News Category
From Date
To Date
Maximum Number of Result

මිනිරන් ආකරයක් මත ඉඳගෙන පිටරටට අතපාන රටක්... මිනිරන් පතල් 3000ක් තිබුණු රටේ දැන් තියෙන්නෙ 3යි… අදටත් ලෝකයේ හොඳම මිනිරන්, ග්‍රැෆීන් තියෙන්නෙ අපේ රටේ…

Nov 1, 2023 at 01:24 PM
|

භූ විද්‍යාව පිළිබඳ මෙරට රාජ්‍ය ආයතනයක් ආරම්භ වී ඇත්තේ 1903 වර්ෂයේදීය. එම ආයතනයේ ප්‍රධාන ඛනිජ විද්‍යාඥයා ලෙස කටයුතු කර ඇත්තේ මෙරට ශ්‍රේෂ්ඨ කතුවරයෙක් වූ ආනන්ද කුමාරස්වාමී මහතාය. ඔහුගේ උපදෙස් මත ඛනිජ සම්පත් ගවේෂණය කරගෙන ගිය ඉංග්‍රීසි ජාතික ඛනිජ ගවේෂකයන් විසින් මෙරට පොළොව තුළ නිධන්ව තිබෙන ඛනිජ බොහෝමයක් සොයාගෙන තිබේ. ඒ අතරින් ප්‍රධාන මිනිරන්ය.

එම ගවේෂකයන් විසින් මෙරට මිනිරන් නිධි සිතියම්ගත කර තිබේ. එම සිතියමට අනුව මාතර සිට ත්‍රිකුණාමලය දක්වා මිනිරන් නිධියක් සහිත තීරුවක් පිහිටා තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ සිට කොළඹ දිස්ත්‍රික්කය පුරා තැන, තැන මිනිරන් නිධි පිහිටා තිබේ. කුරුණෑගල, ගලේවෙල ආදී ප්‍රදේශවල සිට කන්ද උඩරට දක්වා මිනිරන් නිධි පිහිටා තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති භූ ගර්භ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න විසින් මෑතක අලුත්ම මිනිරන් නිධියක් නාවලපිටියෙන් සොයාගත් බව හේ අපට පැවසුවේය. එහෙත් දැන් අප සිටිනුයේ මෙරටට පමණක් නොව ලෝකයේම වටිනා කඳු පන්තියක් වන මිනිරන් කන්ද පාමුලය. ලෝකයේ මිල අධික සුවිශේෂී මිනිරන් සහිත කන්ද පාමුලය. කිලෝ මීටර් දහයකට වැඩි වපසරියක විහිදෙන මිනිරන් කන්ද පිහිටා තිබෙනුයේ දොඩම්ගස්ලන්ද, කහටගහ ප්‍රදේශයට සහ මැල්සිරිපුර රා ගෙදරට මායිම්වය. එම කඳු පන්තියේ දකුණු පස කෙළවරේ නැගෙනහිර බෑවුමේ කහටගහ මිනිරන් පතල පිහිටා තිබේ. උතුරු කෙළවරේ බටහිර බෑවුමේ මැල්සිරිපුර රා ගෙදර මිනිරන් පතල පිහිටා තිබේ.

