ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි
ලෝක ළමා හා වැඩිහිටි දිනය අදට (ඔක්තෝබර් 01) යෙදී තිබේ.
ළමා පරපුර සහ වැඩිහිටියන් වෙනුවෙන් පවත්වන අන්තර්ජාතික ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සඳහා මෙවර තේමා වී ඇත්තේ “සෙනෙහසේ දෑත් දිගු කර රකිමු වැඩිහිටි ළමා පරපුර” යන්නයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ලෝක ළමා දිනය පළමුවරට පවත්වා ඇත්තේ 1954 නොවැම්බර් මස 20 වෙනිදාය.
අන්තර්ජාතික විශ්වය ළමා දිනය යෙදී ඇත්තේ ද නොවැම්බර් 20 වෙනිදාට වන අතර ළමුන්ගේ සුබසාධනය වර්ධනය කිරීමේ අභිලාසය ඇතිව සියලු රටවල් වාර්ෂිකව ළමා දිනය සැමරීමට දිනයක් වෙන් කර ගන්නා ලදී.
ඒ අනුව 1959දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ළමා අයිතිවාසිකම් ප්‍රකාශය පිළිගැන්වීමට ද 1989 ළමා අයිතිවාසිකම් සම්මුතිය පිළිගැනීමත් සමග නොවැම්බර් මස 20 වැනිදා විශ්වය ළමා දිනය සැමරීමට කටයුතු කර ඇත.
ඒ අනුව ඉතිහාසයේ පටන් ශ්‍රී ලංකාව සෑම වසරකම ඔක්තෝබර් මස පළමුවැනිදා ලෝක ළමා දිනය සමරයි.
මේ අතර, ඉකුත් වර්ෂයේදී (2023) ළමුන්ට එරෙහි බාල අපරාධ 3119ක් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කොට ඇති වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.
ඉකුත් වසරේ ළමුන් සම්බන්ධයෙන් බරපතළ ලිංගික අපයෝජන සිද්ධීන් 605ක්, මිනීමැරුම් 16ක්, වයස අවුරුදු 1 6ට අඩු කැමැත්ත ඇතිව සිදුකළ දූෂණ 1262ක්, කැමැත්ත නොමැතිව සිදුකළ ස්ත්‍රී දූෂණ 320ක්, ළමුන්ට කෲර ලෙස සැලකීම සම්බන්ධ සිද්ධීන් 97ක් අපහරණය සම්බන්ධයෙන් සිද්ධීන් 561ක්, බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සිද්ධීන් 57ක් වාර්තා වී තිබූ බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
ළමුන්ට එරෙහි බාල අපරාධ කාණ්ඩ 15ක් යටතේ මෙම සිද්ධීන් පොලිසියට වාර්තා වී තිබුණි. මෙම බාල අපරාධවලින් 3103ක් හෙවත් සියයට 99 ක් පොලිසිය මගින් විසඳා ඇති බවද එම කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..