පනිවිඩ කරුවාට වෙඩිතැබිම
විශ්‍රාමික විනිශ්චකාරවරුන් ගෙන් සැදුම්ලත් ජනාධිපති විමර්ශණ වාර්ථා දෙකකින් එකක නිර්දේශ ඊයේ දින (21.10.24) උදය ගම්මන්පිළ සමාජගත කරන ලදි.
එම වාර්තාව මගින් පාස්කු ප්‍රහාරය සිද්ධවෙන අවස්ථාවේ රටේ ආරක්ෂාව සම්බන්ධව වගකිවයුතු රාජ්‍ය නිළධාරින් වගකීම් පැහැර හැරිම නිසා දඩුවම් ලැබිය යුතු බවට නිර්දේශ කරන ලද පුද්ගලයෙක් වර්තමාන රජයේ මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යංශයේ ලේකම් ලෙස සිටීම සාධාරණ යැයි කාදිනල්තුමා සිතන්නේද?
උදය ගම්මන්පිල ඉදිරිපත් කල වාර්ථාවට අනුව පාස්කු ප්‍රහාරය සිදු කරන කන්ඩායම පුහුණු විම් ලැබු ස්ථානයන්, ප්‍රහාරක සැළසුම්, අන්තවාදීන්ගේ දුරකථන අංක, කරන ලද වෙනත් අපරාද එයට සම්බන්ධ පුද්ගල නම් වැනි සියල්ල ඇතුලත් අතිශයින් රහසිගත වෙනත් රටක බුද්ධි අංශයක් විසින් ලබා දුන් තොරතුරු දින ගනනාවකට පෙර ලැබුනත් අදාල අංශ ක්‍රියාත්මක නොවිම කාඩිනල්තුමාට ගැටළුවක් නොවේද ?
තමන් විදේශ ගතවන බැවින් රාජකාරි ආවරණය කරන්නාට " රහසිගත " යැයි සදහන් ලිපි නොදි තම කාර්‍යාලයෙ තබන බවට නියෝග දී ඇති බව කියවේ, රාජකාරි ආවරණය කරන නිළධාරියාට බලය තිබුනේනම් අදාල ලිපිය විවෘත කර ජාතික ආරක්ෂක කවුන්සිලයට යොමු කිරිමටත් ජිව්ත සිය ගනනක් බේරා ගැනීමට තිබු බව කාඩිනල් තුමාට සිතෙන්නේම නැත්ද?
නිවාඩු අවසන්ව පැමිණියත් එම ලිපි අදාළ අංශවලට යොමු කිරීම ප්‍රමාද වූයේ මන්ද එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූවානම් අදාළ ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබුණා නේද යන්න කාදිනල්තුමා ට අමතක වූයේ ඇයිද යන්න ප්‍රශ්නයක් නෙමෙයිද ???
රටේ මුදල් රැපියල් කෝටි ගණනක් වියදම් කරමින් කාඩිනල් තුමා ඇතුලු කිසිවෙක් විරුද්ධත්වය ප්‍රකාශ නොකල පිලිගත් විශ්‍රාමික විනිසුරුවරුන් යොදවා විශාල පිරිසකගේ සාක්ෂි කැදවමින් ලබා ගත් කමිටු වාර්ථා දෙකක සදහන් කරුනු පිලිනොගැනිමට තරම් වැදගත් වෙනත් තොරතුරු කාඩිනල්තුමා සතුව තිබේනම් ඒ මොනවාද?
සිදුවිය යුත්තේ...., කාඩිනල්තුමා බලාපොරොත්තු වන කරුනු ඇතුලත් වාර්තාවක් ඉදිරිපත් කිරිමද .... කිසිදු කුකුසකින් තොරව ජනතාවට පිලිගත හැකි වාර්තාවක් සුදුසු පුද්ගලයන් යොදවා ඉදිරිපත් කිරිමද? මෙම වාර්තාවල සදහන් පුද්ගලයන් පිලිබදව කාඩිනල් තුමාට ඇති දැඩ් විශ්වාසය ගොඩනැගුනේ කුමන කරුනු පදනම් කරගෙනද?..
පසුගිය කාලයේ කාඩිනල් තුමන් තම පිරිස වෙනුවෙන් ඉතාමත් සංවේදිව හා දැඩිව ක්‍රියා කරත් ලැබෙන ඕනැම තොරතුරක් හෝ ඉගියක් පසුපස හඹා ගියත් විමර්ශනයන්ට බලපෑම් කලහැකැයි කියනා බලගතු පුද්ගලයන් පිලිබදව කිසිදු සංවේදීතාවයක් නොමැත්තේ මන්දැයි කිව හැක්කේ කාදිනල් තුමාටම පමනි.
- ශර්මිලා ගෝනවෙල
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..