News Category
From Date
To Date
Maximum Number of Result

මාව අත්අඩංගුවට ගත්තත් රටේ ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටු වාර්තා ප්‍රසිද්ධ කරනවා... ඊයේ රාත්‍රියේත් මාව අත්අඩංගුවට ගැනීම ගැන ආණ්ඩුවේ ඉහළ පෙළේ සාකච්ඡාවක් පවත්වලා - ගම්මන්පිල කියයි

Oct 16, 2024 at 04:40 PM
|

‘රාජ්‍ය රහස් පනත සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මාව අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව පිළිබඳ ඊයේ රාත්‍රියේ ආණ්ඩුවේ ඉහල පෙලේ සාකච්ඡාවක් පැවැති බව අපට ආරංචි වුණා’ යියි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් දැක්වූයේ අද දින පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

වාර්තාව ආණ්ඩුවට භාර දෙන්න නම් ඒක ප්‍රසිද්ධ කරන බවට ප්‍රතිඥාවක් ඕනෑ

"ඉදිරි දින හත තුල ජනාධිපතිතුමා විසින් දැනට ප්‍රසිද්ධ කර නොමැති පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටු වාර්තා ප්‍රසිද්ධ නොකලොත් මම ඒවා ප්‍රසිද්ධ කරන බවට පසුගිය සඳුදා මාධ්‍ය හමුවේ දී ජනාධිපතිතුමාට මම අනතුරු ඇඟෙව්වා. මේ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත් හේරත් ඇමතිතුමා ඊයේ කිව්වේ මා සතු වාර්තාව ආණ්ඩුවට භාර දෙන්න දවස් තුනක් කල් දෙනවා. ඒ වගේම මට වාර්තා ලැබුණු විධියත් සොයා ගන්න ඕනිලු.

ගරු ඇමතිතුමනි, මම හඳ පෙන්නුවාම හඳ බලනවා වෙනුවට මගේ ඇඟිල්ල දිහා බලන්න එපා. මට වාර්තා ලැබුණු විධිය නොවේ සොයන්න ඕනි. මාළිමාවේ නායකයින් විපක්ෂයේ සිටින කාලයේ ප්‍රසිද්ධ කල යුතුයි කියලා ආණ්ඩුවට බල කල මේ වාර්ථා දෙක බලය ලැබුණු පසු ප්‍රසිද්ධ කිරීමට පැකිලෙන්නේ ඇයි කියන හේතුවයි විජිත හේරත් මැතිතුමා රටට හෙළි කල යුත්තේ. මේ වාර්තා යට ගහන්න ආණ්ඩුව දක්වන උනන්දුවට හේතුවයි සොයන්න ඕනි. මහජනතාවට ඇත්ත දැන ගන්න මේ වාර්තා ප්‍රසිද්ධ කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලුවාම ඔබතුමා මට කියන්නේ වහාම මගේ ළඟ තිබෙන වාර්තාවත් ආණ්ඩුවට භාර දෙන්න කියලා. නමුත් මම වාර්තාව ආණ්ඩුවට භාර දුන්නාම ඒක ප්‍රසිද්ධ කරන බවට කිසිම පොරොන්දුවක් නෑ. මගේ වාර්තාවත් ආණ්ඩුවට භාර දුන්නාට පස්සේ ආණ්ඩුව ඒක ප්‍රසිද්ධ නොකර සිටියොත් අපි මොකද කරන්නේ? ආණ්ඩුව කියන්නේ මේ තොරතුරු සදහටම අබිරහසක් කරන්න ආණ්ඩුවට උදව් කරන්න කියලා. ඒ නිසා ආණ්ඩුව මේ වාර්තා ප්‍රසිද්ධ කරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන තුරු මගේ ළඟ තිබෙන වාර්තා ආණ්ඩුවට භාර දෙන්න මම සූදානම් නෑ.

මෙම වාර්තා දෙක සඟවා තබන්න ආණ්ඩුව උත්සාහ කිරීම මහජන මුදලින් සකස් කළ වාර්තාවල තිබෙන ඇත්ත දැන ගැනීමේ අයිතිය ජනතාවගෙන් උදුරා ගැනීමක්. මහජන මුදලින් සැකසු වාර්ථාවක අන්තර්ගතය දැනගැනීමට මහජනතාවට අයිතියක් තියෙනවා. ඒ වගේම මේවා සැගවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කර ඇති ජනතාවගේ සිතීමේ නිදහසට වැටකඩුළු බැඳීමක්. ඒ නිසා මේ වාර්තාව මා ළඟ තබා ගැනීම බරපතල අපරාධයක් කියලා මාව බය කරන්න විජිත හේරත් ඇමතිතුමාට බෑ. ප්‍රසිද්ධ කිරීමට පොරොන්දු නොවෙනවා නම් මම මේවා බාරදෙන්නෙත් නැ. ආණ්ඩුව මේක ප්‍රසිද්ධ නොකලොත් දින 7කින් පසු මම මේක අනිවාර්යෙන්ම ප්‍රසිද්ධ කරනවා. අපි බරපතල අපි යකාට බය නැති නිසා තමයි සොහොනේ ගෙවල් හදාගෙන ඉන්නේ. මාව අත්අඩංගුවට ගන්න. ඕනෑම වධයක් දෙන්න. ඒත් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් වෙනුවෙන් අපි අද වගේම හෙටත් පෙනී ඉන්නවා.

