අගෝස්තුවේ සිට විශ්‍රාමිකයන්ට හිමි වන රු. 3000 අහිමි කිරීම අසාධාරණයි - රෝහිණී කවිරත්න
අගෝස්තු මස සිට විශ්‍රාමිකයින්ට හිමි විය යුතුව ඇති රු. තුන් දහසක් (රු. 3000) ක මුදල අහිමි කිරීම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදු කළ බලවත් අසාධාරණයක් බව මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපතිවරණය හේතුවෙන් යැයි පවසමින්, මැතවරණ කොමිසම විසින් අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස තුනේ රු. නව දහසක මුදලක් විශ්‍රාමිකයින්ට අහිමි වී ඇත. ඔක්තෝබර් මස විශ්‍රාම වැටුප සමඟ අදාල මුදල් ලබා දෙන බව පැවසූ නමුත් එම මුදල් මෙවර විශ්‍රාම වැටුප් දිනයේ ද, ගෙවීමට රජය පියවර ගෙන නැත. මහා මැතිවරණය අවසන් වන තුරු එම මුදල ගෙවීම අත්හිටුවන්නේ නම්, මාස හතරක වැඩිකල වැටුප, (රු. 12,000 ක්) විශ්‍රාමිකයින්ට අහිමි වන්නේය.
එපමණක් ද නොව, මහා මැතිවරණය අවසානයේ දී, පළාත් පාලන මැතිවරණය කැඳවනු ලබන්නේ නම්, තවත් මාස තුනකට පමණ විශ්‍රාමිකයින්ට තමන්ට හිමි විය යුතු මුදල නොලැබී යාමේ අවදානමක් ඇත.
රජය පොහොර සහනාධාරය, ඉන්ධන සහනාධාරය, නොමිලේ පොහොර බෙදීම සහ අනෙකුත් සහන ව්‍යාපෘති සියල්ල මේ වන විට අඛණ්ඩව පවත්වාගෙන යයි. එසේ තිබිය දී, විශ්‍රාමිකයින්ට ගෙවනු ලබන සොච්චම් දීමනාව පමණක් කපා දැමීම අවසනාවන්ත තත්වයකි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක SC/FR/258/2014 (වසන්ත ජයලත් සහ තවත් අයට එරෙහි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය) නඩු තීන්දුව මගින් මැතිවරණ සමයක සහන සැලසීම සීමාවන්ට යටත්ව සිදු කළ හැකි බව දක්වා ඇත. එසේ තිබිය දී, මැතිවරණ කොමිසම හා රජය එක්ව විශ්‍රාමිකයින්ගේ වැටුප් අයිතිය අහිමි කිරීම බලවත් අසාධාරණයකි.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?