ප්‍රථම වරට රා ගෙදර මිනිරන් පතල ආරම්භ කර ඇත්තේ 1830 ගණන්වලය. එමෙන්ම මෙරට විශාලතම සහ වටිනාකමින් වැඩි මිනිරන් සහිත පතල රා ගෙදර මිනිරන් පතල බව ඉංග්‍රීසි ජාතිකයන් හඳුනාගෙන තිබිණි. මෙරට පතල් ඉතිහාසයේ ලෝකයට වැඩිම මිනිරන් ප්‍රමාණයක් ලබා දී ඇත්තේ ද රා ගෙදර පතලෙනි. එමෙන්ම මෙරට මිනිරන් නිෂ්පාදනයේ 50% ක් නිෂ්පාදනය කර ඇත්තේ රා ගෙදර පතලෙනි. මේ පතල පවත්වාගෙන ගිය ඩිමෙල් නමැති ව්‍යාපාරිකයා ලොව දැවැන්තම මිනිරන් ව්‍යාපාරිකයා ලෙසට ද ප්‍රකටව සිටි බව ද වාර්තා වේ. මැල්සිරිපුර නගරය බිහි වී ඇත්තේ ද රා ගෙදර පතල නිසා බව කරුණු වාර්තා වේ. ‘මැල්සිරිපුර’ නම පටබැඳී ඇත්තේ රා ගෙදර පතලෙ අයිතිකරුගේ නාමය ද සම්බන්ධ කරමිනි. ඉඩම් අක්කර සියයක් පුරාවට මිනිරන් නිධිය විසිරී ඇති රා ගෙදර පතලේ තවම කැණීම් කරනුයේ අඩි දෙසීය හැත්තෑහයක් පමණ දුරකය. මේ වනවිට කහටගහ පතලේ කැණීම් සිදු වනුයේ අඩි තුන්දහසකට ආසන්න දුරකය. බෝගල පතලෙ කැණීම් සිදු වනුයේ අඩි දෙදහසකට ආසන්න දුරකය. රා ගෙදර මිනිරන් කැණීම් කරන අඩි දෙසීය හැත්තෑහයක් පහළ පතලට අපි බැස්සෙමු. භීතිය, ත්‍රාසය, පිරුණු ඒ ගමන දුෂ්කරය. එම පතලෙ බැසගෙන කැණීම් කරන මිනිසුන් ගැන දුකත් සිතිණි. එහෙත් ඔවුන් සතුටින්, විනෝදයෙන් පතල තුළ වැඩ කරන අයුරු දුටු විට මම පුදුම වෙමි.

කන්නෙත් කරලවයි රට හාලේ බතට, බොන්නෙත් බොර දියයි පූරුවේ කළ පවට

පතල් කවි මගෙ මතකයට නැඟිණි. එහෙත් එදා බොර දිය බීගෙන, පන්දම් එළියෙන් කැණීම් කරපු පතල් කර්මාන්තය ඉතිහාස පාඩමක් පමණි. දැන් පතලෙ පතුළට යන තෙක් හොඳින් වාත්‍රාශය තිබේ. කෑම, බීම පතලට ලැබේ. සියලු කැණීම් සිදු කරනුයේ යන්ත්‍රානුසාරයෙනි. එහෙත් පතල් රැකියාව වෙනම කතාවකි. පෙළගැසෙන කතාව මෙරට මිනිරන් පතල් කර්මාන්තයට අත්ව ඇති අනුවේදනීය ඉරණම ගැන ය. මිනිරන් කන්ද පාමුල රා ගෙදර පතල සොයාගෙන අප පැමිණියේ එහි හිමිකරු සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හිටපු සභාපති කීර්ති වික්‍රමරත්න මහතා හමුවීමටය. පතලට බැස්සෙ කතාව පතුලෙන්ම පටන්ගැනීමට අවැසි බැවිණි. වික්‍රමරත්න මහතා ද මෙරට පතල් කර්මාන්තයේ ඉතිහාසයෙන්ම කතාවට ප්‍රවිෂ්ට විය.

“දෙවැනි ලෝක යුද්ධය පටන් ගන්න කාලය වෙනකොට මෙරට මිනිරන් පතල් 3000 ක් තිබුණා. ජපානයට පසු ආසියාවේ ආර්ථික වශයෙන් ශක්තිමත් රට විදිහට මෙරට දියුණු වෙලා තිබුණේ මිනිරන් කර්මාන්තය නිසයි. එකල ලෝකයේ මිනිරන් නිෂ්පාදනය කරන රටවල් අතර අපේ රට පළමුවන ස්ථානයේ පසු වුණා. වසරකට මිනිරන් ටොන් 35000 ට වැඩි ප්‍රමාණයක් අපනයනය කළා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු 1960 ගණන්වල මෙරට පෞද්ගලික වතු රජය සතු කර ගත්තා. ඒ අනුව සියලුම මිනිරන් පතල් රජය සතු වුණා. ඒ වගේම රජය සතුවීමත් සමඟ මෙරට විශාල කර්මාන්ත සංඛ්‍යාවක් වැහිලා ගියා. අවසානයේ මෙරට ඉතිරි වුණේ මිනිරන් පතල් දෙකයි. ඒ කහටහගහ පතලයි. බෝගල පතලයි. රා ගෙදර මේ පතලත් අතහැර දාලා තිබුණේ. පසුව අවුරුදු තිස් ගානකටත් වැඩි කාලයක් ලංකාවේ කැණීම් කෙරුණේ ගහටගහ, බෝගල පතල් දෙක විතරයි. මම ජර්මනියේ බර්ලින් විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන වසර දෙකක් එම විශ්වවිද්‍යාලයේම ඉංජිනේරුවෙක් විදිහට රැකියාවක් කරල ලංකාවට ඇවිත් මෙරට ප්‍රථම ඛනිජ සම්පත් ගවේෂණ ආයතන ආරම්භ කළා. මේ රට සංවර්ධනය කිරීමට නම් පොළව යට තියෙන ඛනිජ සම්පත් එළියට අරගෙන අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් ලෝක වෙළෙඳපොළට නිකුත් කළ යුතු බව මම විශ්වාස කළා. ලෝකයේ සංවර්ධිත රටවල් බොහෝමයක් දියුණු වෙලා තියෙන්නෙ ඒ, ඒ රටවල ඛනිජ සම්පත් කැණීම් කර වෙළෙඳාම් කිරීමෙන් ලබන ආදායමෙන්. ඒත් යල් පැන ගිය ක්‍රම භාවිතයෙන් ඛනිජ සම්පත් කැණීම් කර සාර්ථක ප්‍රතිඵල ගන්න බැරි බවත් අධ්‍යයනවලින් තහවුරු වුණා. විශේෂයෙන්ම සම්ප්‍රදායක ක්‍රම භාවිතයෙන් අඩි දෙසීයකට වඩා දුරකට පතල් බහින්න බෑ. මෙරට පතල් වැසී යෑමට ඒකත් ලොකු බලපෑමක් වුණා…”

