පාස්කු ප්‍රහාරයේ වාර්තා ගැන වැඩි විස්තර අද කියනවා - විජිතට හැරෙන තැපෑලෙන් ගම්මන්පිලගෙන් පිළිතුරු
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට තමා සූදානම් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවැසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ එස්.අයි. ඉමාම් සහ ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තා දෙක තමාට පසුගිය 10 වැනිදා තැපැල් මගින් ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අද (16දා) පෙරවරු 10.00ට පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කරන බවත් ගම්මන්පිල මහතා කීය.
ප්‍රසිද්ධ කර නොමැති වාර්තා දෙක තමා ප්‍රසිද්ධ නොකිරීම පිළිබඳව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා ඊයේ කැබිනට් හමුවේදී අදහස් දැක්වූ බවත්, එම ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට තමා ජනාධිපතිවරයාට සතියක කාලයක් ලබාදී තිබෙන බවත් හෙතෙම පැවසීය.
පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා කටුවපිටිය දේවස්ථානයට හිස් අතින් යෑම වැරදි බවත් ජනාධිපතිවරයා එම දේවස්ථානයට යනවිට ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක රැගෙන යෑමට තිබුණු බව පැවසූ බවත් ගම්මන්පිල මහතා කීය.
එස්.අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු වාර්තාව 2024 ජුනි 24 – 25 දිනවලටත් විශ්‍රාමික විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් වාර්තාව 2024 සැප්තැම්බර් 14දාත් හිටපු ජනාධිපතිවරයාට භාරදී තිබෙන බවද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේය.
– දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
භාණ්ඩාගාර මංකොල්ලය: වැරැද්ද කාගෙද?.. මහ බැංකුවයි-භාණ්ඩාගාරයයි මූණට මූණ ඇනකොටා ගනී!
විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව: ගුරු, විදුහල්පති සේවා වල ස්වාධීනතාවය නැති කරල, වැටුප් විශ්මතාවයක් නෑ කියන්නයි මේ හදන්නෙ - ඒකාබද්ධ ගුරුසේවා සංගමය
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්
ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..
සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..
MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ගේන්න යනවා.. – හර්ෂ ද සිල්වා
ලෝකයේ බලශක්ති අර්බුදයක් ඇති වීමට හේතුව අමෙරිකාව සහ චීනයේ බල ඝට්ටනය ද?.. - ගෝලීය බලශක්ති අර්බුදයේ ඇත්ත කතාව ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
සුරේෂ් සලේ කියන්නේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙක්.. ගනේද්‍ර සහ ශානි ගහපු ගේම් එක මෙන්න.. - නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි
මහාභාණ්ඩාගාර කොල්ලයට මහබැංකුවත් වගකිව යුතුයි.. නන්දලාල්ටත් වැඩ වරදියි.. - මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ කියයි