News Category
From Date
To Date
Maximum Number of Result

පාස්තු ප්‍රහාරය පිළිබඳව කොමිෂන් සභා වාර්තාව ජනතා ලියැවිල්ලක් බවට පත්කිරීම සහ පුහුල් හොරා කරෙන් දැනීම

Oct 19, 2024 at 04:19 PM
|

පාස්කු ප්‍රහාරය පිළිබඳව කොමිෂන් සභා වාර්තාව ජනතා ලියැවිල්ලක් බවට පත් කළ යුතු යැයි? මෙලෙස කියන්නේ අප නොවේ..

දැන් රටේ පාලකයන් බලයට පත්වීමට පෙර ඔවුන් කියූ කතාවය..

පාස්කු ප්‍රහාරය මෙරට සිදු වූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් තවත් එකකි..

එයට පෙර අනුරාධපුරයේ ජයසිරි මහා බෝධීන් වහන්සේ අභියස,

ස්වර්ණමාලී චෛත්‍ය රාජයන් අබියස, ආගමික කටයුතුවල නිරතව සිටි  බෞද්ධ සැදැහැවතුන්  සිය ගණනක් වෙඩි තබා කපා කොටා මරා දැමූහ...

කාත්තන්කුඩිය මුස්ලිම් පල්ලියේ යාඥා කරමින් සිටි ඉස්ලාම් බැතිමතුන් සිය ගණනක් මරා දැමූහ..

භික්ෂූන් වහන්සේලා තිස් ගණනක් එක තැන කපා කොටා මරා දැමූහ...

කැබිතිබිගොල්ලෑවේ  බස් රථ වලට බෝම්බ තබා අහිංසක ලදරු ළමා වැඩිහිටි මහළු  අපේම ජනතාව මරා දැමූහ..

අසූවේ දශකයේ කෙන්ට් ෆාම් ඩොලර් ෆාම්වලින් ඇරඹුණු එම ඝාතන රැල්ල දෙදහස් නවයේ වසරේ මුල දක්වාම වරින් වර  නොනැවතී ක්‍රියාත්මක විය...

එම දරුණු ත්‍රස්තවාදය මැඩීම සඳහා මෙරට රාජ්‍ය නායකත්වය සහ සන්නද්ධ හමුදා ක්‍රියා කරද්දී, අද සාධාරණය ඉල්ලන සමහරු  එම මිනීමරුවන්, ත්‍රස්තවාදීන්, වෙනුවෙන් පෙනී සිටි ආකාරය අපට මතකය..

මිනීමරුවන් හමුවීමට ගොස් අතට අත දෙමින් කතාබස් කළ ආකාරය ද අපට මතකය..

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයෙන් මිය ගියේ ද  ඊට පෙර අතීතයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් මියගිය ආකාරයටම මෙරට අහිංසක පුරවැසියන්ය...

සිය ආගමික දිනයකදී ආගමික කටයුතු නිරත වෙමින් සිට අහිංසකයන්ය..

වචනයේ අර්ථය යෙන්ම එය ඉතා අමානුෂික ප්‍රහාරයකි..

එම අපරාධය කර එවුන් පිරිසක් ඔම ප්‍රහාර වලින්ම  විනාශයට පත්වූහ..

එය මරාගෙන මැරෙන ප්‍රහාරයක් විය...

එම මරාගෙන මැරෙන අයට අමතරව ම ප්‍රහාරයට සහාය දුන්නා යැයි සැක කරණ පිරිසකට එරෙහිව මේවන විටද අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් පවතී...

එමෙන්ම එම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූවා යැයි එවකට සිටි ජනාධිපතිවරයාටත් ආරක්ෂක අංශවල නිලධාරීන් පිරිසකටත් එරෙහිව රුපියල් කෝටි ගණනක  දඩ නියම කරනු ලැබූ අතර ඔවුන් සියලු දෙනාම එම දඩ ගෙවා නිමකර ඇත...