“අතහැර දාලා තිබුණු රා ගෙදර පතල මම මිලදී ගත්තෙ 2011 වර්ෂයේදී. මේ පතල මම ගත්ත බව දැනගත් පසු ලෝකයේ සිටින දැවැන්තම මිනිරන් සමාගම් දහයෙන් අටක නියෝජිතයන් ලංකාවට ඇවිත් මා සමඟ සාකච්ඡා කළා. ඊට අමතරව තවත් ලොව පිළිගත් ව්‍යාපාරිකයන් රාශියක්ම ඇවිත් සාකච්ඡා කළා. පතල, මිනිරන් අධ්‍යයන කරලා මා සමඟ සම්බන්ධ වෙලා වැඩ කරගෙන යෑමට බොහෝ ආයෝජකයන් කැමැති වුණා. සමහර ආයෝජකයන් හය, හත් පාර ලංකාවට ඇවිත් මා සමඟ සාකච්ඡා කළා. ඩොලර් මිලියන හාරසියේ සිට හයසිය, හත්සිය දක්වා මුදල් ආයෝජනය කිරීමටත් එකඟ වුණා. ඒකට ප්‍රධාන වුණේ මිනිරන් අතර තිබෙන පරමාණුක ස්ථරවල (ග්‍රැෆීන්) වටිනාකම ගැන මම ලෝකයට සන්නිවේදනය කිරීම නිසයි. ග්‍රැෆීන් යනු නැනෝ තාක්‍ෂණයට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යයක්. මේ වන විටත් ලෝකයේ තාක්‍ෂණ උපකරණ රාශියක් නිෂ්පාදනය කිරීමට ග්‍රැෆීන් භාවිත කරනවා. ග්‍රැෆීන් ඛනිජය වානේවලට වඩා දෙසීය ගුණයකින් ශක්තිමත්. ඒත් පුළුන් පොදක් තරමට සැහැල්ලුයි. ග්‍රැෆීන් හරහා ප්‍රතිරෝධයක් නොමැතිව විදුලිය ගමන් කිරීමේ හැකියාව තියෙනවා. දත්ත ගබඩා කර තබාගැනීමේ චිප් නිෂ්පාදනයට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක්. ඉලෙක්ටි්‍රක් වාහනවල බැටරිය නිෂ්පාදනය කිරීමට ග්‍රැෆීන් අමුද්‍රව්‍ය අත්‍යවශ්‍යයි. සරලව කියනවා නම් ග්‍රැෆීන් යනු මේ ලෝකයේ විනාශකාරී ගමන හැරවීමට තිබෙන ඖෂධයක්. අපේ භාෂාවෙන් කියතොත් කෝකටත් තෛලය වගේ ඛනිජයක්…”

