මහ බැංකු බැඳුම්කර වංචාව ගැන ඇමැති විජිත කැබිනට් මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශය බොරුලු - හිටපු ජනපති රනිල්ගේ මාධ්‍ය අධ්‍යක්ෂකගෙන් විශේෂ නිවේදනයක්
නව රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පළමු කැබිනට් මාධ්‍ය හමුවේදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස ජනරාල් ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක මහතා ප්‍රතිචාර දක්වා කිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විජිත හේරත් මහතා එම මාධ්‍ය හමුවේ සිදු කළ ප්‍රකාශයකට අදාළව ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
***
අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ධුර කාලය තුළ ජනාධිපති මුක්තිය හේතුවෙන් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ නෛතික කටයුතු ඉදිරියට ගෙන නොගිය බවට නව ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම වෙනුවෙන් පසුගිය ඔක්තෝම්බර් 01 වෙනිදා පැවැත්වු සිය පළමු මාධ්‍ය හමුවේදී සිදුකළ ප්‍රකාශය සාවද්‍ය ය.
දැන හෝ නොදැන සිදුකළ එකී ප්‍රකාශය මත මාධ්‍ය ආයතන ඇතුළු සමස්ථ ජනතාව නොමග යවන සුළු බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ යුතුව ඇත.
එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් බැඳුම්කර ගනුදෙනුව විභාග කිරිමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කල අතර එය විසින්, ඉන් අනතුරුව 2015 පෙබරවාරි 27 වන දින සිදු කළ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනය කරන ලදී. ඉන් අනතුරුව එවකට විනිසුරුවරුන් ලෙස කටයුතු කළ වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකුගෙන් සමන්විත ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් සිදු කළ අතර, එහිදී එවකට අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් සාක්ෂි ලබා දුන්හ.
මෙහිදී අවධාරණය කළ යුතු වැදගත් කරුණක් වනුයේ ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සම්බන්ධයෙන් යම් පරීක්‍ෂණ පැවැතිය ද, මහ බැංකුව විසින් එම සමාගමේ රුපියල් බිලියන 12ක මුදලක් රඳවාගෙන ඇති බවයි. එබැවින් ශ්‍රී ලංකා රජයට කිසිදු මූල්‍යමය අලාභයක් සිදුවී නොමැති බව තහවුරු විය. එම කොමිෂන් සභාව විසින්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු කරමින් නිදහස් කලේය.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ගරු නීතිපතිවරයා පුද්ගලයන් 10 දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනු කළ අතර මෙම නඩුව ගරු චමත් මොරායස් (සභාපති), ගරු දමිත් තොටවත්ත සහ ගරු එච්. නාමල් බණ්ඩාර බැල්ලලේ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාගයට ගැනිණ. එහි දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් සියලුම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලදී.
නීතිපතිවරයා විසින් මෙම නියෝගයට එරෙහිව අභියාචනාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කළ අතර මේ පිළිබඳ ගරු අධිකරණයේදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම අභියාචනය ද ප්‍රතික්ෂේප විය.
අනතුරුව මෙම නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින අතර 2025 ජනවාරි මාසයේදී විභාගයට ගැනීමට නියමිතය.
ගරු නීතිපතිවරයා විසින් ගොනු කරන ලද මුල් අධිචෝදනා පත්‍රයේ සඳහන් විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි දීමට සාක්ෂිකරුවන් 59 දෙනෙකු ලැයිස්තුගත කර ඇත.
එසේම අවධාරණය කළ යුතු තවත් කරුණක් වනුයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු හෝ නොවන බවය.
එබැවින් ගරු විජිත හේරත් මහතා චෝදනා කරන පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යම් මුක්තියක් ඉල්ලා සිටීමේ අවශ්‍යතාවයක් නොතිබූ අතර ඇත්ත වශයෙන්ම හිටපු ජනාධිපතිවරයා කිසිම අවස්ථාවක එවැනි මුක්තියක් ඉල්ලා නොමැත.
එසේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,ඉතිහාසයේ මෙරට මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදය වසර දෙකක් තුළ සමනය කර දුන්නා පමණක් නොව, දිග්ගැස්සෙන අරාජිකත්වයක් වෙත ඇදීගිය රටක් නිදහස් හා සාමකාමී තත්ත්වයකට පත්කළ බවද මෙහිදී සිහිපත් කළ යුතුව ඇත. එබැවින් අධිකරණයේ ස්වාධීනත්වය ද මේ වන විට හොඳින්ම තහවුරු කර තිබෙන බැවින් ඕනෑම සිදුවීමකට අදාළව යුක්තිය පසිඳලීමට බාධාවක් නොමැත.
එවැනි පසුබිමක වගකිවයුතු අමාත්‍යවරයකු සහ කැබිනට් ප්‍රකාශක ලෙස දැන හෝ නොදැන සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීම නොසුදුසු බව කාරුණිකව දැනුම් දෙමි.
ධනුෂ්ක රාමනායක
හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
03.10.2024
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..