News Category
From Date
To Date
Maximum Number of Result

පාස්තු ප්‍රහාරය පිළිබඳව කොමිෂන් සභා වාර්තාව ජනතා ලියැවිල්ලක් බවට පත්කිරීම සහ පුහුල් හොරා කරෙන් දැනීම

Oct 19, 2024 at 04:19 PM
|

පාස්කු ප්‍රහාරය පිළිබඳව කොමිෂන් සභා වාර්තාව ජනතා ලියැවිල්ලක් බවට පත් කළ යුතු යැයි? මෙලෙස කියන්නේ අප නොවේ..

දැන් රටේ පාලකයන් බලයට පත්වීමට පෙර ඔවුන් කියූ කතාවය..

පාස්කු ප්‍රහාරය මෙරට සිදු වූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් තවත් එකකි..

එයට පෙර අනුරාධපුරයේ ජයසිරි මහා බෝධීන් වහන්සේ අභියස,

ස්වර්ණමාලී චෛත්‍ය රාජයන් අබියස, ආගමික කටයුතුවල නිරතව සිටි  බෞද්ධ සැදැහැවතුන්  සිය ගණනක් වෙඩි තබා කපා කොටා මරා දැමූහ...

කාත්තන්කුඩිය මුස්ලිම් පල්ලියේ යාඥා කරමින් සිටි ඉස්ලාම් බැතිමතුන් සිය ගණනක් මරා දැමූහ..

භික්ෂූන් වහන්සේලා තිස් ගණනක් එක තැන කපා කොටා මරා දැමූහ...

කැබිතිබිගොල්ලෑවේ  බස් රථ වලට බෝම්බ තබා අහිංසක ලදරු ළමා වැඩිහිටි මහළු  අපේම ජනතාව මරා දැමූහ..

අසූවේ දශකයේ කෙන්ට් ෆාම් ඩොලර් ෆාම්වලින් ඇරඹුණු එම ඝාතන රැල්ල දෙදහස් නවයේ වසරේ මුල දක්වාම වරින් වර  නොනැවතී ක්‍රියාත්මක විය...

එම දරුණු ත්‍රස්තවාදය මැඩීම සඳහා මෙරට රාජ්‍ය නායකත්වය සහ සන්නද්ධ හමුදා ක්‍රියා කරද්දී, අද සාධාරණය ඉල්ලන සමහරු  එම මිනීමරුවන්, ත්‍රස්තවාදීන්, වෙනුවෙන් පෙනී සිටි ආකාරය අපට මතකය..

මිනීමරුවන් හමුවීමට ගොස් අතට අත දෙමින් කතාබස් කළ ආකාරය ද අපට මතකය..

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයෙන් මිය ගියේ ද  ඊට පෙර අතීතයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් මියගිය ආකාරයටම මෙරට අහිංසක පුරවැසියන්ය...

සිය ආගමික දිනයකදී ආගමික කටයුතු නිරත වෙමින් සිට අහිංසකයන්ය..

වචනයේ අර්ථය යෙන්ම එය ඉතා අමානුෂික ප්‍රහාරයකි..

එම අපරාධය කර එවුන් පිරිසක් ඔම ප්‍රහාර වලින්ම  විනාශයට පත්වූහ..

එය මරාගෙන මැරෙන ප්‍රහාරයක් විය...

එම මරාගෙන මැරෙන අයට අමතරව ම ප්‍රහාරයට සහාය දුන්නා යැයි සැක කරණ පිරිසකට එරෙහිව මේවන විටද අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් පවතී...

එමෙන්ම එම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූවා යැයි එවකට සිටි ජනාධිපතිවරයාටත් ආරක්ෂක අංශවල නිලධාරීන් පිරිසකටත් එරෙහිව රුපියල් කෝටි ගණනක  දඩ නියම කරනු ලැබූ අතර ඔවුන් සියලු දෙනාම එම දඩ ගෙවා නිමකර ඇත...

