ජනපතිත්, වෙන්ඩ මුදල් ඇමති හඳුන්නෙත්තිත් විපක්ෂයේ ඉන්න කාලෙ පෙට්‍රල්, ඩීසල් බදු නැතුව රු. 150 ට දෙන්න පුලුවන් කිව්වා... දැන් බදු අයින් කරලා 150 ට දෙන්න - ගම්මන්පිල කියයි
‘බලශක්ති ඇමති ලෙස පෙට්‍රල් මිල රු150ක් කිරීමේ යෝජනාවට වම් අතින් අත්සන් කරලා මුදල් ඇමති ලෙස එකඟතාවය දෙන ලිපියට දකුණු අතින් අත්සන් කරන්න ජනාධිපතිතුමාට දැන් පුළුවන්’ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සදහන් කරයි.
ඔහු මේ බව සදහන් කලේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
‘ජනාධිපතිතුමාත් වෙන්ඩ මුදල් ඇමති සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාත් විපක්ෂයේ ඉන්න කාලයේ නිරතුරුව කිව්ව දෙයක් තමයි අසාධාරණ ලෙස බදු ගහලා නැතිනම් පෙට්‍රල් සහ ඩීසල් රුපියල් 150ට විකුණන්න පුළුවන් කියලා. ඛනිජතෙල් පනත අනුව බලශක්ති ඇමතිවරයා මුදල් ඇමතිවරයාගේ එකඟතාවය අරගෙන තමයි පෙට්‍රල් ඩීසල් මිල තීරණය කළ යුත්තේ.
අපි බලශක්ති ඇමති කාලයේ මිල සංශෝධනය කරන්න ඕනෑ වුණත් මුදල් ඇමතිවරයාගේ එකඟතාවය නැතිව ඒක කරන්න බැරි වුණා. දැන් එහෙම නෑ. මුදල් ඇමති ධූරය වගේම බලශක්ති ඇමති ධූරයත් දරන්නේ ජනපති අනුර කුමාර මැතිතුමා. ඒ නිසා බලශක්ති ඇමති ලෙස පෙට්‍රල් මිල රු150ක් කිරීමේ යෝජනාවට වම් අතින් අත්සන් කරලා මුදල් ඇමති ලෙස එකඟතාවය දෙන ලිපියට දකුණු අතින් අත්සන් කරන්න ජනාධිපතිතුමාට දැන් පුළුවන්.
ලෝකයේ සෑම රටකම තෙල් මත බදු අය කරන බවත් බදු ආදායමක් ලැබිය හැක්කේ ඛනිජතෙල්, දුම්වැටි, මත්පැන් සහ වාහන වැනි අනම්‍ය ඉල්ලුමක් තිබෙන භාණ්ඩ මත බදු අය කිරීමෙන් බවත් උසස් පෙලට ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා දරුවන් පවා දන්නා කාරණයක්.
මේ බදු අසාධාරණ බවට මැතිවරණ වේදිකාවේ කියලා බලය ගත්තත් දැන් ඒ බදු ඉවත් කරන්නේ නැත්තේ ඇයි? ඒ බදු ඉවත් කරන්න බැරි බව දනිමින් ඒවා ගැන බලය ලබා ගන්න බොරු පොරොන්දු දීලා ජනතාව රැවැට්ටූ බවයි ඒකෙන් පේන්නේ’
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්