අනුරගේ දෛවය වෙනස් කළ ඉන්දියාව
හරිනි අමරසූරිය ඇයගේ පළමු උපාධිය ලබාගත්තේ නවදිල්ලි විශ්වවිද්‍යාලයෙනි. ඇය පාසල් අධ්‍යාපනය අවසන් කරන විට 88-89 ජවිපෙ භීෂණය නිසා විශ්වවිද්‍යාල වසා තිබිණි. හරිනිට නවදිල්ලි විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව දුන්නේ මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයය. ඇය නවදිල්ලි විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ලංකාවේ සිසුන්ට ප්‍රදානය කරන ශිෂ්‍යත්වය ක්‍රමයක් යටතේය. ඇය එන්.පී.පී. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට පත්වීමෙන් පසු ඇගේ මේ ඉන්දීය සම්බන්ධය වැඩිදියුණු කරගත්තාය. එන්.පී.පී. නායක අනුර කුමාර දිසානායකට ඉන්දියාවේ සංචාරයකට ආරාධනා ලැබෙන්න එක් හේතුවක් වන්නේ හරිනි සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය අතර පැවැති සමීප සම්බන්ධයය.
අනුරට ඉන්දියාවට ගොස් විදේශ ඇමැති සහ ජාතික ආරක්ෂක උපදේශක හමුවෙන්න ලැබෙන අවස්ථාව එන්.පී.පී. එකට ලැබුණු ජයග්‍රහණයකි. ඒ වෙනකොට අනුර ලංකාවේ ජනප්‍රිය නායකයකු වූවාට ඔහු රාජ්‍ය නායකයෙක් ලෙස පිළිගෙන තිබුණේ නැත. ඉන්දියාවෙන් ඔහුට ලැබුණු ආරාධනාව නිසා මෙරට ඉහළ මධ්‍යම පන්තිය සහ පාවෙන ඡන්දදායකයන් අනුරට ඊළඟ ජනාධිපති වීමට තිබෙන හැකියාව ගැන ධනාත්මක මතයක් ඇතිකර ගත්හ. එතෙක් ඔවුන් අනුර තමන්ගේ ප්‍රශ්න ගැන කතා කරන නායකයෙක් ලෙස දුටුවත් ඔහුට රාජ්‍ය නායකයෙක් විය හැකිද යන්න ගැන සැකයක් තිබිණි. ඉන්දියාව ඒ අඩුව පුරවමින් ඔහුව රාජ්‍ය නායකයකුට සුදුසු අයෙක් ලෙස තමන් පිළිගන්නා බව වක්‍රව පෙන්නුවේය.
මීට පෙර ඉන්දියාවේ බලයේ සිටි කොංග්‍රස් ආණ්ඩු මෙන්ම වජ්පායිගේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවද ලංකාවේ විපක්ෂ නායකයන්ට ඉහළ පිළිගැනීමක් ලබාදී තිබිණි. හොඳම උදාහරණය 1993 එවක ඉන්දීය ආරක්ෂක ප්‍රධානියකු වූ ඩික්සිත් චන්ද්‍රිකාට ඉන්දියාවට ආරාධනා කොට තිබිණි. 1994ට පසු කොංග්‍රස් ආණ්ඩුත් භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව විපක්ෂ නායක රනිල්ව ඉන්දියාවට ගෙන්වා ඉන්දීය අගමැති හමුවීමට අවස්ථාව ලබාදුන්හ. 2002-2004 රනිල්ගේ ආණ්ඩු කාලයේ විපක්ෂයේ නියෝජිතයන් ඉන්දියාවට ගොස් ඉන්දීය නායකයන් හමුවිය. 2015-2019 මෛත්‍රී-රනිල් ආණ්ඩු කාලයේ විපක්ෂ නායක ලෙස මහින්ද ඉන්දියාවට ගොස් ඉන්දීය අගමැති මෝදි හමුවිය.
එහෙත් 2019ට පසු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසු ඉන්දියාවෙන් එවැනි ආරාධනාවක් ලැබුණේ නැත. රනිල් පවසා තිබුණේ සජිත්ට ආරාධනාවක් ලැබී ඔහු ගියේ නැති බවය. කෙසේ හෝ සජිත්ට පෙර අනුර ඉන්දියාවට ගොස් ඉන්දීය විදේශ ඇමැති හා ජාතික ආරක්ෂක උපදේශක හමුවීම හරහා ලංකාවට ගිය පණිවුඩය වූයේ ලංකාවේ ඊළඟ ජනාධිපති සජිත් නොව අනුර බව ඉන්දියාවද පිළිගෙන ඇති බවය. වෙනත් වචනවලින් කියනවා නම් සජිත් විපක්ෂ නායක වුණාට ඉන්දියාව අනුර විපක්ෂ නායක ලෙස පිළිගන්නා බවය.
ජනාධිපති ධුරය දක්වා අනුරගේ දේශපාලන ගමනේ ලොකුම කඩඉම ඔහුගේ මේ ඉන්දියානු සංචාරයය. ඉන් පසු ඔහුව හමුවීමට ලංකාවට පැමිණෙන විදේශ නියෝජිතයන්, අයි.එම්.එෆ්. නියෝජිතයන් උනන්දු වූහ. ඔහුට ඒ අවස්ථාව උදාකර දුන්නේ ඉන්දියාවය. තමාට ඉන්දියාව ලබාදුන් ඒ අවස්ථාව ගැන අනුරගේ තක්සේරුව කුමක්ද? අනුර ඒ සඳහා ඉන්දියාවට කෘතගුණ දක්වයිද යන්න කීමට තවම කල් වැඩිය.
- මව්රට
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..