News Category
From Date
To Date
Maximum Number of Result

මිනිරන් ආකරයක් මත ඉඳගෙන පිටරටට අතපාන රටක්... මිනිරන් පතල් 3000ක් තිබුණු රටේ දැන් තියෙන්නෙ 3යි… අදටත් ලෝකයේ හොඳම මිනිරන්, ග්‍රැෆීන් තියෙන්නෙ අපේ රටේ…

Nov 1, 2023 at 01:24 PM
|

භූ විද්‍යාව පිළිබඳ මෙරට රාජ්‍ය ආයතනයක් ආරම්භ වී ඇත්තේ 1903 වර්ෂයේදීය. එම ආයතනයේ ප්‍රධාන ඛනිජ විද්‍යාඥයා ලෙස කටයුතු කර ඇත්තේ මෙරට ශ්‍රේෂ්ඨ කතුවරයෙක් වූ ආනන්ද කුමාරස්වාමී මහතාය. ඔහුගේ උපදෙස් මත ඛනිජ සම්පත් ගවේෂණය කරගෙන ගිය ඉංග්‍රීසි ජාතික ඛනිජ ගවේෂකයන් විසින් මෙරට පොළොව තුළ නිධන්ව තිබෙන ඛනිජ බොහෝමයක් සොයාගෙන තිබේ. ඒ අතරින් ප්‍රධාන මිනිරන්ය.

එම ගවේෂකයන් විසින් මෙරට මිනිරන් නිධි සිතියම්ගත කර තිබේ. එම සිතියමට අනුව මාතර සිට ත්‍රිකුණාමලය දක්වා මිනිරන් නිධියක් සහිත තීරුවක් පිහිටා තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ සිට කොළඹ දිස්ත්‍රික්කය පුරා තැන, තැන මිනිරන් නිධි පිහිටා තිබේ. කුරුණෑගල, ගලේවෙල ආදී ප්‍රදේශවල සිට කන්ද උඩරට දක්වා මිනිරන් නිධි පිහිටා තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති භූ ගර්භ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න විසින් මෑතක අලුත්ම මිනිරන් නිධියක් නාවලපිටියෙන් සොයාගත් බව හේ අපට පැවසුවේය. එහෙත් දැන් අප සිටිනුයේ මෙරටට පමණක් නොව ලෝකයේම වටිනා කඳු පන්තියක් වන මිනිරන් කන්ද පාමුලය. ලෝකයේ මිල අධික සුවිශේෂී මිනිරන් සහිත කන්ද පාමුලය. කිලෝ මීටර් දහයකට වැඩි වපසරියක විහිදෙන මිනිරන් කන්ද පිහිටා තිබෙනුයේ දොඩම්ගස්ලන්ද, කහටගහ ප්‍රදේශයට සහ මැල්සිරිපුර රා ගෙදරට මායිම්වය. එම කඳු පන්තියේ දකුණු පස කෙළවරේ නැගෙනහිර බෑවුමේ කහටගහ මිනිරන් පතල පිහිටා තිබේ. උතුරු කෙළවරේ බටහිර බෑවුමේ මැල්සිරිපුර රා ගෙදර මිනිරන් පතල පිහිටා තිබේ.

