පසුගිය ආණ්ඩුවේ වැටුප් වැඩි කිරීමේ තීන්දුව යළි සමාලෝචනය කරනවා – ඇමැති විජිත හේරත්
2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ පසුගිය කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන තිබුණත් එම වැටුප් වැඩිවීමේ ක්‍රමවේදය ගැන තීන්දුව ගනු ලබන්නේ රජයේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු ඉදිරි අයවැයෙන් බව කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඇමැතිවරයා පවසයි.
රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් දියයුතු බව ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා බවත් ජීවන වියදම වැඩිවනවිට ජීවත්වීම සඳහා සාධාරණ වැටුප් වැඩිවීමක් වියයුතු බවත් විජිත හේරත් ඇමැතිවරයා කීවේය.
පසුගිය රජයේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ගෙන තිබූ කැබිනට් තීරණය ගැන වැඩිදුර කරුණු පැහැදිලි කළ කැබිනට් ප්‍රකාශකවරයා මෙසේ කීවේය.
"2025 ජනවාරි මාසයේ වැටුප් වැඩි කිරීමක් ගැන කැබිනට් මණ්ඩලය තීන්දු කරල තිබුණා. අපට ඒ සඳහා මුදල් වෙන් කිරීමක් කළ යුතු වෙනවා. මුදල් වෙන් කරන්න අයවැය ඉදිරිපත් කරන්න වෙනවා. අයවැය ඉදිරිපත් කරන්න වෙන්නේ නව ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ. ඒ නිසා ඉදිරි අයවැයක දී තමයි රටේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කරල මෙවැනි වැටුප් වැඩිවීමකට යා හැකිද? නොහැකිද යනවනම් යා හැක්කේ කුමන මට්ටමින් ද අදියර කීයකින් ද යන්න තීන්දු කරන්න වෙන්නේ ඉදිරි අයවැය ඉදිරිපත් කරද්දියි. රටේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කරලා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමේ ක්‍රමවේදය ගැන තීන්දුවක් ගනු ලබන්නේ ඉදිරි අයවැයේදියි."
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..