පාස්කු ප්‍රහාරය කියන්නේ සමස්ත ජාතියම සංවේදි මාතෘකාවක්. පසුගිය ජනාධිපතිවරු දෙන්නෙක්ම බලයට ආවේ පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු කරනවා කියලා. විශේෂයෙන්ම වත්මන් ජනාධිපතිතුමාට විශාල ඡන්ද ගණනක් ලැබුණා මේ කාරණය සම්බන්ධයෙන් පෙනී සිටිය නිසා. එහෙම නම් මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න දැන් පැකිලෙන්නේ ඇයි? මේ වින්දිතයින්ට ඇත්ත දැන ගන්න අයිතියක් නැද්ද? විපක්ෂයේ ඉන්න කාලයේ මේ වාර්තා ප්‍රසිද්ධ කළ යුතුයි කියා මාලිමාවේ නායකයින්ම කිව්වා දැන් අමතක ද?

ජනාධිපති ලේකම් කාර්යාලයේ මීයා කවුද?

මට වාර්තා ලැබුණු විධිය වහාම සොයා බලනවා කියා විජිත හේරත් ඇමතිතුමා කිව්වා. මට වාර්තා ලැබුණු විධිය නොවේ සොයා බැලිය යුත්තේ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වාර්තා පිට වුණු ආකාරයයි සොයා බැලිය යුත්තේ. ජාතික ආරක්ෂාව අනතුරට වැටෙන සංවේදි තොරතුරු වාර්තා දෙකේ ඇමුණුම් වල තිබෙන නිසා ඇමුණුම් ප්‍රසිද්ධ කරන්න එපා කියලා වාර්තාවල සඳහන් වෙනවා. ජාතික ආරක්ෂාව වෙනුවෙන් හැමදාමත් පෙනී සිටිය විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදසිහට මම මේ ඇමුණුම් කිසිසේත් ප්‍රසිද්ද කරන් නැ. මම ප්‍රසිද්ධ කරන්නේ වාර්තා පමනයි. අපේ අතට මේ වාර්තා ලැබුණු නිසා හොඳයි. නමුත් මට ලැබුණු ආකාරයටම මව්බිමේ සතුරන්ටත් මේ ඇමුණුම් ලැබෙන්න පුළුවන්. ඒ නිසා ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු පිට කරන මීයා කවුද කියන එක දැන්ම සොයා ගැනීම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට හොඳයි.

ඉමාම් වාර්තාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගාව මාස තුනක් තිබුණා. කාටවත්ම පිට වුණේ නෑ. නමුත් අනුර දිසානායක ජනාධිපතිතුමා බලයට ඇවිත් සති තුනක් ගත වෙන්න කලින් මේ වාර්තා දෙකම පිට වුණා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලය එතුමාට පක්ෂපාතිව කටයුතු කළත් අනුර දිසානායක මැතිතුමාගේ කාර්ය මණ්ඩලය එතුමාට පක්ෂපාති නෑ කියන එක නේද? ඒ නිසා මට ලැබුණු විධිය හොයන එක පැත්තකින් තියලා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වාර්තා පිට වුණේ කොහොමද කියන එක ගැන අපේ හේරත් ඇමතිතුමා දැන්ම පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි.

රාජ්‍ය රහස් පනත යටතේ ගම්මන්පිල අත්අඩංගුවට

මේ වාර්තා මම ප්‍රසිද්ධ කරන බව කියලා තිබෙන නිසාත් මේ වාර්තාවල ඇමුණුම් විධියට ජාතික ආරක්ෂාවට අතිශයින්ම සංවේදි බුද්ධි තොරතුරු විශාල ගණනක් ඇතුලත් වෙලා තිබෙන නිසාත් ඒවා ප්‍රසිද්ධ නොකළ යුතු බවට කමිටු විසින් නිර්දේශ කර තිබෙන නිසාත් මේ වාර්තා ප්‍රසිද්ධ කිරීමට පෙර රාජ්‍ය රහස් පනත සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මාව අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව පිළිබඳ ඊයේ රාත්‍රියේ ආණ්ඩුවේ ඉහල පෙලේ සාකච්ඡාවක් පැවැති බව අපට ආරංචි වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපට වාර්තා දෙන්න කට්ටිය ඉන්නවා වගේම තොරතුරු දෙන්නත් කට්ටිය ඉන්නවා. මට ලැබුණු වාර්තා දෙකේම සියළුම ඇමුණුම් තිබෙනවා. වත්මන් ආණ්ඩුවේ නායකයින්ටත් වඩා ජාතික ආරක්ෂාව පිළිබඳ සංවේදි පුද්ගලයෙකු හැටියට මම ඒ කිසිම ඇමුණුමක් ප්‍රසිද්ධ කරන්නේ නෑ. ඒ නිසා ඒ ගැන ආණ්ඩුව බියට පත් විය යුතු නෑ. නමුත් ජනාධිපතිවරයා මේ වාර්තා දෙක ප්‍රසිද්ධ නොකරන්නේ නම් වාර්තාදෙක නම් මම ප්‍රසිද්ධ කරන බව මම ඉතා වගකීමෙන් කියනවා.