ප්‍රථම වරට රා ගෙදර මිනිරන් පතල ආරම්භ කර ඇත්තේ 1830 ගණන්වලය. එමෙන්ම මෙරට විශාලතම සහ වටිනාකමින් වැඩි මිනිරන් සහිත පතල රා ගෙදර මිනිරන් පතල බව ඉංග්‍රීසි ජාතිකයන් හඳුනාගෙන තිබිණි. මෙරට පතල් ඉතිහාසයේ ලෝකයට වැඩිම මිනිරන් ප්‍රමාණයක් ලබා දී ඇත්තේ ද රා ගෙදර පතලෙනි. එමෙන්ම මෙරට මිනිරන් නිෂ්පාදනයේ 50% ක් නිෂ්පාදනය කර ඇත්තේ රා ගෙදර පතලෙනි. මේ පතල පවත්වාගෙන ගිය ඩිමෙල් නමැති ව්‍යාපාරිකයා ලොව දැවැන්තම මිනිරන් ව්‍යාපාරිකයා ලෙසට ද ප්‍රකටව සිටි බව ද වාර්තා වේ. මැල්සිරිපුර නගරය බිහි වී ඇත්තේ ද රා ගෙදර පතල නිසා බව කරුණු වාර්තා වේ. ‘මැල්සිරිපුර’ නම පටබැඳී ඇත්තේ රා ගෙදර පතලෙ අයිතිකරුගේ නාමය ද සම්බන්ධ කරමිනි. ඉඩම් අක්කර සියයක් පුරාවට මිනිරන් නිධිය විසිරී ඇති රා ගෙදර පතලේ තවම කැණීම් කරනුයේ අඩි දෙසීය හැත්තෑහයක් පමණ දුරකය. මේ වනවිට කහටගහ පතලේ කැණීම් සිදු වනුයේ අඩි තුන්දහසකට ආසන්න දුරකය. බෝගල පතලෙ කැණීම් සිදු වනුයේ අඩි දෙදහසකට ආසන්න දුරකය. රා ගෙදර මිනිරන් කැණීම් කරන අඩි දෙසීය හැත්තෑහයක් පහළ පතලට අපි බැස්සෙමු. භීතිය, ත්‍රාසය, පිරුණු ඒ ගමන දුෂ්කරය. එම පතලෙ බැසගෙන කැණීම් කරන මිනිසුන් ගැන දුකත් සිතිණි. එහෙත් ඔවුන් සතුටින්, විනෝදයෙන් පතල තුළ වැඩ කරන අයුරු දුටු විට මම පුදුම වෙමි.

කන්නෙත් කරලවයි රට හාලේ බතට, බොන්නෙත් බොර දියයි පූරුවේ කළ පවට

පතල් කවි මගෙ මතකයට නැඟිණි. එහෙත් එදා බොර දිය බීගෙන, පන්දම් එළියෙන් කැණීම් කරපු පතල් කර්මාන්තය ඉතිහාස පාඩමක් පමණි. දැන් පතලෙ පතුළට යන තෙක් හොඳින් වාත්‍රාශය තිබේ. කෑම, බීම පතලට ලැබේ. සියලු කැණීම් සිදු කරනුයේ යන්ත්‍රානුසාරයෙනි. එහෙත් පතල් රැකියාව වෙනම කතාවකි. පෙළගැසෙන කතාව මෙරට මිනිරන් පතල් කර්මාන්තයට අත්ව ඇති අනුවේදනීය ඉරණම ගැන ය. මිනිරන් කන්ද පාමුල රා ගෙදර පතල සොයාගෙන අප පැමිණියේ එහි හිමිකරු සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හිටපු සභාපති කීර්ති වික්‍රමරත්න මහතා හමුවීමටය. පතලට බැස්සෙ කතාව පතුලෙන්ම පටන්ගැනීමට අවැසි බැවිණි. වික්‍රමරත්න මහතා ද මෙරට පතල් කර්මාන්තයේ ඉතිහාසයෙන්ම කතාවට ප්‍රවිෂ්ට විය.

“දෙවැනි ලෝක යුද්ධය පටන් ගන්න කාලය වෙනකොට මෙරට මිනිරන් පතල් 3000 ක් තිබුණා. ජපානයට පසු ආසියාවේ ආර්ථික වශයෙන් ශක්තිමත් රට විදිහට මෙරට දියුණු වෙලා තිබුණේ මිනිරන් කර්මාන්තය නිසයි. එකල ලෝකයේ මිනිරන් නිෂ්පාදනය කරන රටවල් අතර අපේ රට පළමුවන ස්ථානයේ පසු වුණා. වසරකට මිනිරන් ටොන් 35000 ට වැඩි ප්‍රමාණයක් අපනයනය කළා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු 1960 ගණන්වල මෙරට පෞද්ගලික වතු රජය සතු කර ගත්තා. ඒ අනුව සියලුම මිනිරන් පතල් රජය සතු වුණා. ඒ වගේම රජය සතුවීමත් සමඟ මෙරට විශාල කර්මාන්ත සංඛ්‍යාවක් වැහිලා ගියා. අවසානයේ මෙරට ඉතිරි වුණේ මිනිරන් පතල් දෙකයි. ඒ කහටහගහ පතලයි. බෝගල පතලයි. රා ගෙදර මේ පතලත් අතහැර දාලා තිබුණේ. පසුව අවුරුදු තිස් ගානකටත් වැඩි කාලයක් ලංකාවේ කැණීම් කෙරුණේ ගහටගහ, බෝගල පතල් දෙක විතරයි. මම ජර්මනියේ බර්ලින් විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන වසර දෙකක් එම විශ්වවිද්‍යාලයේම ඉංජිනේරුවෙක් විදිහට රැකියාවක් කරල ලංකාවට ඇවිත් මෙරට ප්‍රථම ඛනිජ සම්පත් ගවේෂණ ආයතන ආරම්භ කළා. මේ රට සංවර්ධනය කිරීමට නම් පොළව යට තියෙන ඛනිජ සම්පත් එළියට අරගෙන අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් ලෝක වෙළෙඳපොළට නිකුත් කළ යුතු බව මම විශ්වාස කළා. ලෝකයේ සංවර්ධිත රටවල් බොහෝමයක් දියුණු වෙලා තියෙන්නෙ ඒ, ඒ රටවල ඛනිජ සම්පත් කැණීම් කර වෙළෙඳාම් කිරීමෙන් ලබන ආදායමෙන්. ඒත් යල් පැන ගිය ක්‍රම භාවිතයෙන් ඛනිජ සම්පත් කැණීම් කර සාර්ථක ප්‍රතිඵල ගන්න බැරි බවත් අධ්‍යයනවලින් තහවුරු වුණා. විශේෂයෙන්ම සම්ප්‍රදායක ක්‍රම භාවිතයෙන් අඩි දෙසීයකට වඩා දුරකට පතල් බහින්න බෑ. මෙරට පතල් වැසී යෑමට ඒකත් ලොකු බලපෑමක් වුණා…”

