මාස 6ක් සඳහා ධීවරයින්ට විශේෂ ඉන්ධන සහනාධාරයක්
ධීවර ජනතාවට විශේෂ ඉන්ධන සහනාධාරයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක ඇමැති විජිත හේරත් මහතා ඊයේ (15දා) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙමින් පැවැසීය.
මේ සහනය ලබාදීමට මැතිවරණ කොමිසමේ අනුමැතිය ලැබී ඇති බවද ඇමැතිවරයා කීවේය.
මේ අනුව ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් ලීටරයක් සඳහා රු. 25ක සහනාධාරයක් ලබාදීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇති බවත් ධීවර කර්මාන්තය යම්කිසි තැනකට ශක්තිමත් වනතෙක් මේ සහනාධාරය ලබාදීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
ධීවරයින්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගෙන 2024. 10. 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 6ක කාලයක් සඳහා මේ ඉන්ධන සහනය ලබාදීමට ධීවර හා ජලජ සම්පත් ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා මේ යෝජනාව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.
මේ ඉන්ධන සහනය මාස හයක කාලයක් සඳහා රු. මිලියන 5.5ක් වෙන් කර ඇති බවත් ඒ අනුව ඉන්ධන වශයෙන් ඩීසල් ලබාගන්නා යාත්‍රා හිමියන් වෙනුවෙන් ලීටරයකට රු. 25 බැගින් මසකට රු. 300,000ක උපරිමයකට යටත්ව සහ ඉන්ධන වශයෙන් භූමිතෙල් ලබාගන්නා යාත්‍රා හිමියන් සඳහා දිනකට ලීටර් 15ක හා දින 25ක උපරිමයකට යටත්ව රැකියාවේ නිරත වන දිනයන් සඳහා පමණක් සීමා වන පරිදි භූමිතෙල් ලීටරයකට රු. 25ක් වශයෙන් දීමනාවක් ලබාදීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇති බවද ඇමැති විජිත හේරත් මහතා සඳහන් කළේය.
ඩීසල් සහ භූමිතෙල්වල මිල සංශෝධනයන් සිදු කරන සෑම අවස්ථාවකම උපරිම මාස 6ක කාලයක් සඳහා ඩීසල් සඳහා උපරිම වශයෙන් වෙළෙඳපොළෙන් මිලෙන් සියයට 7.5ක සහනයක්ද භූමිතෙල් සඳහා උපරිම වශයෙන් වෙළෙඳපොළ මිලෙන් සියයට 12.5ක සහනයක්ද ලැබෙන පරිදි මේ සහන වැඩසටහන පවත්වාගෙන යන බවද කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා කියා සිටියේය.
මැතිවරණ කොමිෂන් සභාව මේ සහනය ලබාදීමට අනුමැතිය ලබාදී ඇති බවද එම අනුමැතියට යටත්ව රජය මේ සහනාධාරය ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..