මිනිරන් ආකරයක් මත ඉඳගෙන පිටරටට අතපාන රටක්

“ලෝකයේ හොඳම ග්‍රැෆීන් නිෂ්පාදනය කරන්න පුළුවන් අපේ පතලෙන් බව 2015 වර්ෂයේදී සිංගප්පූරු ඛනිජ ගවේෂණ සමාගමකින් සිදු කළ පර්යේෂණයකින් ඔප්පු වුණා. ඒ පර්යේෂණ වාර්තාව ජනගත කිරීමත් එක්ක මට විවිධාකාර ප්‍රශ්න ආවා. පතල මිලදී ගත්ත මුදලට වඩා දහගුණයකට වැඩි මුදලකට නැවත පතල මගෙන් ඉල්ලුවා. අපේ පතල රජයට පවරා ගැනීමට කිහිප විටක්ම උත්සාහ කළා. ඒ සියලු දේ අසාර්ථක වෙනකොට දෙපාරක් මට වෙඩි තියන්න උත්සාහ කළා. මගෙ වාහනයෙ කෑලි ගලවලා තිබුණා. ඒ හැම මාරකයකින්ම මම බේරුණා. ඒත් අන්තවාදීන් නතර වුණේ නෑ. මිනිරන් කන්දෙ කොටස් දහයෙන් හතක් තිබුණේ මගේ නමට. ඒවා කැන්සල් කෙරෙව්වා. ග්‍රැෆීන් නිෂ්පාදනයට අවශ්‍ය කෙමිකල් අපනයනයට අවශ්‍ය බලපත්‍රය නොදී අවුරුදු ගාණක් ප්‍රමාද කරනවා. රාජ්‍ය නිලධාරීන්ට වරදාන ලබාදෙමින් අපේ පතලෙන් අසාමාන්‍ය ලෙස බදු අය කිරීමට කටයුතු කරගෙන යනවා. අපි සමඟ එකතු වෙලා හවුලෙ පතල සංවර්ධනය කිරීමට පැමිණි විදේශීය ආයෝජකයන් කිහිපදෙනෙක්ව අභූත චෝදනා කියලා හරවලා යැව්වා. ඉතාම සැලසුම්සහගතව, විශාල මුදල් වියදම් කරමින් ඔවුන්ගේ රටවලට ගිහින් අපි සමඟ සාකච්ඡා කරපු ආයෝජකයන් මුණගැහිලා පතල සම්බන්ධයෙන් බොරු කියලා තිබුණා. මට බොහෝම හිතවත් එංගලන්ත ජාතික ආයෝජකයෙක් ලංකාවට ඇවිත් පතලට ආයෝජනය කරන්න සියලු කටයුතු සිද්ධ කරලා යනකොට ගුවන් යානය තුළදී විදේශීය ගෑනු කෙනෙක් අපේ පතල ගැන අභූත චෝදනා කියලා තිබුණා. මොනතරම් හිතවත්කම් තිබුණත් ලොකු ආයෝජනයකදී සැකයක් මතු වුණොත් දෙපාරක් නෙමෙයි, කිහිප සැරයක් හිතනවා. අන්තිමේ ඔහුත් ආයෝජනයට අකැමැති වුණා. මේ වන තෙක් කිසිදු විදේශීය අයෝජකයෙක් අපිත් සමඟ සම්බන්ධ වෙලා වැඩ කරන්න ඉඩ ලබාදෙන්නෙ නෑ. අපේ ෆෝන් ටැප් කරලා දුරකථන ඇමැතුම්වලට සවන් දෙමින් තොරතුරු ලබාගන්නවා. එහෙම කරන්නෙ මාත් එක්ක තිබෙන අමනාපයකට නෙමෙයි. මිනිරන්, ග්‍රැෆීන් නිෂ්පාදනය තුළින් මේ රට සංවර්ධනය කළ හැකි බව ඒ අන්තවාදී පිරිස් පැහැදිලිව දන්න නිසයි…”

