ජනපති අනුර BRICS සමුළුවට සහභාගී නොවන්නේ විදේශීය බලවේගයක බලපෑම් නිසාද? - ඉරාන් අසයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රුසියාවේ පැවැත්වෙන BRICS සමුළුවට සහභාගී නොවන්නේ කිසියම් විදේශීය බලවේගයක බලපෑම් හේතුවෙන්දැයි සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විමසා සිටියි.
කොළඹ දී පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම ප්‍රශ්නය නැගුවේය.
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත BRICS සමුළුවට සහභාගි නොවීමට ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා තීරණය කර ඇත්දැයි හිටපු මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
“ශ්‍රී ලංකාව BRICS සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කර ඇති බව සඳහන් කිරීම ගැන අපි සතුටු වෙනවා. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා යන දෙදෙනාම සමුළුවට සහභාගී නොවීම කණගාටුවට කරුණකි. රාජ්‍ය නායකයන් වැදගත් සමුළු සඳහා සහභාගී විය යුතුයි’ එරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවට නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍යයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව BRICS සාමාජිකත්වය සඳහා අයැදුම් කර ඇති නමුත් ඉදිරි මැතිවරණ කටයුතු හේතුවෙන් ජනාධිපතිවරයා ඊට සහභාගී නොවන බව පසුගියදා අමාත්‍ය විජිත හේරත් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති මෙරට සිටින විදෙස් තානාපතිවරුන් හා එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයන් හමුවූ අවස්ථාවේ දී පැවසීය .
– Divaina
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..