විද්‍යා පීඨ සිසුන් බඳවා ගැනීම අවුලෙන් අවුලට... සිසුන් විශාල පිරිසකට අසාධාරණයක් වෙලා
2023 වසරේ උසස් පෙළ මත සිසුන් රජයේ විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ලෙස බදවා ගැනීම 2021/22 වසරේ ශික්ෂණලාභීන් බදවා ගත් කොම්පියුටර් ජිල්මාට් ක්‍රමයටම සිදු කිරීමට විද්‍යාපීඨ ප්‍රධාන කොමසාරිස් සැරසෙන බවට අනාවරණය වන බව විද්‍යා පීඨ ආචාර්ය සංගමය පවසයි.
එම සංගමය පවසන්නේ සුදුසුකම් සහිත සිසුන්ට අවස්ථාව නොලැබී අඩු සුදුසුකම් සහිත සිසුන් රාශියක් බලධාරින්ගේ සහ නිලධාරීන්ගේ පිහිටෙන් විද්‍යාපීඨවලට ඇතුලත්ව ඇති බවයි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන විද්‍යා පීඨ ආචාර්ය සංගමය,
2021/2022 වසරේ රජයේ විද්‍යා පීඨවලට ශික්ෂණලාභීන් බදවා ගැනීමේදී පෞද්ගලික පරිගණක ආයතනයක් හරහා සිදු කර හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ලකුණු දමා ගැනීමට විද්‍යාපීඨ ප්‍රධාන කොමසාරිස් ක්‍රියා කිරීම නිසා සුදුසුකම් සහිත සිසුන්ට අවස්ථාව නොලැබෙද්දී අඩු සුදුසුකම් සහිත සිසුන් රාශියක් බලධාරින්ගේ සහ නිලධාරීන්ගේ පිහිටෙන් විද්‍යාපීඨවලට ඇතුලත්ව ඇත.
එය සාධක සහිතව අනාවරණය වූ කරුණකි.Z අගය පහළ වතු සේවක පදනමෙන් චිත්‍ර කලාව පාඨමාලාව ඉල්ලූ සිසුවියක අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ශ්‍රීපාද පීඨයේ ප්‍රාථමික පාඨමාලාවට තෝරාගෙන ඇත්තේ විද්‍යාතන මණ්ඩ පත්‍රිකාවක් අනුමත කරවාගෙනය. මෙය සුදුසුකම් අඩු සිසුන් විද්‍යාපීඨ සදහා බදවා ගැනීමේ මැජික් යෂ්ථියක් ලෙස ප්‍රධාන කොමසාරිස් භාවිත කරන බව පෙනේ.
එසේම පළමු වටයෙන් සියනෑ විද්‍යාපීඨය සදහා විද්‍යා පාඨමාලාවකට ධන Z අගයකින් සුදුසුකම් ලබන විට අමාත්‍යාංශය විසින් එවනු ලැබූ බදවා ගැනීමට නිර්දේශ කර තිබූ ලැයිස්තුවේ ඍන Z අගයක් සහිත සිසුවියක් ද සිට ඇත.
අමාත්‍යාංශයේ ප්‍රධාන කොමසාරිස්ගේ නියෝගය අනුව එම සිසුවිය බදවා ගෙන ඇති අතර එම පාඨමාලාවට තේරීමට මෙම සිසුවියට වඩා Z අගය වැඩී අපේක්ෂකයන් 12 දෙනෙකු පසුව ඉදිරිපත් වී ඇත. අමාත්‍යාංශය විසින් සිදූ වූ වංචාව වසා ගැනීමට මේ සිසුන්12දෙනා ද විද්‍යාපීඨට බදවා ගැනීම සදහා ද මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමත කරගෙන ඇති බව දැන ගන්නට ඇත.
මේ වන විට පස්දුන්රට විද්‍යාපීඨයේ ඉංග්‍රීසි පාඨමාලාවට සිසුන් බදවා ගැනීමට සම්මුඛ පරික්ෂණ වට තුනකට වඩා පවත්වා ඇත. සාමාන්‍යයෙන් මේ ලැයිස්තුවල පළමු වටයට කැදවීම ලැබෙන්නේ උසස් පෙළ ඉංග්‍රීසි විෂය සහිතව සමත් වූ සිසුන් සහ ඉංග්‍රීසි සාහිත්‍යය (O/L) සමත්වූ සිසුන් ය. නමුත් මෙවර පළමූ වටයට එවැනි සිසුන් අඩු වශයෙන් කැදවා තිබු අතර මේ වන විට පවත්වන අවසන් වටයේ සම්මුඛ පරික්ෂණවල කැදවන සිසුන් අතර ඉහල සුදුසුකම් සහිත සිසුන් සිටින බව නිරික්ෂණය වේ. පළමුව සුදුසුකම් අඩු අපේක්ෂකයන් විද්‍යාපීඨ සදහා රිංගවීම සිදුකර සැබෑ සුදුසුකම් සහිත සිසුන් මේ පිළිබඳ විමසමින් අමාත්‍යාංශයට පැමිනෙන විට ඉන් බේරීමට දරණ වෑයමක් ලෙස මෙය හැදින්විය හැක.
ඉහත දැක්වූයේ නිදර්ශන කිහිපයක් පමණි. මේ පිළිබඳ විධිමත් විමර්ශනයක් කරන්නේ නම් තවත් තොරතුරු ලබා දිය හැක.
මේ ආකාරයට 2021/22 බදවා ගැනීම අනාගෙන ඇති වාතාවරණයක කඩිමුඩියේ 2023 උසස් පෙළ සිසුන් ද කොම්පියුටර් ජිල්මාට් ක්‍රමයට ගෙන සුදුසුකම් සහිත සිසුන්ගේ අනාගතය අදුරු කිරීමට ඉඩ නොදෙන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටිමි.
එසේම 2021/22 කණ්ඩායම බදවා ගැනීමේදී අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ පළමු වටයේ ලැයිස්තුව තුළ සුදුසුකම් අඩූ සිසුන් ගණනාවක් සිටි බව හෙලි වී ඇත.
මේ වන විට විද්‍යාතන මණ්ඩල පත්‍රිකා යොමු කරන්නේ මේ වැරදි වසා ගැනීමටය අමාත්‍යාංශය තුළ මෙවැනි අවිධිමත් සහ වංචා සහගත ක්‍රියාවන් සම්බන්ධයෙන් ප්‍රධාන කොමසාරිස් සමග කටයුතු කරන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකි. මෙම වංචා සහගත බදවා ගැනීම පිළිබඳ සත්‍ය අනාවරණය කර ගැනීමට නම් විද්‍යාපීඨ වෙත එවූ පළමු ලැයිස්තුව සහ පසුව අවස්ථා ගණනාවකදී එවූ ලැයිස්තු සංසන්දනය කර බැලීම සෑහේ. මෙම පරික්ෂණට ජාතික විගණන කාර්යාලය හරහා සිදු කිරීමෙන් නිවැරදි සත්‍ය අනාවරණය කර ගත හැකි වේ.
- විද්‍යා පීඨ ආචාර්ය සංගමය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..