අපට අතීතයේදී පිටකොටුවේ බෝම්බ පුපුරද්දීත්, දෙහිවල දුම්රියේ බෝම්බ පිපිරද්දීත්, මරදානේ පුද්ගලික බස් රථ තුළ බෝම්බ පුපුරද්දිත්, 

අනුරාධපුරයට ගසා නොච්චියාගම විල්පත්තුව හරහා කරදරයක් නැතුව ප්‍රහාරකයන් ගම්බිම් බලා යද්දිත්,

උතුර නැගෙනහිර දිස්ත්‍රික්කවලට මායිම් වූ අම්පාර පොළොන්නරුව අනුරාධපුරය දිස්ත්‍රික්කවල  ගොවි ජනපදවලට පැන ගොවිතැනින් ජීවත් වූ අහිංසක මිනිසුන් මරා දමද්දීත්, කුඩා දරුවන් දෙපයින් අල්ලා ඔසවා පොළොවේ ගසා මරා දමද්දීත්, බඩ දැරු අම්මලාගේ බඩ කපා කලලය ගෙන පෙති ගසද්දීත්, ඒ කාලයේ ඒවා වලක්වා ගත නොහැකිවූ පාලකයන්ට එරෙහිව නඩු පවරන්නට බැරිවීම ගැන හරිම කණගාටුය.

ඒ කාලේ හිටපු නායකයන් කිව්වේ තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසා ගත යුතු බවය...

ඒවාට විරුද්ධව නඩු දමන්නට තබා කතා කරන්නටවත් මිනිහෙක් හිටියේ නැත...

එවන් බිහිසුණු අපරාධ කළ ප්‍රභාකරන් නැමැති මිනීමරුවාට   එරෙහිව  ප්‍රතිප්‍රහාර ආරම්භ කළ පසු ඒවා නවත්තන්නට ආ විදේශ නියෝජිතයන්ට ,

නෝර්වේ නියෝජිත එරික් සෝල් හයිම්ට,

"ප්‍රභාකරන් ආවේ වන්නි කැලෙන්.. මම ආවේ හම්බන්තොට කැලෙන්...

ඔබ ගිහින් ප්‍රභාකරන්ට කියන්න මම මේ සැරේ නවත්තන්නේ කිලිනොචියට ඇවිල්ලා මිනිහා අරගෙන කියලා"

කියලා කිව්වෙත්, නන්දිකඩාල් වලට කොටුවුණු ප්‍රභාකරන් බේරෙන්නට යුද මෙහෙන් නතර කරන්නට යැයි කියන්නට ආ බ්‍රිතාන්‍ය හා ප්‍රංශයේ විදේශ ඇමතිවරුන්ට 

" මහත්වරුනි ඔබට පොඩ්ඩක් වැරදිලා..

අපි ඔබෙන් නිදහස් වුනේ 1948..

අපි දැන් නිදහස් රාජ්‍යයක්..

ඒ නිසා ඔබට අපට නියෝග දෙන්න බෑ..

මම මේක ඉවර කරන්නේ ත්‍රස්තවාදී ඉවර කරලා" 

කියලා කිව්වෙත් දැන් සමහරුන්ට අද නාකි මයිනා වී සිටින මහින්ද රාජපක්ෂ පමණය...

මෙරට ඉස්ලාම් අන්තවාදී ම බලවේග වලට එළිපිටම අභියෝග කළ නායකයා ගෝඨාභය රාජපක්ෂය..

ඔහුගේ වෙන දුර්වලතාවයන් තිබුණත් එලිසකළ ආකාරය අපට අමතක නැත..

හැබැයි පහුගිය කාලයේ සමහරුන් කිව්වේ ගෝඨාභය බලයට එන්නට සහරාන්ලා බෝම්බ පිපිරවූ බවය...

තමාට එරෙහි මිනිහෙක්, බලයට පත් කරන්නට කවුරුන් හෝ සියදිවි පූජා කරනවානම් ඒක හරිම අපූරු කතාවක්ය..

ලෝක ඉතිහාසයේ එහෙම දෙයක් වන්නට ඇත්තේ පළමු වතාවට සහ අවසාන වතාවට විය යුතුය...

