අලුතෙන් හදන බන්ධනාගාරවල සංක්‍රාන්ති ලිංගික සිරකරුවන්ට වෙනම ඉඩක් වෙන් කිරීමට යයි
සංක්‍රාන්ති ලිංගික සිරකරුවන්ට ඉදිරියේදී ඉදිකිරීමට නියමිත බන්ධනාගාරවල වෙනම නවාතැන් දීම සළකා බැලීමට නියමිත බව වාර්තා වේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක ප්‍රකාශ කර ඇත්තේ දැනට බන්ධනාගාරවල පවතින අඩු පහසුකම් හේතුවෙන් සංක්‍රාන්ති ලිංගික සිරකරුවන්ගේ අයිතිවාසිකම් වැඩිදියුණු කිරීම සහ ඔවුන්ට වෙනම ඉඩක් වෙන්කිරීම අභියෝගයක් වී ඇති බවයි.
නව බන්ධනාගාර ඉදිකරන විට එය ඉටු කළ හැකි වනු ඇති බව ඔහුගේ අදහසයි.
“මෙය තදබදය නිසා ඇති වූ ප්‍රශ්නයක්. කොහොම වුණත් අපි සෑම විටම උත්සාහ කරන්නේ නිල හැඳුනුම්පතක් ඇති සංක්‍රාන්ති ලිංගික සිරකරුවන්ට ඒ අනුව නවාතැන් දීමටයි. ඔවුන් කැමති ලිංගභේදය තහවුරු කරන හැඳුනුම්පතක් ඔවුන් සතුව නොමැති නම් අපි ඔවුන්ව සංක්‍රාන්ති ලිංගිකයකු ලෙස සැළකිව හැකිද යන්න තක්සේරු කරන වෛද්‍යවරයකු වෙත යොමු කරනවා. අපට ලැබෙන වෛද්‍ය උපදෙස් මෙන්ම අදාළ සිරකරුගේ මනාපය මත පදනම්ව, ඔවුන්ට සුදුසු පරිදි නවාතැන් දෙන්නේ කෙසේද යන්න පිළිබඳ අපි තීරණය කරනවා.” යනුවෙන් ඔහු පවසා තිබේ.
එසේ වුවද, ලිංගික අපරාධකරුවන් සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුනාගැනීම හරහා ඔවුන්ගේ අයිතිවාසිකම් අවභාවිත කිරීමට ඇති හැකියාව අනුව බන්ධනාගාර තුළ සංක්‍රාන්ති ලිංගිකයන් පිළිගැනීම සම්බන්ධයෙන් අවදානමක් පවතින බව දිසානායක පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි