News Category
From Date
To Date
Maximum Number of Result

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යුරියා පොහොර හොරු සහ කොමිස් මගඩි ගැන හෙළිදරව් කරමින් ජනපති අනුරට ලිපියක්

Oct 7, 2024 at 03:26 PM
|

පොහොර සහනාධාරය ලෙස රු. 25,000ක මුදලක් ගොවීන්ගේ බැංකු ගිණුම් වලට බැරකළ ද එමගින්  දුෂිත පොහොර වෙළදුන්ට සහ  දූෂිත රාජ්‍ය නිලධාරීන් එය වාසියක් කරගන්නා බව පෙන්වා දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

අදාළ ලිපිය පහළින්... 

ගරු. අනුර කුමාර දිසානායක,
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ,
ජනාධිපති,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 1.

ගරු. ජනාධිපති තුමණි,

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යුරියා පොහොර හොරු සහ කොමිස් මගඩි

මේ අවස්ථාවේ, රජයේ ප්‍රදානයක් සහ මැතිවරණ පොරොන්දුවක් හැටියට  වී ගොවින් හට ලබා දීමට  අනුමැතිය දුන් පොහොර සහනාධාරය සඳහා  රු. 25,000 ක  මුදල වී ගොවීන්ගේ බැංකු ගිණුම් වලට බැරකිරිම වුවත්, මේ මුදලෙන්  දුෂිත පොහොර වෙළදුන්ට සහ  දූෂිත රාජ්‍ය නිලධාරීන්ට වාසියක් මිස, මේ මගින් රජයට හෝ ගොවියාට කිසිදු වාසියක් නොවන බව කණගාටුවකින්  වුවද, පැවසිය යුතු වේ.

පසුගිය 2022 අවුරුද්දේ මුල් කාර්තුවේ එවකට පැවති රජයට අප අවධානය කලේ යුරියා  N46% පොහොර මෙට්‍රික් ටොන් එකක් රුසියාවෙන් ගෙන්වීමට ඩොලර් 320.00 ක මිල හැකියාවක් තිබියදී,  පසුගිය සමයේ කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවේ සහ රජයේ පොහොර සමාගම්වල දූෂිත නිලධාරී  ත්‍රන්තය ක්‍රම වේද, දුෂිත වංචා, අධික ලෙස කොමිස් ගැනීම් නිසා එදා මිලදී ගත්තේ මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 650 කට වැනි අධික මිලකටය.

එක මෙට්‍රික් ටොන් එකකින් ඩොලර් 300කට අධික මුදලක් කොමිස් ලෙස ගසා කා ඇත.

එදා, සිට අද දක්වා අපේ රටේ පොහොර මිල අධික බැවින් එමගින් ගොවියාත් රටේ සමස්ත ජනතාවත් පැවති රජයනුත් විශාල ආර්ථික හා විශාල අර්බුදයකට මුහුණ පා ඇත.

ඉතා සුළු පිරිසක් අතර කොමිස් මුදල්  ගොස් රටේ සමස්තයටම එය බලපා ඇත.

එම කාලයේ පවා යුරියා  පොහොර කිලෝ 50 මිටියක් කොළඹ වාරය  දක්වා රැගෙන විත් දීමට වැය වන්නේ රු. 4,000.00 සිට උපරිමය රු. 5,500.00 මුදලක් පමණ වියදමක් පමණි.

එසේ තිබියදිත්, අපගේ දුෂිත පාලකයින් විසින් මේ රටට යුරියා මිලදී ගත්තේ මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 650.00 ක් වැනි අධික මිලකට වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පොහොර මිලදී ගැනීම් ක්‍රියාවලිය අතිශයෙන් දුෂිත වී ඇත. අද දවසේත් , රුපියල් 4000/= ත් 5,000/= ත් අතර මිලකට කිලෝ පනහක පොහොර මිටියක් ගෙන්වා බෙදා හැරීමට  හැකියාවක් තිබියදීත්  යුරියා  සහ DAP පොහොර කිලෝ 50ක මිටියක් අද වෙළද පොලේ ඇත්තේ අධික කොමිස් සමග මිල රු. 9,500ක් පමණ වේ.

මේ අනුව එක හෙක්ටයාරකට පොහොර සහනාධාරය වන රු. 25,000/= මුදල අනුව රජයට වැය වෙන සම්පුර්ණ මුදල  රුපියල් බිලියන 20කට අධික වේ.එම මුදල ජනතාව අතට ලබා දුන්නද එම මුදලින් හරි අඩකටත් වඩා නැවත හොර දූෂිත කල්ලි අතට පත්වීම වැළැක්විය නොහැක.

මේ  මුදලෙන් හරි අඩකටත් වඩා පෝෂණය වන්නේ, දූෂිත රාජ්‍ය නිලධාරී තන්ත්‍රය සහ  හොර පොහොර මාෆියාව විශාල වී මෝල් හිමියන් මිස, ගොවියා සහ ජනතාවට මේ මගින් කිසිදු සහනයක්  නොවේ.

එම නිසා, මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ  එයට අනුබද්ධ රාජ්‍ය පොහොර සමාගම් මගින් ගෙනයනු ලබන දුෂිත ක්‍රමවේදය, කොමිස් ගැනීම් නැවතීම මගින් සහ රටේ වෙලදපොලේ නිසි ප්‍රමිතියට මේ පොහොර ගෙන්වීමට නිසි ක්‍රම වේදයක් සැලසුවොත් හෝ රජය මගින් නිසි ප්‍රමිතියකට හෝ නිසි ක්‍රම වේදයකට ගෙන්වීමට හැකියාවක් ඇති කළහොත්, අනිවාර්යෙන්ම අපගේ රට ඉදිරියට යනු ඇත.