“අතහැර දාලා තිබුණු රා ගෙදර පතල මම මිලදී ගත්තෙ 2011 වර්ෂයේදී. මේ පතල මම ගත්ත බව දැනගත් පසු ලෝකයේ සිටින දැවැන්තම මිනිරන් සමාගම් දහයෙන් අටක නියෝජිතයන් ලංකාවට ඇවිත් මා සමඟ සාකච්ඡා කළා. ඊට අමතරව තවත් ලොව පිළිගත් ව්‍යාපාරිකයන් රාශියක්ම ඇවිත් සාකච්ඡා කළා. පතල, මිනිරන් අධ්‍යයන කරලා මා සමඟ සම්බන්ධ වෙලා වැඩ කරගෙන යෑමට බොහෝ ආයෝජකයන් කැමැති වුණා. සමහර ආයෝජකයන් හය, හත් පාර ලංකාවට ඇවිත් මා සමඟ සාකච්ඡා කළා. ඩොලර් මිලියන හාරසියේ සිට හයසිය, හත්සිය දක්වා මුදල් ආයෝජනය කිරීමටත් එකඟ වුණා. ඒකට ප්‍රධාන වුණේ මිනිරන් අතර තිබෙන පරමාණුක ස්ථරවල (ග්‍රැෆීන්) වටිනාකම ගැන මම ලෝකයට සන්නිවේදනය කිරීම නිසයි. ග්‍රැෆීන් යනු නැනෝ තාක්‍ෂණයට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යයක්. මේ වන විටත් ලෝකයේ තාක්‍ෂණ උපකරණ රාශියක් නිෂ්පාදනය කිරීමට ග්‍රැෆීන් භාවිත කරනවා. ග්‍රැෆීන් ඛනිජය වානේවලට වඩා දෙසීය ගුණයකින් ශක්තිමත්. ඒත් පුළුන් පොදක් තරමට සැහැල්ලුයි. ග්‍රැෆීන් හරහා ප්‍රතිරෝධයක් නොමැතිව විදුලිය ගමන් කිරීමේ හැකියාව තියෙනවා. දත්ත ගබඩා කර තබාගැනීමේ චිප් නිෂ්පාදනයට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක්. ඉලෙක්ටි්‍රක් වාහනවල බැටරිය නිෂ්පාදනය කිරීමට ග්‍රැෆීන් අමුද්‍රව්‍ය අත්‍යවශ්‍යයි. සරලව කියනවා නම් ග්‍රැෆීන් යනු මේ ලෝකයේ විනාශකාරී ගමන හැරවීමට තිබෙන ඖෂධයක්. අපේ භාෂාවෙන් කියතොත් කෝකටත් තෛලය වගේ ඛනිජයක්…”

මිනිරන් ආකරයක් මත ඉඳගෙන පිටරටට අතපාන රටක්

“ලෝකයේ හොඳම ග්‍රැෆීන් නිෂ්පාදනය කරන්න පුළුවන් අපේ පතලෙන් බව 2015 වර්ෂයේදී සිංගප්පූරු ඛනිජ ගවේෂණ සමාගමකින් සිදු කළ පර්යේෂණයකින් ඔප්පු වුණා. ඒ පර්යේෂණ වාර්තාව ජනගත කිරීමත් එක්ක මට විවිධාකාර ප්‍රශ්න ආවා. පතල මිලදී ගත්ත මුදලට වඩා දහගුණයකට වැඩි මුදලකට නැවත පතල මගෙන් ඉල්ලුවා. අපේ පතල රජයට පවරා ගැනීමට කිහිප විටක්ම උත්සාහ කළා. ඒ සියලු දේ අසාර්ථක වෙනකොට දෙපාරක් මට වෙඩි තියන්න උත්සාහ කළා. මගෙ වාහනයෙ කෑලි ගලවලා තිබුණා. ඒ හැම මාරකයකින්ම මම බේරුණා. ඒත් අන්තවාදීන් නතර වුණේ නෑ. මිනිරන් කන්දෙ කොටස් දහයෙන් හතක් තිබුණේ මගේ නමට. ඒවා කැන්සල් කෙරෙව්වා. ග්‍රැෆීන් නිෂ්පාදනයට අවශ්‍ය කෙමිකල් අපනයනයට අවශ්‍ය බලපත්‍රය නොදී අවුරුදු ගාණක් ප්‍රමාද කරනවා. රාජ්‍ය නිලධාරීන්ට වරදාන ලබාදෙමින් අපේ පතලෙන් අසාමාන්‍ය ලෙස බදු අය කිරීමට කටයුතු කරගෙන යනවා. අපි සමඟ එකතු වෙලා හවුලෙ පතල සංවර්ධනය කිරීමට පැමිණි විදේශීය ආයෝජකයන් කිහිපදෙනෙක්ව අභූත චෝදනා කියලා හරවලා යැව්වා. ඉතාම සැලසුම්සහගතව, විශාල මුදල් වියදම් කරමින් ඔවුන්ගේ රටවලට ගිහින් අපි සමඟ සාකච්ඡා කරපු ආයෝජකයන් මුණගැහිලා පතල සම්බන්ධයෙන් බොරු කියලා තිබුණා. මට බොහෝම හිතවත් එංගලන්ත ජාතික ආයෝජකයෙක් ලංකාවට ඇවිත් පතලට ආයෝජනය කරන්න සියලු කටයුතු සිද්ධ කරලා යනකොට ගුවන් යානය තුළදී විදේශීය ගෑනු කෙනෙක් අපේ පතල ගැන අභූත චෝදනා කියලා තිබුණා. මොනතරම් හිතවත්කම් තිබුණත් ලොකු ආයෝජනයකදී සැකයක් මතු වුණොත් දෙපාරක් නෙමෙයි, කිහිප සැරයක් හිතනවා. අන්තිමේ ඔහුත් ආයෝජනයට අකැමැති වුණා. මේ වන තෙක් කිසිදු විදේශීය අයෝජකයෙක් අපිත් සමඟ සම්බන්ධ වෙලා වැඩ කරන්න ඉඩ ලබාදෙන්නෙ නෑ. අපේ ෆෝන් ටැප් කරලා දුරකථන ඇමැතුම්වලට සවන් දෙමින් තොරතුරු ලබාගන්නවා. එහෙම කරන්නෙ මාත් එක්ක තිබෙන අමනාපයකට නෙමෙයි. මිනිරන්, ග්‍රැෆීන් නිෂ්පාදනය තුළින් මේ රට සංවර්ධනය කළ හැකි බව ඒ අන්තවාදී පිරිස් පැහැදිලිව දන්න නිසයි…”

