ජවිපෙ සහ ජාතික බලවේග අතර ගැටුමක් නැහැ... ඒත් මාලිමාව සහ ජාතික බලවේග අතර ගැටුම් පැවතිය හැකියි... 13 සම්පූර්ණයෙන්ම බලාත්මක නොකිරීමට පැහැදිලි ප්‍රතිඥාවක් ලබා දෙන්න - ආචාර්ය ගුණදාස අමරසේකරගෙන් ජනපතිට ලිපියක්
වර්තමාන ජනාධිපතිවරයා වෙත පැවරී ඇති ඓතිහාසික වගකීම සඳහා ඡන්දය දුන් ජනතාවගේ සැබෑ අපේක්ෂාවන් වෙනුවෙන් ජාතික සංවිධාන එකමුතුව පෙනී සිටින බව එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකරමින් ඒ මහතා පවසන්නේ අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ඇති ජනතා විමුක්ති පෙරමුණ නමැති දේශපාලන ව්‍යාපාරය විසින් ගොඩනගා ඇති අතීත උරුමය සහ ජාතික බලවේගවල අපේක්ෂා අතර ගැටුමක් නැති නමුත් ජාතික ජනබලවේගය නමැති ව්‍යාපාරයට වෙනත් කඳවුරුවලින් සම්බන්ධ වී හෝ සම්බන්ධ කර ඇති පුද්ගලයන් සහ ජාතික බලවේග අතර ගැටුම් පැවතිය හැකි බවයි.
මේ නිසා ලිඛිත ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කුමක් සඳහන් වුවත් ඒවා පක්ෂයේ ඓතිහාසික උරුමයට සහ මහජන අපේක්ෂාවලට සාපේක්ෂව විග්‍රහකර ගන්නැයි එම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
කොන්දේසි පැනවීමක් නොවන නමුත් ජනතාව වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරන බව සඳහන් කරන ගුණදාස අමරසේකර මහතා, සියලු ජන කොටස්වලට සමානව සැලකීම සහතික කරන අයිතිවාසිකම් කොමිසමක් හඳුන්වා දෙන ලෙසද, 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක නොකිරීම සහ ඊට අදාළව පැහැදිලි ප්‍රතිඥාවක් ඡන්දදායකයින්ට ලබාදෙන්නට කටයුතු කරන්නැයි ද ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව විවිධ ජාත්‍යන්තර ආයතන සහ බලවේග විසින් එල්ල කරන යුද අපරාධ චෝදනා නිශේධනය කිරීමට ස්වභාවික යුක්තිය නාමයෙන් ප්‍රති උත්තර බඳින ලෙසද එහි යෝජනා කර ඇත.
සෝෆා ගිවිසුමට එකඟතාව පළකිරීම මගින් ශ්‍රී ලංකාව නමැති ස්වාධීන රාජ්‍යය අමෙරිකානු හමුදාවන්ට සේවා සපයන දූපතක් බවට පත්කිරීමේ මහා පවාදීමට ඉඩ නොතබන ලෙසද, එට්කා ගිවිසුම අත්සන් කර ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කිරීමෙන් වළකින ලෙස ද එම ලිපිය මගින් ඉල්ලා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්