News Category
From Date
To Date
Maximum Number of Result

බුදුදහමට රාජ්‍ය ආරක්ෂාව අත්‍යවශ්‍යයි - වතුරකුඹුරේ ඥාන විමල හිමි

Oct 9, 2024 at 02:36 PM
|

ලොව බෞද්ධ රටවල් ඇත්තේ අතේ ඇගිලි ගණනටත් වඩා අඩුවෙනි.

මියන්මාරය, තායිලන්තය, ශ්‍රී ලංකාව ඒ රටවල් තුනයි.

ලාඕසයේ බෞද්ධයන් සිටියද එය කොමියුනිස්ට් බලය යටතේ පවතී.

මහායාන ථෙරවාද කදවුරු දෙකම සැලකුවත් බෞද්ධයන් සිටිනුයේ ලෝක ජනගහණයෙන් 7% කි.

එයින් 65% ක් මහායානිකයෝ වෙති.

බෞද්ධයන්ගෙන් 50% ක් පමණ

අධ්‍යාපනය, කළකිරීම, බාහිර බලපෑම් ආදී හේතු මත නිරාගමික තත්වයට පත්ව සිටිති.

ඒ අනුව ඉතිරිව සිටින බෞද්ධයන්ගේ ප්‍රතිශතය 1% වැනි ඉතා අඩු අගයකි.

ලොව වැඩිම කාලයක් බුදුදහම රැකුනේ ශ්‍රී ලංකාවේ බවට සැකයක් නැත. එලෙස බුදු දහම ආරක්ෂා වීමට එකම හේතුව රාජ්‍ය අනුග්‍රහයයි.

බෞද්ධයන් ස්වභාවයෙන්ම යුද විරෝධී පිරිසකි.

“හරස් කියතකින් දාකට කපන විට පවා සතුරාට මෛත්‍රී කිරීම” බෞද්ධයන්ගේ පරම යුතුකමයි. 

ලොව අන් ඇදහිලි සමග බද්ධ වූ අති බහුතරයට එවන් සීමා පණවා නැත.

බෞද්ධයන් වන අපේ ආගමික හැදියාව අනුව ජීවිතාරක්ෂාව පතා හෝ අනෙකෙකුට අතක් එසවීමේ අයිතිය අපට ලබා දී නැත.

අන්‍යාගමිකයන් තලා පෙලා ආගම ප්‍රචාරය කිරීමට අපට අවසර නැත. 

එනමුත් ලෝක ඉතිහාසය අනුව බලන කල වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ආගම් පැතිරවීමේ යුද්ධ හේතුවෙනි.

කුරුස යුද්ධ හේතුකොටගෙන 1095 සිට 1291 දක්වා මිය ගිය සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ ලක්ෂයකි. ආගමික යුද්ධ නිසා මියගිය සමස්ථ ජනගහනය කෝටි පනහකි.

බුදුදහම පැතිරවීම වෙනුවෙන් ලෝක ඉතිහාසය තුල කිසිදු යුද්ධයක් කර නැත. බුදුදහම පැතිරවීමට අඩුම තරමේ මැස්සෙකු මදුරුවෙකුගේ දිවිතොර කර නැත.

බෞද්ධයන් අතින් පාලන බලය  ගිලිහී ගිය සෑම අවස්ථාවකම සිදුවූයේ මහා ජන සංහාරයකි. 

පුශ්‍යමිත්‍රශුංග නම් අබෞද්ධයා ක්‍රිපූ 185 දී රාජ්‍ය බලය පැහැර ගැනීමත් සමග ඉන්දියාව තුල මහා බෞද්ධ සංහාරයක් ඇරඹුනි. වෙහෙර විහාර අසූහාරදහසක් බිමට සමතලා කරනු ලැබීය. බෞද්ධ භික්ෂුවකගේ හිසකට කහවණු සියයක් බැගින් මිල කරනු ලැබීය.

1153 දී මාලදිවයින් පාලකයා බුදුදහම අත්හල අතර සියලු බෞද්ධ භික්ෂූන් සමූලඝාතනය කරනු ලැබීය. දැඩි රාජ්‍ය මර්දනය හමුවේ සියලුම බෞද්ධයන්ට සිය ආගම අත්හැරීමට සිදුවිය.

1971 දී නැගෙනහිර පකිස්ථානය බංග්ලාදේශය බවට පත් කිරීමේ ක්‍රියාවලියේදී බෞද්ධයන් සහ හින්දූන් අවම වශයෙන් පන් ලක්ෂයක් ඝාතනය කරනු ලැබීය.