“මම මේ කර්මාන්තය දියුණු කරන්නෙ උත්සාහ කරන්න මට සල්ලි හම්බ කරන්න නෙමෙයි. පතුළට වැටිලා තියෙන මේ රට සංවර්ධනය කරන්න. අපේ රට ලෝකයට ණය නැති රටක් බවට පත් කරන්න. මෙරට මිනිරන් කර්මාන්තය දියුණු කළොත් ග්‍රැෆීන් කන්ටේනර් දහයක්, පහළොවක් පිටරට යනකොට අයි.එම්.එෆ්. එකෙන් අපිට දෙන ඩොලර් බිලියන 3.9 ක් මුදල උපයන්න පුළුවන්. මගේ පතල තවම අඩි තුන්සීයක් නෑ. තව අඩි හාර, පන්දාහසක් පහළට කැණීම් කරන්න පුළුවන්. අවුරුදු පන්සීයකට වැඩි කාලයකට මිනිරන්, ග්‍රැෆීන් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒත් මිනිරන් කර්මාන්තය දියුණු කරන්න කිසිම රජයකින් අපිට උදව් කළේ නෑ. මේ රජයෙන් සහයෝගයක් ලැබෙන්නෙත් නෑ. මේ කර්මාන්තය කරගෙන යනකොට එන තර්ජන, ගර්ජන කියන්න නිලධාරියෙක් නෑ. හරිම අවාසනාවන්ත තත්ත්වයක්. මේ වෙන කිසිවක් නිසා නෙමෙයි අපි ඉපදිච්ච ආගමේ, ජාතියේ වැරැද්ද. වෙන රටක මේ වටිනා මිනිරන් පතල් තිබුණා නම් මේ වෙනකොට ලෝකයේ ධනවත්ම රාජ්‍ය ඒ රට. අපේ රටේ දේශහිතෛෂී ව්‍යාපාරිකයන්ගෙන් මම ඉල්ලා සිටින්නෙ අපි එකතු වෙලා මේ කර්මාන්තය ගොඩ දාමු. මේක තමයි රට වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම යුතුකම…” ව්‍යාපාරික ඔබට කීර්ති වික්‍රමරත්න විවෘත ආරාධනාවක් කරන්නේය.

එමෙන්ම විශාල ඛනිජ සම්පත් ප්‍රමාණයක් තිබෙන, පුනර්ජනනීය බලශක්තිය, වටිනා ශාක පද්ධතියක් තිබෙන මෙරට ලෝකයේ බොහෝ රටවලට වැදගත්ය. ඉන්දියාව, චීනය, ඇමෙරිකාවට පමණක් නොවේ, දියුණුයි යැයි කියන ලෝකයේ සියලු රටවල් මෙරට ගැන අවධානයෙන් සිටින බව සැබෑය. මේ වෙනකොට ලෝකය හසුරුවන ජාත්‍යන්තර අන්තවාදී කණ්ඩායම් අපේ රට ගැන නිරන්තර අවධානයෙන් සිටින බවට ද තොරතුරු අනාවරණය වේ. එම සංවිධාන සමඟ සම්බන්ධ වී මෙරට දේශපාලනය කරන අන්තවාදී පිරිස් එකී සංවිධානවලට අවශ්‍ය දේ ඉටු කරදීමට වලි කන බව ද වාර්තා වේ. මෙරට ඛනිජ සම්පත් කැණීම් කොට අගය එකතු කළ භාණ්ඩ ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම තුළින් කෙටි කාලයකින් රට සංවර්ධනය වන බව අවබෝධ කරගෙන සිටින අන්තවාදී සංවිධාන, මෙරට බිලි බා ගැනීමට වලිකන ප්‍රබල රටවල් ඛනිජ සම්පත් කැණීම් කිරීමට ඉඩ ලබා නොදෙන බව කීර්ති වික්‍රමරත්න පමණක් නොව ඛනිජ කැණීම් ක්‍ෂේත්‍රයේ ව්‍යාපාර කරන කිහිපදෙනෙක්ම අපට කීහ. ඒ එම අන්ත්‍රවාදී සංවිධානවලට සහ මෙරට බිලි බා ගැනීමට වෙර දරන රටවලට අවැසි මේ රට තව, තවත් හිඟමනට පත් කිරීමය. එවිට අපේ රට ඔවුන්ට ගොදුරු කිරීමට පහසුය. අපේ ඛනිජ සම්පත් කොල්ලකාගෙන යෑමට පහසුය. මේ වනවිටත් ඛනිජ සම්පත් ආශ්‍රිත කර්මාන්ත පවත්වාගෙන යන රජයේ, පෞද්ගලික අංශයේ ආයතනවලට අන්තවාදී දේශපාලුවන් විසින් විවිධාකාර ගැටලු මතු කරන බව ද සැබෑය. කීර්ති වික්‍රමරත්න විසින් රා ගෙදර පතල මිලදී ගත් දිනයේ සිට අනේක විධ ප්‍රශ්න ඇති කරන අන්තවාදී දේශපාලනඥයන්ගේ අරමුණ වී ඇත්තේ ඔහුව ඛනිජ කර්මාන්තයෙන් නෙරපා හැරීමට බව හේ අපට පැවසීය. එහෙත් රට වෙනුවෙන් පැමිණෙන දුක් කම්කටොලු දරාගෙන මිනිරන් කර්මාත්තයෙන් මේ රට සංවර්ධනයට රැගෙන යෑමට වෙර වීර්ය දරන බව ඔහු අපට පැවසීය.