අපට අතීතයේදී පිටකොටුවේ බෝම්බ පුපුරද්දීත්, දෙහිවල දුම්රියේ බෝම්බ පිපිරද්දීත්, මරදානේ පුද්ගලික බස් රථ තුළ බෝම්බ පුපුරද්දිත්, 

අනුරාධපුරයට ගසා නොච්චියාගම විල්පත්තුව හරහා කරදරයක් නැතුව ප්‍රහාරකයන් ගම්බිම් බලා යද්දිත්,

උතුර නැගෙනහිර දිස්ත්‍රික්කවලට මායිම් වූ අම්පාර පොළොන්නරුව අනුරාධපුරය දිස්ත්‍රික්කවල  ගොවි ජනපදවලට පැන ගොවිතැනින් ජීවත් වූ අහිංසක මිනිසුන් මරා දමද්දීත්, කුඩා දරුවන් දෙපයින් අල්ලා ඔසවා පොළොවේ ගසා මරා දමද්දීත්, බඩ දැරු අම්මලාගේ බඩ කපා කලලය ගෙන පෙති ගසද්දීත්, ඒ කාලයේ ඒවා වලක්වා ගත නොහැකිවූ පාලකයන්ට එරෙහිව නඩු පවරන්නට බැරිවීම ගැන හරිම කණගාටුය.

ඒ කාලේ හිටපු නායකයන් කිව්වේ තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසා ගත යුතු බවය...

ඒවාට විරුද්ධව නඩු දමන්නට තබා කතා කරන්නටවත් මිනිහෙක් හිටියේ නැත...

එවන් බිහිසුණු අපරාධ කළ ප්‍රභාකරන් නැමැති මිනීමරුවාට   එරෙහිව  ප්‍රතිප්‍රහාර ආරම්භ කළ පසු ඒවා නවත්තන්නට ආ විදේශ නියෝජිතයන්ට ,

නෝර්වේ නියෝජිත එරික් සෝල් හයිම්ට,

"ප්‍රභාකරන් ආවේ වන්නි කැලෙන්.. මම ආවේ හම්බන්තොට කැලෙන්...

ඔබ ගිහින් ප්‍රභාකරන්ට කියන්න මම මේ සැරේ නවත්තන්නේ කිලිනොචියට ඇවිල්ලා මිනිහා අරගෙන කියලා"

කියලා කිව්වෙත්, නන්දිකඩාල් වලට කොටුවුණු ප්‍රභාකරන් බේරෙන්නට යුද මෙහෙන් නතර කරන්නට යැයි කියන්නට ආ බ්‍රිතාන්‍ය හා ප්‍රංශයේ විදේශ ඇමතිවරුන්ට 

" මහත්වරුනි ඔබට පොඩ්ඩක් වැරදිලා..

අපි ඔබෙන් නිදහස් වුනේ 1948..

අපි දැන් නිදහස් රාජ්‍යයක්..

ඒ නිසා ඔබට අපට නියෝග දෙන්න බෑ..

මම මේක ඉවර කරන්නේ ත්‍රස්තවාදී ඉවර කරලා" 

කියලා කිව්වෙත් දැන් සමහරුන්ට අද නාකි මයිනා වී සිටින මහින්ද රාජපක්ෂ පමණය...

මෙරට ඉස්ලාම් අන්තවාදී ම බලවේග වලට එළිපිටම අභියෝග කළ නායකයා ගෝඨාභය රාජපක්ෂය..

ඔහුගේ වෙන දුර්වලතාවයන් තිබුණත් එලිසකළ ආකාරය අපට අමතක නැත..

හැබැයි පහුගිය කාලයේ සමහරුන් කිව්වේ ගෝඨාභය බලයට එන්නට සහරාන්ලා බෝම්බ පිපිරවූ බවය...

තමාට එරෙහි මිනිහෙක්, බලයට පත් කරන්නට කවුරුන් හෝ සියදිවි පූජා කරනවානම් ඒක හරිම අපූරු කතාවක්ය..

ලෝක ඉතිහාසයේ එහෙම දෙයක් වන්නට ඇත්තේ පළමු වතාවට සහ අවසාන වතාවට විය යුතුය...

කෙසේ වෙතත් චැනල් ෆෝ නැමැති නාලිකාවකින් ඒ සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිබඳ සෙවීමට අභියාචන අධිකරණයේ විනිසුරුවරයෙකුගෙන් සමන්විත කොමිසමක් සහ මහාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විත කොමිසමක් පසුගිය කාලයේ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබිණි...

එම ප්‍රහාරයට පසුබිම් වූ අතීතයේ සිට කරුණු විමසා බලා එම කොමිෂන් සභා දෙක විසින් වාර්තා දෙකක් පිළියෙල කරනු ලැබ ඇත..

පාස්කු ප්‍රහාරයේ සිදුවූ අවසාන දින කිහිපය පමණක් නොව ඊට කලකට පෙරම එම ප්‍රහාරකයන් සම්බන්ධව, ඒවාට සූදානම් වූ ආකාරය සහ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ ඇයිද යන්න ආදියත් එම කොමිෂන් විසින් විමසා ඇති බවට සැකයක් නැත..

දැන් මේ මාස කිහිපයකට පෙර ජනාධිපතිවරයාට භාරදී ඇත්තේ එලෙස සියලු කරුණු සොයා බැලූ කොමිෂන් සභා වාර්තාය..

පසුගිය කාලයේ මෙරට කතෝලික පල්ලියේ මාධ්‍ය ප්‍රකාශක තුමන්ලාද පුන පුනා කීවේ මේ වාර්තා ඉක්මනින් එළිදැක්විය යුතු බවය..

දැන් මේ රට පාලනය කරන අයද දැනට මාස කිහිපයකට පෙර කීවේ මේවා එළිදක්වන්නේ නැතිනම් ඒවායේ අභිරහසක් තිබිය යුතු බවය..

ජනතාවට මෙම වාර්තාවල ඇති කරුණු දැනගැනීමේ පරම පූජනීය වූ අයිතිය ඇති බවය..

දැන් ඒ පරණ පූජනීය වූ අයිතිය ලබාදීමට අවස්ථාව ඇත..

එම අවස්ථාව රජය මගින් නොකරනවානම් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල විසින් එම තොරතුරු ජනතාව වෙත ඉදිරිපත් කරන බව පවසා ඇත..

ජාතික ආරක්ෂාවට අහිතකර සංවේදී තොරතුරු ඇති ඇමනුම් හැර අනෙක් වාර්තාව එළි දක්වන බව ඔහු ප්‍රකාශ කළේය..

ඔහු විසින් දෙන්නට හදන්නේ මෙතෙක් මෙම ප්‍රහාරය පිළිබඳව විවිධ චෝදනා කළ අය විසින් කරනු ලැබූ ඉල්ලීමයි..

හැබැයි පසුගිය සති කිහිපය තුළදී මෙතෙක් එම වාර්තා එළිදක්වන්නෝ යැයි මහ හඬින් ඉල්ලා සිටි අයගේ සද්ද බද්ධ අඩුවීගියේය..

ඒ ඇයි දැයි අපට තේරෙන්නේ නැත ...

දැන් දැන් මෙම වාර්තා එලි දක්වනවා යයි කියන උදය ගම්මන්පිලට රාජ්‍ය රහස් එළි කිරීමේ වරද සිදුකරනවා යැයි කියන්නේද එදා වාර්තාව එළි දක්වන්නට යැයි ඉල්ලා සිටි අයය. 

ඒක මහා පටලැවිල්ලකි..

වාර්තාවේ තමන්ට අහිතකර දෙයක් ඇතැයි සිතන අය හැර  අන් අය කලබල විය යුතු නැත..

මෙය "පුහුල් හොරා කරෙන් දැනේ"  යන ආප්තෝප දේශය හෝ  "අබ කෑ එකාගේ මොළය  දනවා" යැයි කියන කතාව හෝ සමාන එකක් යැයි සැක හිතෙන්නේ නැද්ද...?

උපුටාගැනීම

ලාල් ද අල්විස්

සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.