
තුන්වන ලෝක යුද්ධය දැනටමත් ආරම්භ වී තිබෙනවා - Fyodor Lukyanov
තුන්වන ලෝක යුද්ධය දැනටමත් ආරම්භ වී ඇති බව රුසියාවේ ප්‍රමුඛ විදේශ ප්‍රතිපත්ති විශේෂඥ ෆෙඩෝර් ලුකියානොව් Komsomolskaya Pravda පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබේ. “අප්‍රසන්න” නමුත් “කළමනාකරණය කළ හැකි” ලෝක පර්යාය බිඳ වැටෙමින් පවතින බව පවසන ඔහු දැනට ඊශ්‍රායලය සහ හමාස් අතර පවතින ගැටුම් උත්සන්න වීම ඇතුළු ගැටුම් නිරාකරණය කිරීම සඳහා යාන්ත්‍රණයක් නොමැති බවද ඔහුගේ විශ්වාසය බව අවධාරණය කළේය.
විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්ති කවුන්සිලයේ (SVOP) පරිපාලන විධායක සභාවේ සභාපති ධූරය සහ Global Affairs සඟරාවේ රුසියානු කළාපයේ ප්‍රධාන කර්තෘ වන Fyodor Lukyanov, පසුගිය සතියේ Komsomolskaya Pravda පුවත්පත විසින් ප්‍රකාශයට පත් කරන ලද සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මෙලෙස ප්‍රකාශ කළේය.
පැරණි මෙන්ම ශීතලයට අසුවී ගල් වී තිබූ ගැටුම් ප්‍රමාද වී යළි ඇවිළෙන බව ලෝකය දැක ඇති බව ලුකියානොව් පැවසුවේ, නගෝර්නෝ-කරබාක් සතුරුකම්, රුසියාව-යුක්රේන ගැටුම සහ මැද පෙරදිග උත්සන්න වී ඇති නව ගැටුම් උදාහරණ ලෙස ගනින්ය.
පවතින ගැටුම් මාලාව නව ලෝක යුද්ධයක් සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කරන අතර, එය 20 වැනි සියවසේ සිදු වූ ගෝලීය ගැටුම් දෙකෙන් සැලකිය යුතු ලෙස වෙනස් වන බව පෙනෙනේ යැයි, Valdai International Discussion Club හි පර්යේෂණ අධ්‍යක්ෂවරයකු ද වන Lukyanov යෝජනා කළේය.
“දෙවන ලෝක යුද්ධය මෙන් යුද්ධය ආරම්භ වනු ඇතැයි අපි සහජයෙන්ම බලාපොරොත්තු වෙනවා. නමුත් එවැනි යුද්ධ තවදුරටත් ඇති වීමට ඉඩක් නැහැ. ලෝක ජාතින් සතුව න්‍යෂ්ටික අවි තිබෙනවා. ඒවා තවමත් බොහෝ දේ වළක්වමින් තිබෙනවා.” විශේෂඥයා වැඩිදුරටත් පැවසීය.
"මැදපෙරදිග උග්‍රවන ගැටුම් එළඹෙන අවසාන ගැටුම නොවනවා මෙන්ම තව තවත් සතුරුකම් ලොව පුරා ඉක්මනින් ඇවිලීමට ඉඩ තිබෙනවා. ඒවා නැවැත්වීමට දැන් කිසිවෙකුටවත් හැකියාවක් නැහැ." ඔහු අනතුරු ඇඟවීය.
“ජාත්‍යන්තර පිළිවෙල බිඳ වැටෙමින් තිබෙනවා. එය අන්‍යෝන්‍ය විනාශයට ඇති බිය මත පදනම් වූ අප්‍රසන්න, නමුත් කළමනාකරණය කළ හැකි එකක් වූවා. මැද පෙරදිග යුද්ධ මීට පෙර පුපුරා ගිය නමුත් සෝවියට් සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් වී ඊළඟ ගැටුම ඇතිවන තෙක් ඒවා නිවා දැමීමට කටයුතු කළා. දැන් මට තාවකාලික ගැටුම් පහව යන යාන්ත්‍රණයක්වත් පෙනෙන්නට නැහැ, ”ලුකියානොව් පැවසීය.
පලස්තීන සටන්කාමී කන්ඩායමක් වන හමාස් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට “නිවැරදි” මොහොත තෝරාගෙන ඇති බව සඳහන් කළ ඔහු, රට දැනටමත් වසරකට වැඩි කාලයක් තිස්සේ “ස්ථිර අභ්‍යන්තර අවුල් ජාලයක්” අත්විඳ ඇති බව පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