1949 චීනය කොමියුනිස්ට් පාලනයට නතුවූ අතර චීන රජය 1959 දී ටිබෙටයේ දළයි ලාමා බලයෙන් පහ කරනු ලැබීය. එවකට ටිබෙටයේ බෞද්ධ ප්‍රතිශතය 100% කට ආසන්න විය. චීන කොමියුනිස්ට් පාලනයේ මර්දනය නිසා ටිබෙටයේ පමණක් අහිමිවූ ජීවිත ගණන විසි ලක්ෂයක් බවට ගණන් බලා ඇත.

අදටත් චීනයේ ආගම් ප්‍රචාරය තහනම්ය. චීන බලධාරීන්ට අනුව ආගම් ඇදහීම කොමියුනිස්ට් ඉලක්ක සපුරා ගැනීමට බාධාවකි.

1990 සිට මේ දක්වා විනාශ කර ඇති වෙහෙර විහාර සංඛ්‍යාව 900 කට අධිකය. ලෝක ප්‍රසිද්ධ ගුවාන් යින් බෝසත් පිලිමයද ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ ස්ථානයද ඒ අතර වෙයි.

1955 වියට්නාම් යුද්ධය ආරම්භයේදී එරට 91% ක්ම බෞද්ධයන්ය. උතුරු වියට්නාමය කොමියුනිස්ට් පාලනයකට යටත් විය.

1975-04-30 දින යුද්ධය අවසන් වන විට බෞද්ධ භික්ෂූන් වහන්සේලා 72,000 ක් ජීවිතක්ෂයට පත්කර තිබූ අතර ඉතිරිව සිටියේ දෙනමකි.

1948 දී කොරියාව උතුරු දකුණු වශයෙන් කොටස් දෙකකට වෙන් විය.

උතුරු කොරියාවේ ආගම් ආගම් ඇදහීම තහනම් කරනු ලැබීය. අදටත් උතුරු කොරියාවේ ආගම් ඇදහීම අපරාධමය වරදකි. දැනට එහි ඉතිරි වී ඇති බෞද්ධයන් ප්‍රතිශතය 0.5% කි. දකුණු කොරියාව ශීඝ්‍රයෙන් අන්‍යාගමීකරණයට ලක්වූ අතර බෞද්ධ ඉතිහාසයක් හිමි එරට අද බෞද්ධයන් ප්‍රතිශතය 16% දක්වා පහල ගොස් ඇත.

1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමට එක් හේතුවක් වූයේ සිංහල රජවරුන් අතින් පාලන බලය ගිලිහී යාමයි.

බෞද්ධයන් අපහසුතාවයට පත් නොවනු පිණිස එහි 5 වගන්තියෙන් බුදුසසුන රැක ගැනීම රජයේ වගකීමක් බවට පත් කරනු ලැබීය.

රොබට් බ්‍රවුන්රිග් ඊට අත්සන් කිරීමට මැලිවිය. කෙසේ නමුත් උඩරට ප්‍රධානීන් එම වගන්තිය ඉවත් කිරීමට තරයේ විරුද්ධ වීම නිසා රොබට් බ්‍රවුන්රිග් ඊට අත්සන් තැබීය.

බුදුසසුන රැක ගැනීමට ඔහු දුන් පොරොන්දුව එංගලන්ත රජයේ උදහසට හේතු විය. 

එලෙස 1815 දී බුදුදහමට ලිඛිතව ලැබුණ රාජ්‍ය ආරක්ෂාව 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද ඇතුලත් කරනු ලැබීය. 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය අනුව බුදුදහම රැක ගැනීම රජයේ යුතුකමකි.

මෙලෙස ලැබෙන රාජ්‍ය අනුග්‍රහය අවසන් වීම යනු ලක්දිව බුදු සසුනේ අවසානයයි. 

ඒ බව පෙර කී උදාහරණ මගින් සනාථ වනු ඇත.

බුදුදහමට ලැබුණු රාජ්‍ය අනුග්‍රහය අවසන් වී අනාගමික රාජ්‍යයක් වෙත මාරු වන ලකුණු මේ වන විටත් පහල වී ඇත.

මේ අතිශය තීරණාත්මක අවස්ථාවේදී ඇස් කන් පියා නොසිට තනි බෞද්ධ බලවේගයක් බවට පත්වී බුදුසසුන රැක ගැනීමට ඔබ අප සියලු දෙන එක්සත් විය යුතුය.

සම්බුද්ධ ශාසනයට එන අභියෝග සංසදයේ
වතුරකුඹුරේ ඥාන විමල හිමි.

සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

කෙහෙලිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.