඉවරයක් නැතුව පම්පෝරි කියවන්න විතරක් අපි පුරුදුවෙලා. මුදල් වියදම් කරන්න ඕන තාක්‍ෂණික නිර්මාණයක් කිරීම තියා ලෝක ප්‍රසිද්ධිය ලබාගන්න පුළුවන් චිත්‍රයක් අඳින්නවත් අපිට බෑ.
මෙන්න මේක තමයි වහල්කම සහ සැබෑ නිදහස අතර තියෙන වෙනස.
- කසුන් කාරියවසම්
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..