ලාභ ලබන ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්න එපා - නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයෙන් ජනපති අනුරට ලිපියක්
ලාභ ලබන රාජ්‍ය ආයතනයක් වන සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ නොකරන ලෙස නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබේ.
ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2024 සැප්තැම්බර 27 වන දින අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ද ඈවර කිරීම හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීම සඳහා තීරණය කර ඇතැයි එම සංගමය පවසයි.
වාර්ෂිකව ලාභ ලබන ව්‍යාපාර අතර සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වන ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ද අයත් බවත් කොරෝනා වසංගතය උග්‍ර ලෙස පැවති 2020 වසරේද ත්‍රිපෝෂ සමාගම රුපියල් මිලියන 100 ක ලාභයක් ලබා ඇති බවත් සංගමය සඳහන් කරයි.
ත්‍රිපෝෂ සමාගමේ 2021, 2022 සහ 2023 වසරවල ලාභයෙන් රුපියල් මිලියන 165 ක් මහ භාණ්ඩාගාරයට ලාභාංශ ලෙස ලබා දී ඇති බවත් 2023 වර්ෂයේ ආදායම් බදු ලෙස දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 231ක් ගෙවා ඇති බවත් පැවසේ.
එවැනි ලාභ ලැබීමට අමතරව, ත්‍රිපෝෂ සමාගමේ වටිනාකම ගණන් හැදිය යුත්තේ රජයේ වගකීමක් ලෙස ආණ්ඩු විසින් පවත්වා ගත යුතු අතිශය වැදගත් ළමා හා ගැබිනි මව්වරුන්ගේ පෝෂණය සඳහා ත්‍රිපෝෂ සමාගම ලබාදෙන දායකත්වය බවද නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් මහතා විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?