විද්‍යා පීඨවලට ළමුන් බඳවා ගැනීම අසාර්ථකයි... සුදුසුකම් සහිත දරුවන් එළියේ
විද්‍යා පීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීම අසාර්ථක බවත්, සුදුසුකම් සහිත දරුවන් බොහෝ ප්‍රමාණයක් බඳවා ගැනීම සිදුවී නැති බවත් සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ වෘත්තීය සංගමය චෝදනා නගයි.
සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ වෘත්තීය සංගමයේ ලේකම්වරයා මේ පිළිබඳව කරුණු සඳහන් කළ ලිපිය පහළින්...
2021/2022 ශික්ෂණලාභීන් බදවා ගැනීමේදී අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකුගේ පෞද්ගලික පරිගණක ආයතනයක් හරහා හදපු වැඩසටහනක් හරහා තමා එය කළේ. ඒ සම්බන්ධයෙන් විද්‍යාපීඨ ප්‍රධාන කොමසාරිස්වරියට පුදුම උනන්දුවක් තිබුනේ. ඒ එක්කම අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් කෙනෙකු වූ මදවනආරච්චී මහත්තයාටත් පුදුම උනන්දුවක් තිබුනා.
කොහොමහරි බදවා ගැනීමේ පලමු ලිස්ට් එක එනකොට ප්‍රධාන කොමසාරිස්වරිය කීවේ මේ එන්නේ ඉතාම පිරිසිදු ලිස්ට් එකක් මේ අය බදවා ගත්තට පස්සේ ආයිත් බදවා ගන්නේ නැහැ කියලා.
නමුත් ඒ ලිස්ට් එක දැකපූ ගුරු අධ්‍යාපනඥයන් බහුතරයක් තේරුම් ගත්තා මේ පළමු ලිස්ට් එකට වඩා සුදුසුකම් තියෙන ළමයි එලියේ ඉන්න බව.
අපි ඒ ගැන ලිඛිතව අමාත්‍යතුමාට, ලේකම්තුමියට කිව්වා. බැරිම තැන පත්තරේටත් දැම්මා.සිද්ධ වුනේ මොකක්ද?සත්‍ය හෙලිකරපූ ගුරු අධ්‍යාපනඥයන් දෙදෙනෙකුගෙ සහ මේ කිසිවකට සම්බන්ධ නැති ගුරු අධ්‍යාපනඥයන් දෙදෙනුකගේ ෆයිල්වලට නීති විරෝධී ලෙස අවවාද කිරීමේ ලිපි දාලා.
නමුත් අද මොකද වෙලා තියෙන්නේ අපි කියපු ඒවා ඇත්ත වෙලා. පළමු ලිසිට් එකෙන් අඩු ලකුණු ගත්ත නිසා දැන් විද්‍යාපීඨ ඉල්ලපු ඊට වඩා වැඩි ලකුණු තියෙන ළමයි ආවාහම ප්‍රධාන කොමසාරිස්ට තරු පෙනිලා. ඒ වැරැද්ද වහ ගන්න දැන් සතියට එක ගානේ විද්‍යායතන මණ්ඩලයට පත්‍රිකා දානවා . ඒ පත්‍රිකා හරි ඉක්මනින්ම අනුමත වෙනවා. දැන් කලු සල්ලි සුදු කරනවා වගේ වැරැදි විධිහට බදවා ගත් ළමුන් නිසා අගතියට පත් ළමුන් ගන්න මණ්ඩල පත්‍රිකා සතියට එකක් දෙකක් දානවා.මේ අස්සෙ දේශපාලන ලොක්කන්ගේ අය නිලධාරීන්ගේ අය කොච්චර දානවා ඇද්ද?
මේ වැරදි සහ වංචා සහගත ලෙස සිසුන් බදවා ගැනීම කඩිමුඩියේ කරන්න ප්‍රධාන කොමසාරිස්ට තද උවමනාවක් තිබ්බා.ඒ දේ කරන්න ඇය අතකොලු කරගත්තේ දූෂණ වංචාවලට අහුවෙලා විගණන වාර්තාවලින් වැරදි කරුවන් ලෙස පෙන්වලා දීලා දඩුවම් දීමට නිර්දේශ කරපු පීඨාධිපතිවරියන් තුන්දෙනෙකු ,මේ අස්සේ අනිවාර්යයෙන්ම මේ අයත් සුදුසුකම් නැති සිසුන් විද්‍යාපීඨවලට දාන්න බලය අයුතු ලෙස පාවිච්චි කරන්න කටයුතු කරලා ඇති.
ප්‍රධාන කොමසාරිස්තුමිය මේ විනිවිදභාවයක් නැති ආයතනයක් හරහා ශික්ෂණලාභීන් බදවා ගැනීමට කටයුතු කරන්නෙත්, ශික්ෂණලාභීන්ගෙන් අඩක්වත් බදවා ගෙන නොමැති අවස්ථාවක මෙම ආයතනයේ නිලධාරීන් ගෙන්වා ඔවුන්ට ඇමතිවරයා ලවා සම්මාන පිරිනමන්නේත්
මෙවර ශික්ෂණලාභීන් බදවා ගෙන ඉවර බවත්, රටේ සල්ලි ඉතුරු කර ඇති බවත් මුසා කියන්නේ ඇයගේ මූලිකම අරමුණ වූ ස්ථීර ප්‍රධාන කොමසාරිස් තනතුර අමාත්‍යවරයාගේ සහ ලේකම්ගේ අනුග්‍රහයෙන් ලබා ගැනීමට බව ඕනෑම අත දරුවෙකුටද පෙනෙන පරම සත්‍යයි.
අපේ ඉල්ලීම මේ සියලු බදවා ගැනීමට අදාළ ලේඛන එලියට දාන්න.
මේකට විමර්ශනයක් සහ විගණනයක් වහාම කරන්න.
වැරදි පෙන්නූ විට අහිංසක නිලධාරීන්ට බලපෑම් කරන සහ වරප්‍රසාද කපා හරින පෞද්ගලික හිතවතුන්ට තනතුරු ලබා දීමට ඕනෑම පහත්වැඩක් කරන කලනී හේමමාලි මහත්මියට එරෙහිව වහාම මූලික විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමි.
මෙයට,
ලේකම්
සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ වෘත්තීය සංගමය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?