තොරතුරු ලඟ තබා ගැනීම අපරාධයක් ද?

මේ වාර්තා හෙලි නොකර මා ළඟ මෙතරම් කලක් තබා ගැනීම බරපතල අපරාධයක් කියලා විජිත හේරත් ඇමතිතුමා කියනවා. මට මේ වාර්තාව ලැබුණේ ඔක්තෝම්බර් 10 දා. මේක සැබෑ වාර්තාව ද කියලා තහවුරු කරගෙන 14දා මම මාධ්‍ය හමුවක් තියලා මා ගාව වාර්තාව තිබෙන බවත් ජනාධිපතිතුමා දින හතක් තුල ප්‍රසිද්ධ නොකලොත් මම ප්‍රසිද්ධ කරන බවත් කිව්වා. ඒ කියන්නේ මේ වාර්තාව මා ළඟ තිබිලා තිබෙන්නේ දින හතරයි. දින හතරක් වාර්තාව ළඟ තබා ගැනීම බරපතල අපරාධයක් නම් සති තුනකට වැඩි කාලයක් ඒක ප්‍රසිද්ධ නොකර ලඟ තබා ගත් ප්‍රසිද්ධ කිරීමේ වගකීම තිබෙන ජනාධිපතිතුමා කෙතරම් බරපතල අපරාධකරුවෙක් ද? ඒ වගේම මාස තුනක් වාර්තාව ලඟ තබාගෙන හිටිය හිටපු ජනාධිපතිතුමා ඊටත් වඩා බරපතල අපරාධකරුවෙකු වෙනවා නේද? ඒ නිසා මට විරුද්ධව පියවර ගන්න කලින් වත්මන් ජනාධිපතිතුමාටයි හිටපු ජනාධිපතිතුමාටයි දෙන දඬුවම මොකක්ද කියලා මහජන ආරක්ෂක ඇමතිවරයා විධියට විජිත හේරත් ඇමතිතුමා රටට කිව්වොත් හොඳයි.

2015 සිට 2018 දක්වා දූෂණ විරෝධි කමිටුවට ලැබුණු දූෂණ පිළිබඳ තොරතුරු අඩංගු ලිපිගොනු මාලිමාවේ නායකයින් ප්‍රදර්ශනය කරමින් ලඟ තබා ගත්තා. මම දවස් හතරක් ලිපිගොනුවක් ලඟ තබා ගැනීම බරපතල අපරාධයක් නම් වසර නවයක් පුරාවට මේ ලිපිගොනු ලඟ තබා ගත් මාලිමා නායකයින් කෙතරම් බරපතල අපරාධකාරයෝ ද? මට දඬුවම් කරන්න කලින් ඒ අයට දඬුවම් කරලා හිටියොත් හොඳ ආදර්ශයක් නේද ඇමතිතුමනි.

වංචා දූෂණ පිළිබඳ තමන් සතු තොරතුරු ආණ්ඩුවට ලබා දෙන්න කියා මාලිමාවේ වසන්ත සමරසිංහ මැතිතුමා ජනතාවගෙන් ඉල්ලීමක් කලා. බයක් හැකක් නැතිව දැන් ජනතාව මේ තොරතුරු දෙන්නේ කොහොමද? මේ තොරතුරු දෙන්න ගිහින් ඒ ජනතාවටත් තොරතුරු තමන් ලඟ මෙතෙක් දවසක් තබා ගත්තා කියලා මට වගේ දඬුවමට ලක් වීමේ අවදානමක් ඇති වේද කියන සාධාරණ බය ඇති වෙනවා නේද? ඒ නිසා දින හතරක් වාර්තාව ලඟ තබා ගැනීම බරපතල අපරාධයක් කියලා විජිත හේරත් ඇමතිතුමා කළ ප්‍රකාශය වහාම ඉල්ලා අස් කර ගන්න කියලා මම ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම ආණ්ඩුවෙන් මොන තර්ජන ආවත් මාව අත්අඩංගුවට ගත්තත් මේ රටේ ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය සහ සිතීමේ නිදහස වෙනුවෙන් ජනාධිපතිතුමා නොකලොත් ලබන සදුදා අපි මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරනවා."

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දීප්කේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.
වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.