“මම මේ කර්මාන්තය දියුණු කරන්නෙ උත්සාහ කරන්න මට සල්ලි හම්බ කරන්න නෙමෙයි. පතුළට වැටිලා තියෙන මේ රට සංවර්ධනය කරන්න. අපේ රට ලෝකයට ණය නැති රටක් බවට පත් කරන්න. මෙරට මිනිරන් කර්මාන්තය දියුණු කළොත් ග්‍රැෆීන් කන්ටේනර් දහයක්, පහළොවක් පිටරට යනකොට අයි.එම්.එෆ්. එකෙන් අපිට දෙන ඩොලර් බිලියන 3.9 ක් මුදල උපයන්න පුළුවන්. මගේ පතල තවම අඩි තුන්සීයක් නෑ. තව අඩි හාර, පන්දාහසක් පහළට කැණීම් කරන්න පුළුවන්. අවුරුදු පන්සීයකට වැඩි කාලයකට මිනිරන්, ග්‍රැෆීන් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒත් මිනිරන් කර්මාන්තය දියුණු කරන්න කිසිම රජයකින් අපිට උදව් කළේ නෑ. මේ රජයෙන් සහයෝගයක් ලැබෙන්නෙත් නෑ. මේ කර්මාන්තය කරගෙන යනකොට එන තර්ජන, ගර්ජන කියන්න නිලධාරියෙක් නෑ. හරිම අවාසනාවන්ත තත්ත්වයක්. මේ වෙන කිසිවක් නිසා නෙමෙයි අපි ඉපදිච්ච ආගමේ, ජාතියේ වැරැද්ද. වෙන රටක මේ වටිනා මිනිරන් පතල් තිබුණා නම් මේ වෙනකොට ලෝකයේ ධනවත්ම රාජ්‍ය ඒ රට. අපේ රටේ දේශහිතෛෂී ව්‍යාපාරිකයන්ගෙන් මම ඉල්ලා සිටින්නෙ අපි එකතු වෙලා මේ කර්මාන්තය ගොඩ දාමු. මේක තමයි රට වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම යුතුකම…” ව්‍යාපාරික ඔබට කීර්ති වික්‍රමරත්න විවෘත ආරාධනාවක් කරන්නේය.

එමෙන්ම විශාල ඛනිජ සම්පත් ප්‍රමාණයක් තිබෙන, පුනර්ජනනීය බලශක්තිය, වටිනා ශාක පද්ධතියක් තිබෙන මෙරට ලෝකයේ බොහෝ රටවලට වැදගත්ය. ඉන්දියාව, චීනය, ඇමෙරිකාවට පමණක් නොවේ, දියුණුයි යැයි කියන ලෝකයේ සියලු රටවල් මෙරට ගැන අවධානයෙන් සිටින බව සැබෑය. මේ වෙනකොට ලෝකය හසුරුවන ජාත්‍යන්තර අන්තවාදී කණ්ඩායම් අපේ රට ගැන නිරන්තර අවධානයෙන් සිටින බවට ද තොරතුරු අනාවරණය වේ. එම සංවිධාන සමඟ සම්බන්ධ වී මෙරට දේශපාලනය කරන අන්තවාදී පිරිස් එකී සංවිධානවලට අවශ්‍ය දේ ඉටු කරදීමට වලි කන බව ද වාර්තා වේ. මෙරට ඛනිජ සම්පත් කැණීම් කොට අගය එකතු කළ භාණ්ඩ ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම තුළින් කෙටි කාලයකින් රට සංවර්ධනය වන බව අවබෝධ කරගෙන සිටින අන්තවාදී සංවිධාන, මෙරට බිලි බා ගැනීමට වලිකන ප්‍රබල රටවල් ඛනිජ සම්පත් කැණීම් කිරීමට ඉඩ ලබා නොදෙන බව කීර්ති වික්‍රමරත්න පමණක් නොව ඛනිජ කැණීම් ක්‍ෂේත්‍රයේ ව්‍යාපාර කරන කිහිපදෙනෙක්ම අපට කීහ. ඒ එම අන්ත්‍රවාදී සංවිධානවලට සහ මෙරට බිලි බා ගැනීමට වෙර දරන රටවලට අවැසි මේ රට තව, තවත් හිඟමනට පත් කිරීමය. එවිට අපේ රට ඔවුන්ට ගොදුරු කිරීමට පහසුය. අපේ ඛනිජ සම්පත් කොල්ලකාගෙන යෑමට පහසුය. මේ වනවිටත් ඛනිජ සම්පත් ආශ්‍රිත කර්මාන්ත පවත්වාගෙන යන රජයේ, පෞද්ගලික අංශයේ ආයතනවලට අන්තවාදී දේශපාලුවන් විසින් විවිධාකාර ගැටලු මතු කරන බව ද සැබෑය. කීර්ති වික්‍රමරත්න විසින් රා ගෙදර පතල මිලදී ගත් දිනයේ සිට අනේක විධ ප්‍රශ්න ඇති කරන අන්තවාදී දේශපාලනඥයන්ගේ අරමුණ වී ඇත්තේ ඔහුව ඛනිජ කර්මාන්තයෙන් නෙරපා හැරීමට බව හේ අපට පැවසීය. එහෙත් රට වෙනුවෙන් පැමිණෙන දුක් කම්කටොලු දරාගෙන මිනිරන් කර්මාත්තයෙන් මේ රට සංවර්ධනයට රැගෙන යෑමට වෙර වීර්ය දරන බව ඔහු අපට පැවසීය.

