
කතෝලික සභාව ගම්මන්පිලගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි – අද නිල ප්‍රතිචාරයක්
හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ඊයේ අනාවරණ කළ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කමිටු වාර්තාවේ, රජයේ නිලධාරීන් දෙදෙනෙකුට එල්ල වී ඇති චෝදනා කතෝලික සභාව නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීමට නියමිත බව වාර්තා වේ.
ගම්මන්පිල ඊයේ සිදුකළ හෙළිදරව් කිරීම් සහ කාදිනල් රංජිත් හිමිපාණන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා අද නිල ප්‍රකාශයක් කරමින් සභාව නිල වශයෙන් ප්‍රතික්ෂේප කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
“අපි අද නිල ප්‍රකාශයක් ඉදිරිපත් කර ජනාධිපති වාර්තාව සහ කාදිනල්තුමාට එරෙහිව ගම්මන්පිල මහතා විසින් කර ඇති චෝදනා පිළිබඳව අපගේ ස්ථාවරය හෙළිකරනවා” යැයි කොළඹ සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ‘ඩේලි මිරර්’ වෙත පවසා ඇත.
කෙසේවෙතත්, කාදිනල් මැල්කම් රංජිත් අගරදුගුරුතුමන් පසුගිය ඉරිදා දේශනයකදී රාජ්‍ය නිලධාරීන් දෙදෙනාට එල්ල කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කළේය.
“ජනාධිපති කොමිෂන් සභාව ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ වැඩිදුර සොයාබැලීමට කමිටුවක් පත්කළා. මේ කමිටුව සූක්ෂ්ම ලෙස වත්මන් ආණ්ඩුවේ නිලධාරීන් දෙදෙනෙක් ඊට ඇතුළත් කළා. මෙය කර ඇත්තේ කරුණු විකෘති කිරීමක්. දීර්ඝ කාලයක් නිහඬව සිටි ඇතැම් පිරිස් එක්වරම පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කතා කරන්න පටන් අරන්. ඔවුන් එක රැයකින් වීරයන් වෙලා තියෙනවා. මේක අපි බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි,” කාදිනල්තුමා හපුගොඩ දේවස්ථානයක ඉරිදා දේශනාවක් අතරතුර පැවැසූහ.
“මුස්ලිම් අන්තවාදීන් හත්දෙනාට පතොරම් සැපයුවේ කවුද සහ පුපුරන ද්‍රව්‍ය හැසිරවීම පිළිබඳව ඔවුන්ට පුහුණුව ලබා දුන්නේ කවුරුන්ද යන්න සොයාබලන තුරු අපි පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කතාකිරීම නතර කරන්නේ නැහැ. පූර්ව අනතුරු ඇඟවීම් නොසළකා හැරියේ මන්දැයි සොයාබලන තුරු අප විවේක ගන්නේ නැහැ” යැයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