එහෙත් භූ විද්‍යාව පිළිබඳ මෙරට රාජ්‍ය ආයතනයක් ආරම්භ වී ඇත්තේ 1903 වර්ෂයේදීය. භූ විද්‍යා පිළිබඳ අධ්‍යයන අංශයක් ආරම්භ වී ඇත්තේ 1965 වර්ෂයේදී ය. ආරම්භක අවධියේ මෙරට භූ විද්‍යාඥයන් නොසිටියේය. ගවේෂණ කටයුතු සිදු කරගෙන ගොස් ඇත්තේ විදේශීය ආචාර්යවරුය. මේ වෙනකොට භූ ගර්භ විද්‍යාව පිළිබඳ මෙරට මහාචාර්යවරු සිටිති. ආචාර්යවරු සිටිති. එහෙත් මෙරට ඛනිජ සම්පත් ගවේෂණයට කිසිදු රජයක් උනන්දු නොවුණි. ඛනිජ සම්පත්වල වටිනාකම, ඛනිජ සම්පත් සොයාගැනීමෙන් රටට ලැබෙන ප්‍රතිලාභ ගැන කිසිම රජයක් සැලකිලිමත් නොවුණි. එහෙත් ලෝකයේ දියුණු රටවල ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ ඒ රටවල ඇති ඛනිජ සම්පත්ය. ඇමෙරිකාවේ ජාතික ආර්ථිකයට එරට ඛනිජ සම්පත්වලින් ලැබෙන දායකත්වය 18% ක වැඩිය. චීලි රටේ ජාතික ආර්ථිකයට ඛනිජ සම්පත්වල දායකත්වය සියයට තිස්අටකි. බොට්ස්වානා රාජ්‍යයට ඛනිජ සම්පත්වල දායකත්වය සියයට හැටකි. අපේ රට පුංචි දූපතක් වුවද ඛනිජ සම්පත් තියෙන ප්‍රමාණය අතිශය වැඩිය. එහෙත් මෙරට නිධන්ගත ඛනිජ සම්පත් රටේ ආර්ථිකයට සම්පතක් කරගැනීමට මෙරට නායකයන්ට දැක්මක් නැත. සොබාදහම විසින් අපට උරුම කර ඇති සම්පත් ප්‍රයෝජනයට ගැනීමට අදට ද ජාතික ප්‍රතිපත්තියක් නැත.

කීර්ති වික්‍රමරත්න මහතාගේ විශේෂ හෙළිදරව්වත් සමඟ මෙරට ඛනිජ සම්පත් කැණීම්කරණයට ඇති ගැටලු සම්බන්ධයෙන් දැන් අප දැනුවත්ය. මෙරට ඛනිජ රටේ ආර්ථිකයට සම්පතක් කරගැනීමට සිටිය පාලකයන් සහ සිටින පාලකයන් කටයුතු නොකරනුයේ ජාත්‍යන්තර අන්තවාදී සංවිධාන සහ මෙරට බිලි බා ගැනීමට කුමන්ත්‍රණ කරන ලොව ප්‍රබල රටවලින් පැමිණෙන බලපෑම නිසා විය හැකිය. ඛනිජ සම්පත් ආරක්‍ෂා කරමින් රටට සම්පතක් කරගැනීමට පත් කර ඇති මැති, ඇමැතිවරු සහ නිලධාරීන්ව මේ රට නැතිභංගස්ථාන කිරීමට පිඹුරුපත් සකසන ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් විසින් පාලනය කරන නිසා විය හැකිය. එවැනි දේශපාලඥයන්, නිලධාරීන්, ඛනිජ සම්පත් මෙරට ආර්ථිකයට සම්පතක් කරගැනීමට පෞරුෂයක් නොමැති නායකයන් සහිත රටක පුරවැසියන් පව්ය.

තරංග රත්නවීර
Divaina

සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.