විශේෂයෙන් යුරිය N46% හෝ DAP පොහොර කිලෝ 50 මිටියක් මේ රටේ  කෘෂිකර්මාන්තයේ නියලී සිටින සියලුම බෝග වග කරුවන් ගොවීන් වන වී , පොල්, තේ, බඩ ඉගුරු, එළවලු, මල් සහ සියලුම බෝගයන් වෙනුවෙන්   පොහොර කිලෝ 50ක මිටියක් රු. 5,500.00 කට අඩු මිලකට ලබා දීමට හැකියාව ඇත.

මෙමගින් රටේ කෘෂිකර්මාන්තය දියුණු වනවා පමණක් නොව මේ රටේ පාරිභෝගිකයාටද ඉන් මහා සෙතක් සැලසෙනු ඇත. එපමණක් නොව අල ලූණු  විදේශ විනිමය වැය කරමින්  ඉන්දියානු සහ පාකිස්තානු ගොවීන් පොහොසත් කිරීමට ද සිදු නොවනු ඇත.

අපගේ අත්දැකීම් අනුව, පසුගිය සමයේ එනම් 2022 අවුරුද්දේ ඔක්තෝබර් මස, මේ රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට  අප විසින් ඉදිරිපත් කල මෙට්‍රික් ටොන් එකක් කොළඹ වරාය  දක්වා ගෙන්වීමට යන මිල වන ඩොලර් 320.00 මුදල ඉදිරිපත් කල වෙලාවේ, එවකට මේ අමාත්‍යංශයේ සිට පුද්ගලයින් විසින් අප ඉදිරිපත් කල ඩොලර් 320.00 මිල, මෙට්‍රික් ටොන් එකකට මිල ඩොලර් 650.00 කොට ගෙන එනමෙන් ඉල්ලා සිටියද, අප විසින් එය අසාධාරණ මුදල් වැඩි කිරීමක් නිසා සහ කිසිදු විටක ජාත්‍යන්තරයේ සැපයුම් කරුවන් එවැනි මුදලකට අනුමත නොකිරීම සහ එම ක්‍රියාවලිය මගින් මේ රටට ඇතිවිය හැකි අපකීර්තියක් වීමට හැකි නිසා, අප විසින් එය ප්‍රතික්ෂේප කළෙමු.

මේ රටට අවශ්‍ය සියලුම පොහොර ගෙන්වීම, නිසි ප්‍රමිතියට ගුණාත්මක බීජ වර්ග නිසි වෙලාවට ලබා දීම මගින් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිසි සැලසුමකට, නිසි කලට මේ ගොවි තැනට අවශ්‍ය සැලසුම් සහ නිසි දැනුවත් කිරීමට සැලසීම මගින් රටේ කෘෂි කර්මාන්තයේ නිෂ්පාදන විදේශ විනිමය ඉපයීමේ ක්‍රම වේදයක් සැලසිය යුතුවේ.

මේ රට ඉදිරියට යාමට නම් රට තුළ සිදුවන සියලු දූෂණ වංචා හොරකම් නැවැත්වීමට කටයුතු කළ යුතුව ඇත.

මෙම පොහොර වංචාව පමණක් නැවැත්වීම මගින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය කඩිනම් වන අතර ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට ද මහත් ඉමහත් සෙතක් සැලසෙනු ඇත.

ජීවන වියදම අඩුවීම හේතුවෙන් කඩිනමින් වැටුප් වැඩි කිරීමටද අවශ්‍ය නොවනු ඇත.

එසේම ගොවියාට සහනාධාර දීම සඳහා අද දවසේ රුපියල් බිලියන 20ක් වැය වූවත් දූෂණය නැවැත්වීම මගින් එය රුපියල් බිලියන 10 දක්වා අඩුවනු ඇත.

එසේම අද වන විට එම පොහොර ටොන් එකක මිල ඩොලර් 260 ක් දක්වා අඩු මිලකට පහත බැස ඇත.

ලෝක වෙළඳපළේ මිල අඩු වුවත් අපේ රටේ ගොවියන්ට එවැනි වාසි ලැබෙන්නේ නැත.

කඩිනමින් මෙම දූෂිත ක්‍රමවේදය නැවැත්විය යුතුව ඇත.

එබැවින් මේ සඳහා ඔබතුමාට අපගේ සහයෝගය අවශ්‍ය නම්, ඕනෑම වෙලාවක ඔබ තුමාව මුණ ගැසී මෙයට අවශ්‍ය අදහස් ඉදිරිපත් කිරීම සහ රටට අවශ්‍ය යුරියා  සහ DAP පොහොර අඩු මිලකට රුසියාවෙන්, කසකස්තානයෙන්, ඕමාන රටෙන් ගෙන්වා දීමට හැකියාවක් ඇත.

මෙයට,
ඒකීය රටක් වෙනුවෙන්,
රටට ආදරේ කරන,
ජයන්ත වෙදසිංහ,

සම්බන්ධිත පුවත් | Related News

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත මාලිගාකන්ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක සඳහන් කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.
සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි කිං ඛාලිද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉලක්ක කරගනිමින් යළිත් වරක් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.
බුදු දහමට මේතරම් ගරුකරන, සුරක්ෂිත කරන ආණ්ඩුවක් තවත් නැති බවත්, කළින් තිබුනේ හාමුදුරුවන්ගේ ගරුවය නැතිකර කඩේ යවපු ආණ්ඩු බවත් පූජ්‍ය තිස්සව සුමනානන්ද හිමි පවසති.

ප්‍රධාන පුවත්

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.