එහෙත් භූ විද්‍යාව පිළිබඳ මෙරට රාජ්‍ය ආයතනයක් ආරම්භ වී ඇත්තේ 1903 වර්ෂයේදීය. භූ විද්‍යා පිළිබඳ අධ්‍යයන අංශයක් ආරම්භ වී ඇත්තේ 1965 වර්ෂයේදී ය. ආරම්භක අවධියේ මෙරට භූ විද්‍යාඥයන් නොසිටියේය. ගවේෂණ කටයුතු සිදු කරගෙන ගොස් ඇත්තේ විදේශීය ආචාර්යවරුය. මේ වෙනකොට භූ ගර්භ විද්‍යාව පිළිබඳ මෙරට මහාචාර්යවරු සිටිති. ආචාර්යවරු සිටිති. එහෙත් මෙරට ඛනිජ සම්පත් ගවේෂණයට කිසිදු රජයක් උනන්දු නොවුණි. ඛනිජ සම්පත්වල වටිනාකම, ඛනිජ සම්පත් සොයාගැනීමෙන් රටට ලැබෙන ප්‍රතිලාභ ගැන කිසිම රජයක් සැලකිලිමත් නොවුණි. එහෙත් ලෝකයේ දියුණු රටවල ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ ඒ රටවල ඇති ඛනිජ සම්පත්ය. ඇමෙරිකාවේ ජාතික ආර්ථිකයට එරට ඛනිජ සම්පත්වලින් ලැබෙන දායකත්වය 18% ක වැඩිය. චීලි රටේ ජාතික ආර්ථිකයට ඛනිජ සම්පත්වල දායකත්වය සියයට තිස්අටකි. බොට්ස්වානා රාජ්‍යයට ඛනිජ සම්පත්වල දායකත්වය සියයට හැටකි. අපේ රට පුංචි දූපතක් වුවද ඛනිජ සම්පත් තියෙන ප්‍රමාණය අතිශය වැඩිය. එහෙත් මෙරට නිධන්ගත ඛනිජ සම්පත් රටේ ආර්ථිකයට සම්පතක් කරගැනීමට මෙරට නායකයන්ට දැක්මක් නැත. සොබාදහම විසින් අපට උරුම කර ඇති සම්පත් ප්‍රයෝජනයට ගැනීමට අදට ද ජාතික ප්‍රතිපත්තියක් නැත.

කීර්ති වික්‍රමරත්න මහතාගේ විශේෂ හෙළිදරව්වත් සමඟ මෙරට ඛනිජ සම්පත් කැණීම්කරණයට ඇති ගැටලු සම්බන්ධයෙන් දැන් අප දැනුවත්ය. මෙරට ඛනිජ රටේ ආර්ථිකයට සම්පතක් කරගැනීමට සිටිය පාලකයන් සහ සිටින පාලකයන් කටයුතු නොකරනුයේ ජාත්‍යන්තර අන්තවාදී සංවිධාන සහ මෙරට බිලි බා ගැනීමට කුමන්ත්‍රණ කරන ලොව ප්‍රබල රටවලින් පැමිණෙන බලපෑම නිසා විය හැකිය. ඛනිජ සම්පත් ආරක්‍ෂා කරමින් රටට සම්පතක් කරගැනීමට පත් කර ඇති මැති, ඇමැතිවරු සහ නිලධාරීන්ව මේ රට නැතිභංගස්ථාන කිරීමට පිඹුරුපත් සකසන ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් විසින් පාලනය කරන නිසා විය හැකිය. එවැනි දේශපාලඥයන්, නිලධාරීන්, ඛනිජ සම්පත් මෙරට ආර්ථිකයට සම්පතක් කරගැනීමට පෞරුෂයක් නොමැති නායකයන් සහිත රටක පුරවැසියන් පව්ය.

තරංග රත්නවීර
Divaina

සම්බන්ධිත පුවත් | Related News

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.