පරීක්ෂණ කඩිනම් කරන ලෙස නියෝග කළ පොලිස් පරීක්ෂණවලට ලසන්ත, තාජුඩීන්, එක්නැළිගොඩ සිද්ධි ඇතුළත් නැහැලු
මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පරීක්ෂණ කඩිනම් කරන ලෙස පසුගියදා පොලිසියට නියෝග කළ සිද්ධි අතරට ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතන සිදුවීම් සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදන්වීම ඇතුළත් නොවන බව වාර්තා වේ.
ප්‍රමුඛ පෙළේ සිද්ධීන් හතක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට උපදෙස් ලබාදී ඇත.
වික්‍රමතුංග සහ තාජුඩීන් ඝාතන සහ එක්නැළිගොඩ අතුරුදන්වීම ඉහත ලැයිස්තුවට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්නගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ පරීක්ෂණ සිදු කරන්නේ පොලිසිය මිස අමාත්‍යාංශය නොවන බැවින් අවශ්‍යනම් පොලිසිය අමතා ඒ සම්බන්ධයෙන් විමසීමක් කරන ලෙසයි.
පරීක්ෂණ 7ක් සම්බන්ධයෙන් පමණක් වැඩබලන පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් උපදෙස් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත.
එම පරීක්ෂණ 7 වන්නේ 2023 වසරේ වැලිගම W 15 හෝටලයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය, 2022 දී සිදුවූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ සැක සහිත මරණය, 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, 2015 වසරේ සිදුවූ බව කියන මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර වංචාව, 2011 වසරේ ලලිත් කුමාර් සහ කුගන් මුරුගානන්දන් යන ක්‍රියාකාරීන් අතුරුදහන් වීම, 2006 වසරේ විශ්වවිද්‍යාල උපකුලපතිවරයකු වූ සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් අතුරුදන් වීම සහ 2005 දී
මාධ්‍යවේදී ඩී.පී.සිවරාම් පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධීන්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..