කතෝලික සභාව ගම්මන්පිලගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි – අද නිල ප්‍රතිචාරයක්
හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ඊයේ අනාවරණ කළ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කමිටු වාර්තාවේ, රජයේ නිලධාරීන් දෙදෙනෙකුට එල්ල වී ඇති චෝදනා කතෝලික සභාව නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීමට නියමිත බව වාර්තා වේ.
ගම්මන්පිල ඊයේ සිදුකළ හෙළිදරව් කිරීම් සහ කාදිනල් රංජිත් හිමිපාණන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා අද නිල ප්‍රකාශයක් කරමින් සභාව නිල වශයෙන් ප්‍රතික්ෂේප කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
“අපි අද නිල ප්‍රකාශයක් ඉදිරිපත් කර ජනාධිපති වාර්තාව සහ කාදිනල්තුමාට එරෙහිව ගම්මන්පිල මහතා විසින් කර ඇති චෝදනා පිළිබඳව අපගේ ස්ථාවරය හෙළිකරනවා” යැයි කොළඹ සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ‘ඩේලි මිරර්’ වෙත පවසා ඇත.
කෙසේවෙතත්, කාදිනල් මැල්කම් රංජිත් අගරදුගුරුතුමන් පසුගිය ඉරිදා දේශනයකදී රාජ්‍ය නිලධාරීන් දෙදෙනාට එල්ල කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කළේය.
“ජනාධිපති කොමිෂන් සභාව ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ වැඩිදුර සොයාබැලීමට කමිටුවක් පත්කළා. මේ කමිටුව සූක්ෂ්ම ලෙස වත්මන් ආණ්ඩුවේ නිලධාරීන් දෙදෙනෙක් ඊට ඇතුළත් කළා. මෙය කර ඇත්තේ කරුණු විකෘති කිරීමක්. දීර්ඝ කාලයක් නිහඬව සිටි ඇතැම් පිරිස් එක්වරම පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කතා කරන්න පටන් අරන්. ඔවුන් එක රැයකින් වීරයන් වෙලා තියෙනවා. මේක අපි බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි,” කාදිනල්තුමා හපුගොඩ දේවස්ථානයක ඉරිදා දේශනාවක් අතරතුර පැවැසූහ.
“මුස්ලිම් අන්තවාදීන් හත්දෙනාට පතොරම් සැපයුවේ කවුද සහ පුපුරන ද්‍රව්‍ය හැසිරවීම පිළිබඳව ඔවුන්ට පුහුණුව ලබා දුන්නේ කවුරුන්ද යන්න සොයාබලන තුරු අපි පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කතාකිරීම නතර කරන්නේ නැහැ. පූර්ව අනතුරු ඇඟවීම් නොසළකා හැරියේ මන්දැයි සොයාබලන තුරු අප විවේක ගන්නේ නැහැ” යැයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්