යුද අපරාධ චෝදනා විමර්ශනය, විශ්‍රාම කාලය ගතකිරීමට තුවාලය පාරමින් හිඟාකන්නාක් මෙන් සිදු නොවිය යුතුයි - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස
පසුගියදා වත්මන් ශ්‍රී ලංකා නීතිඥ සම්මේලනයේ සභාපති, ජනාධිපති නීතිඥ, අනුර මැදගොඩ මහතා පවසා තිබුණේ යුද අපරාධ පිළිබඳව පරීක්ෂණ සිදු නොකළහොත් දේශපාලන නායකයින්ට පවා ගමන් සීමාකිරීම් පැනවිය හැකි බවයි.
ඒ පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා "ලංකා ලීඩර් නිවුස්" වෙබ් අඩවියට ප්‍රකාශ කළේ යුද අපරාධ චෝදනා විභාගය ස්වභාවික යුක්තිය නීතිය යටතේ කල යුතු බවයි. එසේ නොමැතිව, යුද අපරාධ චෝදනා විමර්ශනය කාගේ හෝ හුදු විශ්‍රාම කාලය ගතකිරීමට වැය කරන තුවාලය පාරමින් හිඟාකන්නාක් මෙන් සිදුවිය යුත්තක් නොවන බවයි.
ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය,
"ජනාධිපති නීතිඥ, නීතිඥ සංගමයේ සභාපතිතුමාගේ කතාව පිළිබඳව අවධානය යොමුකරන්නේ නම්, එතුමා උගත් සහ වසර 40 ක නීතිය පිළිබඳ ඉතිහාසයක් ඇති නීති විශාරදයෙක් ලෙස, යුද අපරාධ චෝදනා ඇත යැයි හැඟවෙන්නාවූ ස්ථාවරයක සිට යුද අපරාධ චෝදනා විමර්ශනය කළ යුතු යැයි පැවසීම ඉතා භාරදූර සහ එය ඔහුගේ විශ්වාසවන්ත කම, කීර්තිය, අවංකත්වය සහ සාධුගුණයට බලපාන බව පලමුවෙන්ම පැවසිය යුතුයි.
එතුමා මේ වනවිට දැන සිටිය යුතුයි යහපාලන රජය විසින් 2015 දී ජිනීවා මානව හිමිකම් සමුළුවේ 30 වන සැසිවාරයේදී යුද අපරාධ චෝදනා ප්‍රශ්න කිරීමකින් තොරව හා සම අනුග්‍රහයදී පිළිගැනීම මෙම තත්ත්වයට, එනම් සෑම වසරකම තුන් වරක් ශ්‍රී ලංකාවට එරෙහිව ජීනීවා මානව හිමිකම් කොමිසමේදී යෝජනා සම්මතවීමට, හේතුවී තිබෙන බව.
මේ තත්ත්වය වසර නමයක් ගතවී පසුගිය 57 වන සැසිවාරයේදීත් සිදුවුනා. එහිදී, එම යෝජනා වත්මන් රජය විසින් පිළිගත්තේ නැහැ. එය ඉතා වටිනා තීරණයක්. එහෙත් එය ප්‍රමාණවත් නෑ. රජය එකඟ උනා දේශීය යාන්ත්‍රණයක් මගින් ඒ පිළිබඳව කටයුතු කරන බව. මේ යෝජනා කරන දේශීය යාන්ත්‍රණයේ ගැටළු තියෙනව. ඒ පිළිබඳව අප වෙනම සාකච්ඡා කරමු.
සභාපති ජනාධිපති නීතිඥතුමා දැන සිටිය යුතුයි, එතුමාට සමාන හෝ එතුමාට වැඩිය යුද අපරාධ නීතිය පිළිබඳව ප්‍රමාණික දැනුම ඇති ආචාර්ය මහාචාර්‍ය යුද අපරාධ විශේෂඥයින් විසින් ඔය කියන චෝදනා විමර්ශනයෙන් පසුව අපගේ යුද විරුවන් යුද අපරාධ සිදුකර නොමැති බවට සහතික කර ඇති බව.
එම විමර්ශකයින් වන්නේ ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා QC, මහාචාර්ය ඩී. එම්. ක්‍රේන්, ශ්‍රීමත් ජෙෆ්‍රි නයිස් QC, රොඩ්නි ඩික්සන් QC, මහාචාර්ය මයිකල් නිව්ටන් සහ මේජර් ජනරාල් ජෝන් හෝම්ස්. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා, ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල විසින් නිකුත්කල කේබල් වාර්තා ආදිය මෙන්ම බ්‍රිතාන්‍යයේ ශ්‍රීමත් නෙස්බි සාමිවරයාගේ වාර්තා වලින්ද අප යුද අපරාධ සිදු නොකළ බවට තහවුරු කරනව.
ඊට අමතරව යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ වාර්තාව, මානුශීය ආධාර පිළිබඳ උපදේශන කමිටු වාර්තාව, ශ්‍රී ලංකාවේ මෑත කාලින ගැටුම් සමයේ සිදුවූ සිදුවීම පිළිබඳව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාව අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව ආදිය මෙන්ම එල්ටීටීඊ සංවිධානයේ කාන්තා අංශයේ නායිකා තමිලිනී ජයකුමාරන්, මුලතිව් රෝහලේ වෛද්‍ය වී. ෂන්මුගරාජා ආදීන්ගේ සාක්ෂිද තියෙනව. එසේම, අවශ්‍යනම්, අප අනුග්‍රහයදී සකසා ජිනීවා මානව හිමිකම් සමුළුවට 2017 වසරේදී බාරදෙන ලද "OISL වාර්තාවේ සත්‍ය තක්සේරුවක්: සන්නද්ධ හමුදාවන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කිරීම" වාර්තාවේ පිටපතක් අවශ්‍යනම් එතුමාට ලබාදිය හැකියි. එසේම එය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතකර ඇති බැවින් එතුමාට එයද පරිශීලනය කළ හැකියි.
කනගාටුවට කාරණය වන්නේ යහපාලන රජය බිඳවැටීමෙන් පසුව ඇතිවූ ගෝඨාභය රජයද අවශ්‍ය පරිදි කටයුතු කලේ නෑ. අප විසින් අනුග්‍රහය දුන් වාර්තාවෙන් යෝජිතව තිබූ "ස්වාභාවික යුක්තිය ඉල්ලීම" පසෙකලා නීතිය පිළිබඳ මහාචාර්‍ය වරයෙක් දුන් "යුද අපරාධ චෝදනා තිබියදී ඒ සඳහා යෝජිත ඳඬුවම් වලින් මිදීමට මධ්‍යස්ථ දෙමළ ඩයස්පෝරාවේ සහය ලබමු" යන දිරච්ච වැල්පාලම් මාර්ගය තෝරා ගත්ත. ප්‍රථිඵලය අරගලයේදී අත්විඳින්න හැකි උනා.
විමර්ශනයක් පැවැත්වීම පිළිබඳව අපද එකඟයි. එය ස්වභාවික යුක්තිය මාර්ගයට අනුකූලව, චෝදනා කරන්නන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමට හැකියාව ඇතිව, සිදුකරන්නාවූ දේශීය යාන්ත්‍රණයක් විය යුතුයි. එසේ නොමැතිව, මෙම විමර්ශණ, විශ්‍රාම කාළය ගතකිරීම සඳහා වන හිඟන්නාගේ තුවාලය පාරන් කෑමක් නොවිය යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්