
පාස්කු වාර්තා හෙට එළියට දානවා... 14 වසරක් මා හිරේ යවන්න ආණ්ඩුව සූදානම් වෙනවා - උදය ගම්මන්පිල
පාස්කු ප්‍රහාරය සම්බන්ධව තමාට ලැබී ඇති වාර්තාව හෙට (21දා) ප්‍රසිද්ධියට පත්කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
එය ප්‍රසිද්ධියට පත් කිරීමත් සමග ආණ්ඩුව තමාට එරෙහිව රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනා එල්ල කර අත්අඩංගුවට ගෙන වසර 14කට හිරේ යැවීමට සූදානම් වන බව පැවසූ ඒ මහතා තමා ද ඊට මුහුණ දීමට සූදානම් බවත් සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරයට අදාළ වාර්තාව සම්බන්ධව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ රාජ්‍ය රහස් හෙළිකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නව රජය විධිමත් විමර්ශනයක් සිදුකරන බවත් කිසිවකුත් කරන ප්‍රකාශ හමුවේ රජය කලබල නොවන බවත් හෙතෙම කීවේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී වත්මන් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනවිරත්න සහ ෂානි අබේසේකර යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ පැවැත්විය යුතු බවට සඳහන්ව ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.
එබැවින් කතෝලික ජනතාවට සාධාරණයක් ඉටුකරන ලෙස වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