කෙසේ වෙතත් චැනල් ෆෝ නැමැති නාලිකාවකින් ඒ සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිබඳ සෙවීමට අභියාචන අධිකරණයේ විනිසුරුවරයෙකුගෙන් සමන්විත කොමිසමක් සහ මහාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විත කොමිසමක් පසුගිය කාලයේ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබිණි...

එම ප්‍රහාරයට පසුබිම් වූ අතීතයේ සිට කරුණු විමසා බලා එම කොමිෂන් සභා දෙක විසින් වාර්තා දෙකක් පිළියෙල කරනු ලැබ ඇත..

පාස්කු ප්‍රහාරයේ සිදුවූ අවසාන දින කිහිපය පමණක් නොව ඊට කලකට පෙරම එම ප්‍රහාරකයන් සම්බන්ධව, ඒවාට සූදානම් වූ ආකාරය සහ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ ඇයිද යන්න ආදියත් එම කොමිෂන් විසින් විමසා ඇති බවට සැකයක් නැත..

දැන් මේ මාස කිහිපයකට පෙර ජනාධිපතිවරයාට භාරදී ඇත්තේ එලෙස සියලු කරුණු සොයා බැලූ කොමිෂන් සභා වාර්තාය..

පසුගිය කාලයේ මෙරට කතෝලික පල්ලියේ මාධ්‍ය ප්‍රකාශක තුමන්ලාද පුන පුනා කීවේ මේ වාර්තා ඉක්මනින් එළිදැක්විය යුතු බවය..

දැන් මේ රට පාලනය කරන අයද දැනට මාස කිහිපයකට පෙර කීවේ මේවා එළිදක්වන්නේ නැතිනම් ඒවායේ අභිරහසක් තිබිය යුතු බවය..

ජනතාවට මෙම වාර්තාවල ඇති කරුණු දැනගැනීමේ පරම පූජනීය වූ අයිතිය ඇති බවය..

දැන් ඒ පරණ පූජනීය වූ අයිතිය ලබාදීමට අවස්ථාව ඇත..

එම අවස්ථාව රජය මගින් නොකරනවානම් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල විසින් එම තොරතුරු ජනතාව වෙත ඉදිරිපත් කරන බව පවසා ඇත..

ජාතික ආරක්ෂාවට අහිතකර සංවේදී තොරතුරු ඇති ඇමනුම් හැර අනෙක් වාර්තාව එළි දක්වන බව ඔහු ප්‍රකාශ කළේය..

ඔහු විසින් දෙන්නට හදන්නේ මෙතෙක් මෙම ප්‍රහාරය පිළිබඳව විවිධ චෝදනා කළ අය විසින් කරනු ලැබූ ඉල්ලීමයි..

හැබැයි පසුගිය සති කිහිපය තුළදී මෙතෙක් එම වාර්තා එළිදක්වන්නෝ යැයි මහ හඬින් ඉල්ලා සිටි අයගේ සද්ද බද්ධ අඩුවීගියේය..

ඒ ඇයි දැයි අපට තේරෙන්නේ නැත ...

දැන් දැන් මෙම වාර්තා එලි දක්වනවා යයි කියන උදය ගම්මන්පිලට රාජ්‍ය රහස් එළි කිරීමේ වරද සිදුකරනවා යැයි කියන්නේද එදා වාර්තාව එළි දක්වන්නට යැයි ඉල්ලා සිටි අයය. 

ඒක මහා පටලැවිල්ලකි..

වාර්තාවේ තමන්ට අහිතකර දෙයක් ඇතැයි සිතන අය හැර  අන් අය කලබල විය යුතු නැත..

මෙය "පුහුල් හොරා කරෙන් දැනේ"  යන ආප්තෝප දේශය හෝ  "අබ කෑ එකාගේ මොළය  දනවා" යැයි කියන කතාව හෝ සමාන එකක් යැයි සැක හිතෙන්නේ නැද්ද...?

උපුටාගැනීම

ලාල් ද අල්විස්

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.