රට ගොඩනගන්න හැමෝම අනුරට සහාය දියයුතුයි - සෝල්හයිම් කියයි
සාමකාමී, බහු වාර්ගික හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාවට සහාය දිය යුතු බව නෝර්වේ රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ හිටපු දේශපාලනඥයකු වන එරික් සෝල්හයිම් පවසා තිබේ.
X සමාජ මාධ්‍ය වේදිකාවේ ඔහු පළ කළ පණිවිඩයක සඳහන් වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්ව සති දෙකක් පමණක් ගත වී ඇති අතර ඔහු එම කාලයේ හොඳින් කටයුතු කර ඇති බවයි.
“ඔහුට රාජ්‍ය තාන්ත්‍රික තත්ත්වය හරියටම ලැබුණා. මුලින්ම ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවී, පසුව චීන තානාපතිවරයා හමුවුණා. ශ්‍රී ලංකාවට ඉන්දියාව වඩාත්ම වැදගත් බව හඟවා තිබෙනවා, ඊළඟට තමයි චීනය. පසුව ඔහු බටහිර, රුසියාව සහ තවත් සෑම තැනකම තානාපතිවරුන් හමු වුණා. මෙය ‘පළමුව ශ්‍රී ලංකාව’ විදේශ ප්‍රතිපත්තියක පැහැදිලි සංඥාවක්. දිවුරුම් දුන් වහාම මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට සහ මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
පසුව ඔහු දෙමළ සහ මුස්ලිම් දේශපාලන හා ආගමික නායකයන් හමුවුණා. සියලුම වාර්ගික ප්‍රජාවන් සඳහා ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම පිළිබඳ ඔහුගේ අවධාරණය ප්‍රබලයි,” යනුවෙන් ඔහු පවසා තිබේ.
සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කළ හැකි බවත්, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ දුප්පතුන්ගේ අවස්ථා වැඩිදියුණු කිරීමට අවශ්‍ය සම්පත් ගෙන ඒමට හැකි වන්නේ ව්‍යාපාරිකයන් සමඟ සමීපව කටයුතු කිරීමෙන් පමණක් බවටත් ජනාධිපතිවරයා ව්‍යාපාරික ප්‍රජාව වෙත අවධානය යොමු කළ බව සෝල්හයිම් පවසා තිබේ.
“ඔහු රාජ්‍ය බලයට දූෂිත නොවන හරයක් ගෙන එයි. ඇමතිවරුන්ට සුඛෝපභෝගී මෝටර් රථ දීමනා අඩු කිරීමෙන් ඔහු නායකයන්ට වඩා නිහතමානී ජීවන රටාවක් ඇඟවුම් කර තිබෙනවා. මේ කිසිවකින් ලංකාවේ සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එය රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර වාමාංශික නායකයකුට ඇති සියලු සැක සංකා දුරු කරන එකක නැහැ. නමුත් එය හොඳ ආරම්භයක් බව සහතිකයි. සෑම කෙනෙකුම දැන් තම දෑත් ඔසවා සාමකාමී, බහු වාර්ගික, හරිත හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට ඔහුට උදව් කළ යුතුයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?